මේ නිසා කොමඩු මිලත් සෑහෙන්න බැස්සා. හැබැයි දැන් ලැබෙන අලුත්ම වෛද්‍ය වාර්තා කියන්නේ මේක කොමඩු ප්‍රශ්නයක් නෙවෙයි, ඊට වඩා ලොකු අභිරහසක් කියලා!
අබ්දුල්ලා (45) කියන ව්‍යාපාරිකයා, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඥාතීන් එක්ක සතුටින් කෑම කාලා තියෙනවා.
පාන්දර 1.00ට විතර තමයි ඔවුන් මේ පැණි කොමඩු අනුභව කරලා තියෙන්නේ. හැබැයි පාන්දර 5 වෙද්දී හතර දෙනාටම වමනය සහ පාචනය හැදිලා, පැය කිහිපයක් ඇතුළත හතර දෙනාම අවසන් ගමන් ගිහින්.
මේ මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරුන් පවා පුදුම වුණු දෙයක් වාර්තා වෙලා තියෙනවා.
මියගිය අයගේ මොළය, හෘදය සහ අන්ත්‍ර ඇතුළු ඉන්ද්‍රියයන් කොළ පැහැයට හැරී තිබුණාලු! සාමාන්‍ය ආහාර විෂ වීමකදී මෙහෙම වෙන්නේ නැති බවයි වෛද්‍යවරු කියන්නේ.
ඒ කියන්නේ මේක කොමඩු වල වරදක් නෙවෙයි, ශරීරගත වුණු දරුණු විෂ වර්ගයක ප්‍රතිඵලයක්!
පරීක්ෂණවලදී පවුලේ ප්‍රධානියා වුණු අබ්දුල්ලාගේ සිරුරේ තිබී 'මෝෆීන්' (Morphine) නමැති ප්‍රබල වේදනා නාශකය හමු වෙලා තියෙනවා.
මෙය ඔහු ලබාගත්තේ ඇයි? එදින රාත්‍රියේ ඔවුන් සමඟ ආහාර ගත් අනෙක් ඥාතීන් පස්දෙනාට කිසිම අසනීපයක් නොවීමත් මේක ලොකු සැකයක් ඇති කරනවා.
පොලිසිය දැන් සැක කරන්නේ මේ පවුල කිසියම් මානසික පීඩනයකින් හිටියාද කියන එකයි. මෙය කිසියම් කෙනෙකු විසින් කළ සැලසුම් සහගත වැඩක්ද නැත්නම් වෙනත් හේතුවක්ද කියලා දැනගන්න මියගිය අයගේ ශරීර කොටස් රසායනාගාර වෙත යවා තිබෙනවා.