සමහර වෙලාවට මව්වරුන් අසරණ වෙනවා. ඒ තමන්ගේ දරුවන්ගේ ආශාවල් ඉෂ්ට කරන්න බැරි නිසාම නෙවෙයි, තමගේ නැතිබැරිකම් ඉදිරියේ දරුවන්ද අසරණ වෙන හැටි බලාගෙන ඉන්න බැරි නිසා.
මේ අන්න ඒ වගේ අම්මා කෙනෙක් ගැන ඇසුණු කතාවක්.
ඇයට මේ කළ වරදට හිමිවුණේ හිතාගන්නවත් බැරි විදිහක දඬුවමක්.
චොක්ලට් දෙකක් සොරකම් කිරීමේ වරද මත දරුවෙකු සහ එම දරුවාගේ මව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර පුවතක් වාර්තා වෙන්නේ මාතර ප්‍රදේශයේ පොලිස්වසමකින්. රිමාන්ඩ්බන්ධනාගාර ගත කරන ලද මවට අවුරුදු 26 ක් පමණ වන අතර දරුවාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මේ සිදුකළ වරද සම්බන්ධයෙන් ඔහුට ඇප අයද සිටියද ඉන් පළක් වී නැති බවයි දැනගන්නට ලැබෙන්නේ.