රංගනයෙන්, ගායනයෙන් වගේම නර්තනයෙනුත් අසමසම දක්ෂතා දක්වන සජිත, මේ දවස්වල මුළු අන්තර්ජාලයම තමන්ගේ පැත්තට හරවාගෙන ඉන්නේ ඔහුගේ කලා කටයුතු නිසාම නෙවෙයි. ඒ, ඔහුගේ සොඳුරු කැදැල්ලේ ආදරණීය තොරතුරු නිසයි.
පසුගිය දින කිහිපය පුරාම සජිත සහ බුවී තමන්ගේ ආදරණීය ජීවිතයේ සුන්දරම මොහොතවල් කිහිපයක් ඡායාරූප මාර්ගයෙන් මුහුණුපොතට මුදා හැරලා තිබුණා. දකින ඕනෑම කෙනෙකුගේ හිත සතුටින් පුරවන මේ පින්තූරවලින් පේන්නේ ඔවුන් අතර තියෙන බැඳීමේ ශක්තිමත් බවයි.
බබාලා දෙන්නත් එක්ක හරිම විනෝදයෙන්, සැහැල්ලුවෙන් ගත කරන මේ මොහොතවල් වලට රසිකයන්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්.
අපි කවුරුත් දන්නා පරිදි සජිත අනුත්තර කියන්නේ පිය උරුමයෙන් ආපු කලාවටත් එහා ගිය, තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගත් දක්ෂයෙක්. සැබෑ ජීවිතයේදී ආදරණීය සැමියෙක් සහ සෙනෙහෙබර පියෙක් ලෙස තමන්ගේ භූමිකාව උපරිමයෙන් ඉටු කරන අයුරු ඇත්තටම අගය කළ යුතුයි.
මුහුණුපොත පුරා සැරිසරන ඔවුන්ගේ මේ සොඳුරු සේයාරූ පෙළ පහතින් නරඹන්න.