Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
05
Platinum Excellence Awards 2026 උළෙලේදී හිරුට සම්මාන රැසක්

- Platinum Excellence Awards 2026 උළෙලේදී හිරුට සම්මාන රැසක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views

Platinum Excellence Awards - 2026 විශිෂ්ටතා සම්මාන උළෙල මේ වන විට 'City of Dreams' හෝටල් ප්රිශ්‍රයේදී මහත් හරසරින් පැවැත් වුණා.


එහිදී මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ සම්මාන 40කට අධික ප්‍රමාණයක් දිනා ගැනීමට හිරු මාධ්‍ය ජාලය සමත් වීම විශේෂත්වයක්.

එහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී නාලිකාව ලෙස හිරු නාලිකාව (HIRU TV) සම්මානයෙන් පිදුම් ලැබුවා.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති සන්නාමයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට HIRU NEWS සමත් වුණා.

එමෙන්ම වසරේ වඩාත්ම බලගතු මාධ්‍ය වේදිකාවේ විශිෂ්ටත්වය සඳහා වන සම්මානය Hirunews.lk, Hirutv.lk, Hirufm.lk, Hirugossip.lk හිමිකර ගත්තා.

ජනප්‍රියම රියැලිටි වැඩසටහන් විශිෂ්ටත්ව සම්මානය - Hiru TV - Hiru Star වෙත හිමිවුණා.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී 3D / ඩිජිටල් සජීවකරණය වෙනුවෙන් වන සම්මානයෙන් පිදුම් ලැබුවේත් හිරු නාලිකාව (HIRU TV) යි.

වසරේ විශිෂ්ටතම පුවත් කතුවැකි ඉදිරිපත්කිරීමේ වැඩසටහනට ලෙස - Hiru TV - පත්තරේ විස්තරේ වැඩසටහන සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ විශිෂ්ටතම අධ්‍යාත්මික සහ සංස්කෘතික සන්නිවේදනය සහිත වැඩසටහන් ලෙස - හිරු ශාක්‍යසිංහ මංගල්‍යය/ හිරු ශ්‍රද්ධාභිවන්දනා සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ විශිෂ්ටතම සංස්කෘතිකමය වින්දනාත්මකභාවය සහිත රූපවාහිනී සංගීත නිෂ්පාදනය සඳහා වන සම්මානය - HIRU TV - ජාන වැඩසටහන හිමිකර ගත්තා.

වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයට හිමි සම්මානය - HIRU TV - CIA වෙත හිමිවුණා.

එමෙන්ම වසරේ විශිෂ්ටතම සංගීත විනෝදාස්වාදය රැගත් වැඩසටහන - HIRU TV - සනුහරේ සම්මානයෙන් පිදුම් ලැබූ අතර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස - HIRU TV - පාට කුරුල්ලෝ සම්මානයෙන් පිදුම් ලැබුවා.

විශිෂ්ටතම ප්‍රචාරණ පෞරුෂය සහිත ගුවන්විදුලි නාලිකාව ලෙසින් පුදුම් ලැබුවේ - SUN FM ගුවන්විදුලි නාලිකාවයි.

එමෙන්ම වසරේ විශිෂ්ටතම සංස්කෘතිකමය වින්දනාත්මකභාවය සහිත රූපවාහිනී සංගීත නිෂ්පාදනය - HIRU TV - ජාන වැඩසටහන සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ ඩිජිටල් සම්බන්ධීකරණයේ විශිෂ්ටත්වයට හිමි සම්මානය හිමිවූයේ - Hiru TV - TikTok වෙතයි.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ගවේෂණාත්මක මාධ්‍යකරණය සඳහා වන සම්මානය - HIRU TV වෙනුවෙන් චමුදිත සමරවික්‍රම හිමිකර ගත්තා.

වසරේ විශිෂ්ටතම දමිල ගුවන් විදුලි නාලිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ Sooriyan FM නාලිකාවයි.

එමෙන්ම වසරේ හොඳම උදෑසන ගුවන් විදුලි වැඩසටහනට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ - Hiru FM අරා පැස්බරා වැඩසටහනයි.

වසරේ වඩාත් ජනප්‍රිය කාන්තා මාධ්‍යය පෞරුෂයට (සිංහල) හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූයේ HIRU NEWS වෙනුවෙන් රෝෂිණී විජේසූරියයි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ HIRU TV - පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයි.

වසරේ වඩාත් ජනප්‍රිය නිලිය ලෙසින් මෙවර Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේ පාට කුරුල්ලෝ වෙනුවෙන් පියුමාලි එදිරිසිංහයි.

