තරුණ පරපුර අතර වගේම සමාජ මාධ්‍ය තුළත් නිතරම කතාබහට ලක්වන ඔහු, පසුගිය 04 වැනිදා තමන්ගේ උපන්දිනය හරිම අපූරු විදියට සමරලා තිබුණා.
මේ උපන්දින සාදයේ විශේෂත්වය වුණේ ලංකාවේ ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ ගුරුවරුන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමයි. ගුරු තරු රැසකින් එකලු වුණු මේ සාදය හරිම උත්කර්ෂවත් විදියට පවත්වා තිබුණා.
උපන්දිනය වෙනුවෙන් අකිල විමංග සහ ඔහුගේ සහකාරිය ඉතාමත් ආකර්ෂණීය සහ ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා. කළු පැහැති විලාසිතාවකින් සැරසුණු ඇය සහ ලා පැහැති කමීසයකින් සැරසුණු අකිලගේ මේ ඡායාරූප පෙළ මේ වන විට සමාජ මාධ්‍යවල කාගේත් අවධානය දිනාගෙන අවසන්.
පහතින් බලන්නකෝ එදා ගත්ත ඒ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක්.
