හැබැයි දැන් මේ සැණකෙළිය අස්සේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැතිරෙන අමුතුම "පෙම්වති සංස්කෘතියක්" ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි අවධානය යොමුවෙලා තියෙනවා.
අලුත්ම වාර්තා පවසන විදිහට, තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් ගමන් කරන නිල බස් රථයේ පවා පෙම්වතියන් ගමන් කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා සුපිරි හෝටල් කාමරවලම මොවුන්ටත් නවාතැන් පහසුකම් ලැබීම දැන් "ට්‍රෙන්ඩ්" එකක් වෙලා.
ක්‍රීඩාවට දිය යුතු අවධානය වෙනතකට යොමුවීම.
ක්‍රීඩකයන් හමුවීමට එන මේ පෙම්වතියන් හරහා ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් ක්‍රීඩකයන් වෙත ළඟා වීමේ දැඩි අවදානමක් පවතින බව බුද්ධි අංශ පවා පෙන්වා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේදී ලැබූ අමිහිරි පරාජයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ඉන්නේ සෑහෙන්න තදින්. මීට පෙර ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට සහ දරුවන්ට පවා විදේශ සංචාරවලදී හමුවීමට තිබූ කාලය සති දෙකකට සීමා කෙරුණා.
"කලින් IPL තරගවලදී පෙම්වතියන්ට හෝටල්වල ඉන්න අවසර තිබුණේ නැහැ. ඒත් දැන් ඒක විලාසිතාවක් වෙලා. මේ පෙම්වති සංස්කෘතියෙන් ක්‍රිකට් ක්‍රීඩාව බේරගන්න දැඩි නීති ගේන්න කාලය හරි," යනුවෙන් ඉන්දීය ක්‍රිකට් නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබුණා.
ඉදිරියේදී ක්‍රීඩකයන්ගේ පෙම්වතියන්ට හෝටල් පරිශ්‍රයට ඇතුළු වීමට පවා විශේෂ අවසර පත්‍ර හෝ දැඩි සීමා පැනවීමට නියමිතයි. පිටිය මැද හයේ පහරවල් ගහන ක්‍රීඩකයන්ට, දැන් තමන්ගේ පෙම්වතියන් එක්ක "චැට්" එකක් දාන්නත් BCCI එකෙන් පර්මිෂන් ගන්න වෙයි වගේ!