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිෂ්පාදක ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ HIRU TV - පාට කුරුල්ලෝ වෙනුවෙන් චාමර සමරවික්‍රමයි.

වසරේ විශිෂ්ටතම නාට්‍යමය කලාත්මකභාවය වෙනුවෙන් පිරිනමනු ලබන සම්මානය දිනා ගැනීමට සමත් වුණේ රොන් සොයා ටෙලිනාට්‍ය වෙනුවෙන් තාරුකා වන්නිආරච්චියි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ හිරු ටීවී වෙනුවෙන් මධුෂාන් ද සිල්වායි.

එමෙන්ම වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නා හිරු ටීවී පොඩි වැඩ්ඩෝ වෙනුවෙන් ගිහාන් ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබූ අතර
වසරේ වඩාත් ජනප්‍රියම සති අන්ත ටෙලි නාට්‍යය ලෙස HIRU TV විකාශය වූ ඔබ එන්න ඇවිත් යන්න ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

එසේම වසරේ විශිෂ්ටතම රූපවාහිනී ටෙලි නාට්‍ය මාලාව ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ HIRU TV ඔස්සේ විකාශය වූ රොන් සොයා ටෙලි නාට්‍යයි.

එමෙන්ම වසරේ ජනප්‍රියම ශ්‍රාවක තේරීමට හිමි විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට Hiru FM සමත් වුණා.

වසරේ විශිෂ්ටතම ළමා කුසලතා සහ විනෝදාස්වාද වැඩසටහන ලෙස හිරු ටීවී පොඩි වැඩ්ඩෝ වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.

වසරේ විශිෂ්ටතම එළිමහන් සංගීත වැසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ Hiru Mega Blast වැඩසටහනයි.

වඩාත් ජනප්‍රිය නලුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ පාට කුරුල්ලෝ වෙනුවෙන් සජිත ඇන්තනීයි.

එමෙන්ම වඩාත් ජනප්‍රිය නැගී එන නලුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් දේවින්ද වික්‍රමසිංහයි.

වසරේ විශිෂ්ටතම ජ්‍යොතිෂ වැඩසටහනට හිමි සම්මානය - Hiru TV ඔස්සේ විකාශනය වන වින්දනීය උදෑසන වැඩසටහනට හිමිවුණා.

Platinum Excellence Awards 2026: වසරේ විශිෂ්ටතම ඩිජිටල් විකාශනයට හිමි සම්මානය දිනා ගැනීමට HIRU TV - Youtube නාලිකාව සමත් වුණා.

වසරේ විශිෂ්ටතම දේශපාලන වැඩසටහන සඳහා වන සම්මානය දිනා ගත්තේ HIRU TV - සලකුණ වැඩසටහනයි.

එමෙන්ම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේ විශිෂ්ටතම ඉංග්‍රීසි ගුවන් විදුලි විකාශය සහ ශ්‍රාවක සහභාගීත්වය සඳහා වන සම්මානය දිනාගනු ලැබුවේ Gold FM නාලිකාවයි.

වසරේ විශිෂ්ටතම ගීතවත් ගුවන්විදුලි විනෝදාස්වාදය සහ භාවාත්මක අන්තර්ගතය හිමි වැඩසටහන - SHAA FM - සිංදු කාමරේ වැඩසටහනට හිමිවුණා.

වසරේ විශිෂ්ටතම සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හිමි සම්මානය - HIRU TV ජාන වැඩසටහන වෙනුවෙන් සජිත ඇන්තනී හිමිකර ගත්තා.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ගුවන්විදුලි විනෝදාස්වාදය සහ තාරුණ්‍යයේ සහභාගීත්වය පිළිබඳ සම්මානය - HIRU FM - පටිරෝල් වැඩසටහන හිමිකර ගැනීමට සමත් වුණා.

වසරේ විශිෂ්ටතම ජවසම්පන්න ගුවන් විදුලි වැඩසටහන්කරණයට හිමි සම්මානය හිමි වුණේ Shaa FM ගුවන්විදුලි නාලිකාවටයි.

විශිෂ්ටතම ප්‍රේක්ෂක ආකර්ෂණය සඳහා ඩිජිටල් අවකාශයේ ඉහළම ප්‍රවර්ධනය වෙනුවෙන් වන සම්මානය Hiru TV - Facebook Page හිමිකර ගැනීමට සමත් වුණා.

Platinum Excellence Awards 2026 සම්මාන උලෙලේ වසරේ විශිෂ්ටතම කලාව, සමාජ මෙහෙවර සහ යොවුන් සවිබල ගැන්වීමට හිමි සම්මානය HIRU TV රොන් සොයා වැඩසටහන වෙනුවෙන් මිෂෙල් දිල්හාරාට හිමිවුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top