ඒ ගැන හරියටම දැනගන්න. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.
ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා, රාජ්‍ය කාරකයා ලෙසින් හැඳින්වෙන රවි ග්‍රහයා තමාගේ මිත්‍ර රාශියක් වන කුජට අයත් වෘශ්චිකයට 2025.11.16 ප.ව. 3.37 ට ගෝචර වේ. එතැන් සිට රවි මසක පමණ කාලයක් රැඳී සිටී.
එම මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත්, කන්‍යා නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව ශනි ද පස්වැන්නේ වක්‍ර ලග්නාධිපති ගුරු ද, හයවැන්නේ කේතු ද, හත්වැන්නේ සිකුරු ද, නමවැන්නේ රවි, කුජ, බුධ ද මෙසේ ගමන්ගෙන තිබුණි. එදින හත නැකත පවතින අතර හත නැකත වනාහි පුල්ලිංග, කාලවර්ණ, තිය්‍යත්මුඛ තරු 5 කින් යුත් නැකතකි. එමෙන්ම තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති සිකුරුට අයත්ව ගමන් කිරීම මත තවදුරටත් කලාකරුවන්ට, කාන්තාවන්ට, ළදැරියන්ට අසුබතා ඇති කරයි. මේ මොහොත තුළ බුධ ග්‍රහයා ද වක්‍ර චලිතය තුළ නොවැ. 24 තෙක් ගමන් කිරීම මත සරසවි ආශ්‍රිත ගැටලු ඇති කරන බව පෙනෙන්නට තිබෙන අතර සමහර සිසුන්ට වෛරස් රෝගී තත්ත්වයන් ද ව්‍යාප්ත වන බව පෙනේ.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ කර්මස්ථානය හෙවත් දසවැන්න තුළ රවි ගෝචර වේ. සමහර රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට විරුද්ධව යම් යම් කුමන්ත්‍රණ ඇති වන මාසයක් ද වේ. වංචා දූෂණ මතුවන කාලයක් ද වේ. ගුරු ග්‍රහයා ද ලබන වසරේ මාර්තු තෙක් වක්‍ර චලිතයේ ගමන් කිරීම මත යම් යම් ක්ෂේත්‍රවල කඩාවැටීම් ද පෙන්නුම් කරයි. එමෙන්ම උද්ඝෝෂණ ද මෙම කාලය තුළ ප්‍රබලව දැක ගත හැක. කූඨ, කපටි, වංචාකාරයන් වැඩ පෙන්වන කාලයක් ද වේ.
ඒ අනුව රවිගේ වෘශ්චික රාශි ගතවීම ලග්න 12ට බලපාන ආකාරය කෙසේදැයි බලමු.
මේෂ ලග්නය
මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 5 අධිපති වෙමින් අටවැන්න තුළ රවි ගෝචර වේ. තමාගේ තත්ත්වයට, කීර්තිනාමයට හානි ඇති වන පුවත් අසන්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. එමෙන්ම ගින්න, විදුලිය වලින් ද ඔබ ප්‍රවේශම් විය යුතු කාලයක් ද වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට තරමක් දුරට උනන්දුව අඩු විය හැකි කාලයක් ද වේ.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ හතර අධිපති වෙමින් හත්වැන්න තුළ රවි ගෝචර වේ. සාර්ථක හවුල්කරුවන් ඔබට මුණගැසෙන මාසයක් ද වේ. තරමක් දුරට ඉවසීම අඩු කෙරේ. රැකියාව ආශ්‍රිතව මානසික පීඩා ප්‍රබලව ඇති කරන බව පෙනේ. අඹු-සැමියන් අතර මතවාදී ගැටලු ඇති විය හැකි බව පෙනේ.
මිථුන ලග්නය
මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ 3 අධිපති වෙමින් හයවැන්න තුළ රවි ගෝචර වේ. ඔබගේ සතුරන් මර්දනය වන මාසයකි. සමහර අවස්ථාවලදී සහෝදරයන් අතර මතවාද ඇති කරන බව පෙනේ.
