Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
03
සුබ - අසුබ තැන් හරියටම ගලපා ගන්න.. 20 පොරොන්දමේ එන නාඩි පොරොන්දම ගැන ඔබ නොදත් කතාවක් මෙන්න..

- සුබ - අසුබ තැන් හරියටම ගලපා ගන්න.. 20 පොරොන්දමේ එන නාඩි පොරොන්දම ගැන ඔබ නොදත් කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,346 Views

මොකද්ද මේ නාඩි පොරොන්දම කියන්නේ..?

20 පොරොන්දමේ එන එක අංගයක් වෙන මේ ගැන ඔබත් හරියටම දැනගන්න කැමැත්තෙන් ඇති. මේ කියන්නේ අන්න ඒ ගැනයි.


පොරොන්දම් විවිරණයේදී නාඩි පොරොන්දම විශේෂ පොරොන්දමක්. මධ්‍ය නාඩි, පූර්ව නාඩි, අන්ත්‍ය නාඩි වශයෙන් ඒ ඒ නැකත්වලට නාඩි තුනක් දක්වා තිබෙනවා. මෙය යුවතිපති දෙදෙනාගේ වා, පිත්, සෙම් යන ශාරීරික තත්ත්වයන්ට සමකර ඒ දෙදෙනාගේ "නහර ශක්තිය" පිළිබඳ කෙරෙන විමසුමක්. මෙය එම තත්ත්වය හරහා ගැඹුරට විමසුම් කරනවිට පෙනෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන චරිතාංග තුනයි.

ලෝකයේ මිනිසුන් සෑම කෙනෙක්ම මෙම ලක්ෂණ තුනෙන් එකක චරිතයක් වන බවත් සමහර පිරිස් මේ කරුණු තුනම මිශ්‍රව පවතින බවක් පෙන්වයි. ඒ අනුව ලෝභ මූලික සිතේ ද්වේෂයක් මෝහයක් ඇත. ද්වේෂ මූලික සිතේ ලෝභයත් මෝහයත් ඇති අතර, ලෝභ යනු ආශාය, ඇලීම, තණ්හාව යන්නයි.

ද්වේෂ යනු කේන්ති, තරහ, වෛර, ඉරිසියා යන්නයි. මෝහ යනු මෝඩකම යන්නය. එවිට පූර්ව නාඩි යනු තණ්හාව යන්නය. මධ්‍ය නාඩි වනු ද්වේශ යන්නයි. අන්ත්‍ය නාඩි වනු මෝහ යන්නය. මේවා සතර මහා භූත වශයෙන් ගත්විට පූර්ව නාඩි යනු වාතයට අයිති වෙනවා. මධ්‍ය නාඩි තේජෝ ධාතුවට අයත් වෙනවා. අන්ත්‍ය නාඩි වනු ආපෝ ධාතුවට අයත් වෙනවා. එය වා, පිත්, සෙම් වන්නේ එම අයුරින්.

වාතය හෙවත් පූර්ව නාඩිය ලෝභ යන්නය. මධ්‍ය නාඩි හෙවත් පිත් යන්න තේජෝ හෙවත් ගින්දර යනු කේන්ති, තරහ, වෛර, ඉරිසායා නම් වූ ද්වේෂ නම් වේ. අන්ත්‍ය නාඩි හෙවත් ආපෝ ධාතුව මෝහ නම් වේ. මෙසේ දෙදෙනකුගේ විවාහයකට මේ නාඩි පොරොන්දමෙන් බලන්නේ මේ දෙදෙනාගේ සිත් තුළ ඇති ලෝභ, ද්වේෂ, මෝහ යන මනෝ සංකීර්ණතා තුනේ යහපත් ගැළපීම ඇද්ද යන්නය. මෙහිදී ඔබට අන්ත්‍ය නාඩි හෙවත් ආපෝ ධාතුව නම් වූ මෝහ යන්න විස්තර කරමි. මෝහ යනු මෝඩකම යන්නය. මධ්‍ය නාඩි ඇති කෙනෙක් සමග අන්ත්‍ය නාඩි ඇතිකෙනාගේ විවාහ ජීවිතය යහපත්ය. විශේෂයෙන් අන්ත්‍ය නාඩි ඇති කෙනා පූර්ව, මධ්‍ය කියන නාඩි ඇති අයට ගැළපීම පවතී.

