Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
11
ඔවුන්ගේ මෙහෙයුම සාර්ථකයි.. දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම ජයග්‍රහණයේ සතුට සමරද්දී, ඔවුන් ගැන ඇසුණු ඒ විශේෂ ආරංචිය මෙන්න..

- ඔවුන්ගේ මෙහෙයුම සාර්ථකයි.. දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම ජයග්‍රහණයේ සතුට සමරද්දී, ඔවුන් ගැන ඇසුණු ඒ විශේෂ ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

දශක පහකට වැඩි කාලයකට පසු සඳ වෙත මිනිසුන් රැගෙන ගිය ප්‍රථම නාසා (NASA) මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වෙමින්, ආටිමිස් II (Artemis II) අභ්‍යවකාශ යානය සිකුරාදා සන්ධ්‍යාවේ පැසිෆික් සාගරයට සාර්ථකව පතිත වුණා. 


ගගනගාමීන් සිව්දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම දින 10ක සඳ වටා සංචාරයකින් පසු නිරුපද්‍රිතව පෘථිවියට පැමිණීම විශේෂත්වයක්.

මේ සමගම දින 9යි, පැය එකයි, විනාඩි 32කයි, තත්පර 15ක් පුරා සඳ වටා කිලෝමීටර් එකළොස්ලක්ෂ 17,659ක දුරක ගමන් කළ මෙම ඓතිහාසික මෙහෙයුම මධ්‍යම සම්මත වේලාවෙන් (CST) සිකුරාදා පස්වරු 7:07 ට ආටිමිස් යානයේ 'ඉන්ටෙග්‍රිටි' (Integrity) කැප්සියුලය සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පැමිණියා.

වායුගෝලයට ඇතුළු වන විට යානය පැයට සැතපුම් 25,000ක වේගයකින් ගමන් කළා.

පැරෂුට් මාලාවක් මගින් යානයේ වේගය පාලනය කරමින්, එය සාගරයට පතිත වන විට පැයට සැතපුම් 19ක් දක්වා අඩු කිරීමට නාසා ඉංජිනේරුවන් සමත්වුණා.

මෙම ඓතිහාසික ගමන සඳහා නාසා ආයතනයේ තිදෙනෙකු සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ එක් අයෙකු ඇතුළත් වුණා.

රීඩ් වයිස්මන් (Reid Wiseman), වික්ටර් ග්ලෝවර් (Victor Glover), ක්‍රිස්ටිනා කොක් (Christina Koch), ජෙරමි හැන්සන් (Jeremy Hansen - කැනඩාව) ඒ අය අතර වුණා.

ගොඩබෑමෙන් පසු රාත්‍රී 8:30 ට පමණ කැප්සියුලයෙන් පිටතට පැමිණි ගගනගාමීන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. ඔවුන් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා 'USS John P. Murtha' නෞකාව වෙත ගුවන් මගින් රැගෙන ගියා.

නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් (Jared Isaacman) ප්‍රකාශ කළේ මෙය හුදෙක් එක් වරක් පමණක් සිදුවන සිදුවීමක් නොවන බවයි.

"අපි නැවතත් ගගනගාමීන් සඳ වෙත යැවීමේ ව්‍යාපාරයට පිවිස සිටිනවා. මෙය ආරම්භයක් පමණයි. මෙතැන් සිට ඉදිරියට සඳ මත ස්ථිර කඳවුරක් ඉදි කිරීම දක්වා වූ මාවත විවෘත වෙනවා."

මෙම අවස්ථාව නැරඹීම සඳහා කැලිෆෝනියාවේ කොලොම්බියා අනුස්මරණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Columbia Memorial Space Center) ඇතුළු ස්ථාන රැසක සජීවී විකාශන සංවිධානය කර තිබූ අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම ජයග්‍රහණය සැමරීම විශේෂත්වයක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top