කටක ලග්නය
කටක ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ 2 අධිපති වෙමින් පස්වැන්න තුළ රවි ගෝචර වේ. ඔබට අමාශගත උදරාබාධ, අසනීප ඒමට පිළිවන. ලැබීම් අතින් යහපත් වේ. තරමක් ඉක්මන්කාරී ගති ඔබ තුළින් දැක ගත හැක.
සිංහ ලග්නය
සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ තමාගේ ලග්නාධිපති වෙමින් හතර වැන්න තුළ රවි ගෝචර වේ. තරමක් දුරට ඉවසීම අඩු වන මාසයකි. එමෙන්ම ඔබ කෙලින් තීන්දු තීරණ ගන්නා මාසයක් ද වේ. යම් යම් තනතුරු, නිලතල දැරීමට පවා භාග්‍ය ලැබෙනු ඇත.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ දොළහ අධිපති වෙමින් තෙවෙනි භාවයේ රවි ගෝචර වේ. සහෝදරයන් අතර ඔබට ප්‍රමුඛත්වය හිමිවන මාසයකි. ලැබීම් අතින් ඉතාම යහපත්ය. ඉවසීම තරමක් දුරට අඩු කෙරේ.
තුලා ලග්නය
තුලා ලග්න ඔබගේ බාධක ග්‍රහයා වෙමින් රවි ධනස්ථාන ගතව ගෝචර වේ. ධනය ලැබීම අතින් යම් යම් ගැටලු, බාධක ඇති කරන බව පෙනේ. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක. සමහර අවස්ථාවල ඔබගේ වචන හේතුවෙන් ළඟ සිටි ඈත්වීම් පවා පෙන්නුම් කරයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රයේ දහය අධිපති වෙමින් ලග්නගතව රවි ගෝචර වේ. රැකියාවේදී ඔබට ඉහළ තනතුරු, නිලතල දැරීමට පවා හිමි වන මාසයකි. එසේම ඔබ කෙලින් තීන්දු තීරණ ගන්නා මාසයක් ද වේ. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ඔබට නව රැකියාවක් ලැබීමට පවා වාසනාව පවතින මාසයකි.
ධනු ලග්නය
ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ නමය අධිපති වෙමින් දොළොස්වැන්න තුළ රවි ගෝචර වේ. ඔබ විදෙස්ගතව යෑමට බලාපොරොත්තුවෙන් සිටි අයෙක් නම් ඔබට එම බලාපොරොත්තුව සඵල වන මාසයක් ද වේ. සමහර අවස්ථා වලදී යම් යම් අසනීප හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමට සිදුවන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර ලග්නය
මකර ලග්න ඔබගේ කේන්ද්‍රයේ අට අධිපති වෙමින් අයස්ථානගතව රවි ගෝචර වේ. ඔබට අන්සතු ධනය ලැබීමට පවා භාග්‍ය ඇත. ලැබීම් අතින් යහපත්ය. එමෙන්ම ඔප්පු, තිරප්පු වලින් ලැබීම් ඇති විය හැකි මාසයකි.
කුම්භ ලග්නය
කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත අධිපති වෙමින් කර්මස්ථානගතව රවි ගෝචර වේ. රැකියාවේ දියුණුව ඇති විය හැකි මාසයකි. හවුල් ව්‍යාපාර වලින් ඔබට වාසි, ලාභ ඇති විය හැකි බව පෙනේ.
මීන ලග්නය
මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ හය අධිපති වෙමින් නමවැන්න තුළ රවි ගෝචර වේ. සතුරු බල බිඳ හෙලෙන මාසයකි. ඔබට පියාගෙන් වටිනා කියන දෙයක් හිමි වන මාසයක් වේ.
දිවයින පුවත්පතෙන්..