කෙනෙකුට ජීවිතයේ විඳින්නට ලැබෙන ඉතා වේදනාකාරී අත්දැකීම් වලින් එකක් ලෙස මෙම අර්ශස් සැලකෙනවා.
අර්ශස් රෝගී තත්වයේදී සිදුවන්නේ ගුද මාර්ගය තුළ හෝ ගුද මාර්ගයෙන් පිටත කුඩා ගෙඩි හටගැනීමයි.
කාලයත් සමඟ ගුද මාර්ගය තුළ පවතින ගෙඩි ද ටිකෙන් ටික ගුද මාර්ගයෙන් පිටතට පැමිණීම සිදුවිය හැකියි.
මෙය අර්ශස් රෝගයේ එක් එක් අවධි අනුව සිදුවන්නක්. බොහෝමයක් දෙනා තමන්ට අර්ශස් ඇති බව දැනගන්නෙත් අර්ශස් ගෙඩි කැඩී එහි රුධිරය මලපහ සමඟ පිටවෙද්දියි.සත්‍ය කතාව නම් බොහෝමයක් දෙනා පවුලේ කෙනෙකුට තියා වෛද්‍යවරයෙකුටවත් තමාට අර්ශස් ඇතැයි කියා පවසන්නත් මැලි වෙනවා.
නමුත් එයින් සිදුවන්නේ නියපොත්තෙන් කඩාගන්න තියෙන දේ පොරවෙන් කපන මට්ටමට පත්කර ගැනීමක්.
බොහෝවිට බටහිර වෛද්‍ය ක්‍රමයෙදී මෙම අර්ශස් ගෙඩි ඉවත් කිරීමට සැත්කම් සිදුකලත් ආයුර්වේදය තුළ පවතින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිකාර පද්ධතියක්.
අද අපි ඔබට කියලා දෙන්නේ අර්ශස් ගෙඩි වල මුල් අවස්ථාවේදීම එය සදහටම නැතිකර දැමිය හැකි විශ්මිත අත්බෙහෙතක් පිළිබඳවයි.
අත් බෙහෙතක් කියන්නේ අපි වෛද්‍යවරයකු මුණගැසී යම් රෝගයකට ස්ථීරව ප්‍රතිකාර ලබාගැනීමට පෙර අපි විසින් ගෙදරදොරේ දී සිදුකරන සරල ප්‍රතිකර්මයක්.
අර්ශස් ගෙඩි ප්‍රමාණයෙන් ඉතා විශාල නම්, එය ගොඩක් වේදනාකාරීයි නම්, දැනටම මලපහ සමඟ රුධිරය පිටවෙනවා නම් මෙම අත් බෙහෙත් ඔබට හරියන්නේ නෑ.
ඔබ ඉන්නෙ අත්බෙහෙතකට එහා ස්ථීර ප්‍රතිකාර ලබාගත යුතු මට්ටමකයි. ඉතින් ඒ සඳහා සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
අපි ඔබට කියලා දෙන මෙම අත් බෙහෙත භාවිතා කරන අතරතුර අර්ශස් හටගැනීමට ඉවහල් වන නරක පුරුදු වලින් ඔබ ඇත්විය යුතුයි.
බොහෝවිට අර්ශස් ඇතිවන්නේ මලබද්ධය හේතුවෙන්. ඒ නිසා ආහාර ජීර්ණය පහසුකරවන කෙඳි බහුල ආහාර වැඩිපුර බත් පතට එකතුකර ගැනීමත්, කෘතිම ආහාර, රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර, බඩ වියලවන ආහාර, උෂ්ණාධික ආහාර වලින් හැකිතාක් දුරට වැළකී සිටීමත් කළ යුතුමයි.
එක දිගට එකම පුටුවක වාඩිවෙලා ඉන්නකොටත්, ඇඟට අවශ්‍ය වතුර ප්‍රමාණය නොලැබී යනකොටත්, සමහර බෙහෙත් වර්ග වලටත්, මානසික පීඩනයටත් මෙම අර්ශස් ඇති වෙන්න පුළුවන්.
එම නිසා මෙම ප්‍රතිකාරය ලබාගන්නා කාල සීමාව තුළ ඉතා සෞඛ්‍ය සම්පන්න නිස්කලංක ජීවිතයක් ගතකිරීමත් මෙම රෝගී තත්වයෙන් ඉක්මණින් මිදෙන්නට ඔබට බලපානවා.
අර්ශස් සුවකරන අත්බෙහෙත සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
ලුණුවිල කොළ සහ දඬු කෝප්ප 01 ක්
තල තෙල් මේස හැඳි 02 ක්
කපු රෙදි කැබැල්ලක්
සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය
01). ලුණුවිල හොඳින් වංගෙඩියකට දමා කොටාගන්න. තරමක කැබලි සිටින සේ කොටන්න. පේස්ට් එකක් කරන්න එපා.
02). දැන් පිරිසිදු තාච්චියක් ගෙන එයට අඹරාගත් ලුණුවිල සහ තල තෙල් දමන්න. ඉතාම මද ගින්නේ තල තෙලෙන් ලුණුවිල ටික මලවා ගන්න. මෙයට සාමාන්‍යයෙන් විනාඩි 12 ක පමණ කාලයක් ගතවෙනවා. ඉතාම මද ගින්නේ එය කළ යුතුයි.
03). දැන් මේ ලුණුවිල තල තෙල් මැල්ලුම නිවාගන්න.
04). නින්දට යාමට පෙර මේ ලුණුවිල ටික අර්ශස් ගෙඩි ඇති තැනත් ඒ අවටත් හොඳින් තවරන්න. පසුව එයට උඩින් කපු රෙදු කැබැල්ලක් තබන්න.
05). දැන් හොඳට හිර යට ඇඳුමක් අඳින්න. එහෙමම නින්දට යන්න. උදෑසන වන විට මෙම පොට්ටනිය වියළී තිබේවි. එය ඉවත්කරන්න. මද උණුසුම් ජලයෙන් එය සෝදන්න.
මෙම ප්‍රතිකාරය හැකිනම් දිනපතා සති 02 ක් කරන්න. අර්ශස් ගෙඩි වියළී ගොස් සදහටම ඔබට සුවයක් දැනේවි .... හැබැයි හොඳට මතක තියා ගන්න... අර්ශස් ගෙඩි ප්‍රමාණයෙන් ඉතා විශාල නම්, එය ගොඩක් වේදනාකාරීයි නම්, දැනටම මලපහ සමඟ රුධිරය පිටවෙනවා නම් මෙම අත් බෙහෙත් ඔබට හරියන්නේ නෑ.
අන්තර්ජාලයෙන්...