ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙමින් නිකුත් කළ ඒ උපදෙස් මෙන්න.
ලියාපදිංචිය අනිවාර්යයි!
ඔබ පවත්වන ඕනෑම දන්සැලක් අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුමයි. එහිදී සංවිධායකයන්ගේ නම්, ලිපිනයන් සහ දුරකතන අංක ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.
PHI මහත්වරුන්ගේ පරීක්ෂාව
දන්සැල ආරම්භ කිරීමට පෙර වගේම එය අවසන් වූ පසුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ස්ථානය පරීක්ෂා කරනු ලබනවා. එහිදී 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනවාද යන්න විශේෂයෙන් සොයා බැලෙනු ඇති.
ජලය සහ පිරිසිදුකම
ආහාර පිළියෙල කිරීමට හැකි සෑම විටම ජල සම්පාදන මණ්ඩලයේ ජලය භාවිතා කරන්න. නැතිනම් ආරක්ෂිත ජල මූලාශ්‍රයක්ම තෝරාගන්න. දන්සැලේ ආහාර අනුභව කරන අයට අත් සේදීම සඳහා ජල පහසුකම් සහ සබන් හෝ පිරිසිදුකාරක සැපයිය යුතුයි.
ආහාරවල ගුණාත්මකභාවය (පැය 4 සීමාව)
සෞඛ්‍ය අංශ අවධාරණය කරන වැදගත්ම කරුණක් වන්නේ, ආහාර පිළියෙල කිරීම සහ එය බෙදා දීම අතර කාලය පැය 04 කට වඩා වැඩි නොවිය යුතු බවයි. ආහාර නරක් වීම වැළැක්වීමට මෙය ඉතා වැදගත්.
කසළ කළමනාකරණය
දන්සැල පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානය වෙනකල්ම පරිසරයට හානි නොවන විදිහට නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් තිබීම අනිවාර්යයි.