විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් සටහන් වී ඇති බවයි.
අලුයම සිදුවූ මෙම ප්‍රබල කම්පනයත් සමඟ ජනතාව කලබලයට පත්වුවද, වාසනාවකට මෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් වාර්තා වී නොමැත. ජපාන බලධාරීන් සඳහන් කරන්නේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි.
භූමිකම්පාවත් සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ සුනාමි අවදානමක් පවතීද යන්න පිළිබඳවයි. කෙසේ වෙතත්, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කළේ මෙම කම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගුණු බවයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන පරිදි, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු (Sarabetsu) නගරයට කිලෝමීටර් 18ක් බටහිරින් පිහිටා ඇත. එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 81ක් ගැඹුරින් සිදුවී තිබීම හානිය අවම වීමට හේතුවක් ලෙස සැලකේ.
මීට සතියකට පෙර ජපානයේ සිදුවූ ඒකක 7.7ක අති ප්‍රබල භූමිකම්පාව නිසා එරට ඊසානදිග වෙරළ තීරය දැනටමත් අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත. ඉදිරියේදී තවත් දැවැන්ත භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් මීට පෙරද අනතුරු අඟවා තිබුණි.