මධ්‍ය නාඩි ඇති කෙනා කේන්ති, තරහ යන ද්වේශ ගණයට වැටේ. අන්ත්‍ය නාඩි යනු මෝහ යන්නය. එනම් මෝඩකම යන්නය. එනිසා අන්ත්‍ය නාඩි ඇති කෙනා නිතරම මධ්‍ය නාඩි කෙනාට පක්ෂව සිටී. මෙය කුමන ආකාර වූ පක්ෂවීමක් දැයි බලන්න. ගේ හදන්න ණයක් ගත්ත වෙලාවේ මධ්‍ය නාඩි හිමිකරුවා මෙසේ යෝජනාවක් කරයි. අපි ඉස්සෙල්ලා ෆ්‍රිජ් එකක් අරන් ඉදිමු. ඊටපස්සේ ගේ වැඩ පටන්ගමු. එවිට අන්ත්‍ය නාඩි (මෝහ - මෝඩකම) හිමියා එයට කැමති වෙයි. මේ අන්දමේ සමගාමි වීමක් පවතී.

පූර්ව නාඩි ඇති කෙනාත් අන්ත්‍ය නාඩි ඇති කෙනාත් අතර ද යහපත් සම්බන්ධතාවය පවතී. එසේම පූර්ව නාඩි ඇති කෙනාත් මධ්‍ය නාඩි ඇති කෙනාත් අතර පවතින සම්බන්ධතාවය ද යහපත් වෙයි. නමුත් පූර්ව නාඩි පුරුෂයාටත් පූර්ව නාඩි ස්ත්‍රියටත් හිමිවීම ඉතාමත් අසුබය. එසේ වූ විට දෙදෙනාගේ අදහස් සම නොවී යයි. මෙම සම නොවී යෑම දෙදෙනාට එක තැන ජීවත්වීමට පවා අපහසු කරයි. එක්කෙනකුගේ වචන අදහස් අනෙකාට සම නොවේ. සුළු වැරදීම්වලින් පවා පිටවී යෑමට බලයි.

එසේම මධ්‍ය නාඩි පුරුෂයාටත් එම නාඩියම ස්ත්‍රියටත් ඇත්නම් එම විවාහය ද අසාර්ථකය. ඇත්ත නැත්ත දෙදෙනාට ම නොවැටහේ. එකෙක් සත්‍ය පැවැසුවත් අනෙකා පිළිනොගනී. කල්පනා ශක්තිය අඩු වන බව කියා තිබේ. ඔවුන්ට ලැබෙන දරුවන්ගේ ද එවැනි පිහිටීම් ඇතිවන බව පැවසේ.

දෙදෙනාම අන්ත්‍ය නාඩි වූ විට දෙදෙනාම සෙම් රෝගයෙන් පෙළෙන බව කියා තිබේ. ආහාර පානවලට නිතර ලුණු මදි ගතිය ඇති කරයි. මේ දෙදෙනාගෙන් කෙනකුට රෝග පීඩාදිය වැඩිවෙයි. දෙදෙනාම දොස් කියා ගන්නා වාර අනන්තය. මේ විධියට පොරොන්දම් විමසීමේදී නාඩි පොරොන්දම ගැන සැලකිලිමත් විය යුතුය. මේවා ගැන නොසලකා හැරීම නිසා විවාහ පත්වන යුවළගේ ජීවිතයට එවැනි බලපෑම් මතුවී විවාහය අසාර්ථක විය හැක.

අස්විද, අද, පුනාවස, උතුරුපල්, හත, දෙට, මුල, සියාවස, පුවපුටුප යන නැකැත් 09 පූර්ව නාඩිවලට අයත්ය. බෙරණ, මුවසිරස, පුෂ, පුවපල්, සිත, අනුර, පුවසල, දෙනට, උත්‍රපුටුප යන නැකැත් 09 මධ්‍ය නාඩිවලට අයත්ය. කැති, රෙහෙණ, අස්ලිය, මා, සා, විසා, උතුරුසල, සුවණ, රේවතී යන නැකැත් 09 අයත් වන්නේ අන්ත්‍ය නාඩිවලටය.

මෙම නාඩි පොරොන්දම ඒ අනුව අත්‍යවශ්‍ය පොරොන්දමකි. ඒනිසා පොරොන්දම් බැලීමේදී මෙම ශාස්ත්‍රීය තත්ත්වයන් අනුව ගළපා ගතයුතුය.

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top