ඒ කියන්නේ මේ එන සතියේ ඉඳන් රජයේ සේවකයින්ට බදාදා දවසෙත් වෙනදා වගේම සාමාන්‍ය විදියට කාර්යාලයට යන්න සිද්ධ වෙනවා.
ඇයි මේ නිවාඩුව දුන්නේ, ඇයි දැන් එකපාරටම කපන්නේ කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති.
මතකනේ පහුගිය කාලේ ඉරාන - ඇමෙරිකා යුද ගැටුම් එක්ක අපේ රටෙත් ලොකු ඉන්ධන අර්බුදයක් ආවා.
අන්න ඒ වෙලාවේ තෙල් ටික ඉතුරු කරගන්න තමයි රජයේ කාර්යාලවලට මේ බදාදා නිවාඩුව දුන්නේ.
හැබැයි දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙන නිසා, ආපහු පරණ විදියටම වැඩකටයුතු කරගෙන යන්න තීරණය කරලා තියෙනවා.
කොහොම වුණත් සතිය මැද ගෙදරට වෙලා විවේකයක් ගත්තු රජයේ සේවකයින්ට නම් මේක ටිකක් කණගාටුදායක ආරංචියක් වේවි!