මේ කියන්න යන්නේ මොන වගේ කතාවක්ද..? තම මවට පවා බොරු කියා නිවසින් පැනගත් ඇය මේ ගිහින් තිබුණේ කොහේද..?
පාසලේ සම වයසේ මිතුරු මිතුරියන් සමඟ නගර මධ්‍යයේ ගසා ඇති අට්ටාලයේ සිට දිට්වා ආධාර එකතු කිරීමට යනවා යයි කියා නිවසින් පිටව ගිය සිය දියණිය හැබෑවටම ගොස් තිබෙන, අමුතුම ගමන, අමුතුම ආකාරයට සොයා ගත් මවක පිළිබඳව කතාවක් ඇසෙන්නේ තවත් එක් ග්‍රාමීය ප්‍රදේශයකින්.
මෙම යුවලට සිටි එකම දුව ඇයයි. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ දුවට මේ දෙන්න දෙමහල්ලන් ස්මාර්ට් දුරකතනයක් මිලදී ගෙන දුන්නේ හේතු කිහිපයක් මුල් කරගෙනයි. ඒ අතරින් හේතු දෙකක් ප්‍රධානයි. අධ්‍යාපන වැඩවලට එය පාවිච්චි කිරීම ප්රමුඛයි. අමතර පන්ති ගිය විට ඇය ඉන්න තැන මෙන්ම නිවසට එන වෙලාව දැනගැනීම දෙවැන්නයි. තමන් දෙන්නා සාමාන්‍ය පෝන් භාවිතා කළත් දුවට ස්මාර්ට් ෆෝන් එකක් අරන්දීම ගැන මේ දෙන්නා දෙමහල්ලන් සිටියේ ලොකු සතුටකින්. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූවාක් මෙන්ම උසස් පෙළ විභාගය උසස් ලෙස සිය දියණිය කර ගැනීමට මේ ස්මාර්ට් ෆෝන් එක ඇය උපයෝගී කොට ගනි වී යැයි සිතා ඔවුහු සතුටු වුණා..
එදා ඇය මවට වැද පස්වරුවේ නිවසින් පිටව නගරයට ගියේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට ආධාර එකතු කිරීමට ඒ සඳහා වූ නගර මධ්‍යයේ තනා ඇති අට්ටාලයට යන බව පවසා ය. ඇය එම ගමන ගියේ නගරයේ පාසලේ සම වයසේ මිතුරු මිතුරියන් මේ කාර්යයේ නිරතව සිටින බවද මවට පවසමිනි. මේ කුණාටුවෙන් රටටම වූ විපත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම කටකතා මාධ්‍ය ඔස්සේ දැනගත් මව නිවසේ නොසිටි පියාගේ ද අවසරය නොගෙන සිය දියණියට මේ සත් කාර්ය සඳහා යාමට අවසරය ලබා දුන්නේ එක පයින්මයි.
මේ දියණිය නිවසින් පිටවී පැයක් එක හමාරක් ගිය තැනේදී ඇයගේ මවට අසල්වාසී කතකගෙන් තොරතුරක් ලැබුණා. ඒ දියණිය තවත් පිරිමි ළමයකු සමඟ මුහුදු වෙරළේ සිටිනා බවයි. මේ මව එය කෙසේවත් නොපිළිගත්තා. එවිට මේ අසල්වාසී කත ඇයගේ ස්මාට් පෝන් එක ක්‍රියාත්මක කොට ඇය විනාඩි කිහිපයකට පෙර සිය ස්මාර්ට් දුරකතනයට දමා තිබූ ස්ටේටර්ස් එක පෙන්නුවා ය. මේ මවගේ දෙඇස් උඩගියේ එවිටයි. ඇය බොහෝ සෙයින් කලබල වුණා.
තමන්ගේ සාමාන්‍ය ජංගම දුරකතනයෙන් දුවට කතා කොට දොස් කියන්නට සැරසුණා. එසේ නොකරන ලෙස අවවාද කළ අසල්වාසී කත, මේ පුවත තමා කනේ තැබූ වගක් දුවට නොකියන්නට ද පොරොන්දු කරගෙන ගියා.
දුව එදා වෙනදා මෙන් මළ හිරු රැස් බැස ගෙන යන යාමේ නිවසට ගොඩවුණා. අද කොහේ ද ගියේ ඇය දුවගෙන් විමසුවා ය. ඇයි අම්මේ මම ගියේ දිවා ආධාර එකතු කරන්න නේ යයි දුව කීවා. දිට්වා ආධාර එකතු කරේ වැල්ලෙද මව ඇසූ විට දුවට තරු පෙනුණා. අම්මට කවුරුහරි බොරුවක් කියලා තියෙනවා යයි කියමින් ඇය ශුද්ධ වීමට පටන් ගත්තා. ඔව්, ඔව් ආධාර එකතු කරපු හැටි ගමේ එක එකාලා ෆෝන් අරගෙන ඇවිල්ලා මට පෙන්නුවා යැයි මව කීවා. මව එසේ කී විට දුවට කට උත්තර නැති වුණා.