Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
"ඇත්තටම ඇත්ත කියන්න එපැයි.. අදටත් මට විශ්වාස නැහැ මේ ලැබෙන ආදරය ගැන.." සහෝදර සංග්‍ර්‍රාමයට සූදානම් වන කඩවසම් තරගකරු, සචින් කී ඒ අමුතු කතාව මෙන්න..

- "ඇත්තටම ඇත්ත කියන්න එපැයි.. අදටත් මට විශ්වාස නැහැ මේ ලැබෙන ආදරය ගැන.." සහෝදර සංග්‍ර්‍රාමයට සූදානම් වන කඩවසම් තරගකරු, සචින් කී ඒ අමුතු කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

සචින් චතුරංග කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්.. 

ඔන්න දැන් ඔහු නර්තන ශිල්පියෙක් විදිහටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි.. 


මේ බලන්නකෝ කවුරුත් ආදරය කරන මේ සචින් හිරු මෙගා ස්ටාර් අවසන් තරග රාත්‍රියට සූදානම් වෙන අපූරුව..

ඔහු මේ දැවැන්ත සංග්‍ර්‍රාමයට සහෝදර කලාකරුවන් එක්ක උරෙනුර ගැටෙන්නට සූදානම්.. ඔහු ඒ සූදානම ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

අවසන් මහා තරග රාත්‍රියට මේ වෙද්දී තියන සූදානම කොහොමද ?

ඇත්තටම අවසාන මහා තරග රාත්‍රිය, ඒ කියන්නේ අපි ශූටින් අතරනේ මේ වැඩ ටික කරන්නේ, ඒක ගැන හරි Excite එකේ ඉන්නේ.. හොඳ Final එකක්නේ අපි බලාපොරොත්තු වෙන්නේ.. මෙච්චර මාස හතක් තිස්සේ බලාගෙන ඉඳලා, අන්තිම දවස තමයි මේ තියෙන්නේ... ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය සියලුම තරඟකරුවන්, සහෝදර කලා ශිල්පීන්, සියලුමදෙනා දෙන්න පුළුවන් උපරිම දේ කරන්න බලාපොරොත්තු වෙනවා... මමත් මෙච්චර කාලෙට කරපු නැති දේවල් ටිකක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා...

වෙනස් වැඩක්ද, අවසාන තරගයට දැක ගන්න පුළුවන් වෙන්නේ..?

මම හිතනවා, සචින් චතුරංගව දැකපු නැති විදියට දකින්න ලැබෙයි කියලා අවසන් මහා තරගයේදී.. මෙච්චර කාලයක් පළවෙනි Round එකේ ඉඳලා දැන් අපි Finals වෙනකන් ඇවිල්ලා තියෙනවනේ.. මෙච්චර කාලයක් ප්‍රේක්ෂකයා දැකපු නැති විදිහට වෙනස්ම චරිතයක් අන්තිම තරගයේදී දකින්න ලැබෙයි කියලා මට හිතනවා...

රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් , ඊට අමතරව නර්තනය පැත්තෙනුත් දැකගන්න හැකිවෙනවා... කොහොමද සචින් ඔබේ නර්තන හැකියාව හඳුනාගත්තේ..?

ඒ කියන්නේ මෙහෙමයි මම පුංචි කාලේ ඉඳලා අද වෙනකන් ඩාන්සින් ක්ලාස් එකකටවත් ගිහිල්ලා නැහැ.. ඩාන්සින් කියන subject එක මම ඉගෙනගෙන නැහැ.. ඉතින් මං හිතනවා මේක මට Bon Talent එක කියලා.. මට හම්බවෙච්ච... ඒ වෙනුවෙන් මට හොඳ ක්ලාස් එකක් තමයි මෙගා ස්ටාර් වේදිකාව කියන්නේ... ඉතින් ඇත්තටම මම ,මෙගා ස්ටාර් සහභාගී වෙන්න නෙවෙයි හිටියේ... නමුත් ඒ ආරාධනයත් එක්ක මම කල්පනා කරලා, මගේ අනාගතය ගැන හිතලා ගත්ත හොඳ තීරණයක් මේක මං හිතනවා මේක මගේ අනාගතයට හොඳ polish එකක් වේවි කියලා.., ඉතිං ඒ දේවල් මට මාර විදිහට වටිනවා.. ඒක මාර තෑග්ගක් මට හම්බවෙච්ච Mega Star කියන්නේ...

ආපු ගමනක් නෙමෙයිනේ මේක, ඔබේ partner ගැනත් මතක් කරමු..?

අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි... චතූ කියන්නේ මාර Professional dancer කෙනෙක්, ඒ වගේම එයාගේ ස්කිල්ස් මට මාර විදියට කියලා දීපු තැන් තියෙනවා.. මාව යම්කිසි දුරකට ඒ කියන්නේ, ගයාන් ශ්‍රී මාල් සර්ට අමතරව, මාව යම්කිසි තැනකට Dancingවලින් මාව polish කළා..

ඒ කියන්නේ අපි කතා වෙලා හැම වෙලාවෙම, එයා එයාගේ ජීවිතය ගොඩක් දේවල් Sacrifice කළා finals එකට.. ඒ කියන්නේ මෙගා ස්ටාර් හින්දා... ඉතින් මම ගොඩක් ගරු කරනවා එයාට.. එයා හොඳ dancer කෙනෙක් සහ හොඳ යාළුවෙක්..

කලාවට ආපු මුල් කාලෙට සාපේක්ෂව ඔබ දැන් හුඟක් ජනප්‍රියයි. මොකද හිතෙන්නේ ඒ ලැබෙන රසික ආදරය ගැන..?

ඇත්තටම මාර සතුටුයි... මොකද පුංචි කාලේ අයියා රඟපානවා දැකලා තමයි රඟපාන්න ආස හිතුණේ.. ලොකු වෙද්දි ඇත්තටම හිතුණේ නෑ මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙයි කියලා.. ජීවිතයටවත් හිතුවේ නැහැ... ඇත්තටම ඇත්ත කියන්න එපැයි අද වෙනකන් තාමත් මට විශ්වාස නැහැ යන යන තැන කට්ටිය කතා කරන එක, ඇවිල්ල අඳුර ගන්න එක, අපි හම්බ කරන්නේ ඒ මිනිස්සු.. ඇත්තටම මොකද අපි රඟපාලා අපි අතට ගන්න මුදල නෙවෙයි, අපි එළියට ගිහිල්ලා අපිව දැකලා ඒ මිනිස්සු ඔයා මෙහෙමයි, මෙහෙමයි කියද්දී දැනෙන සතුට සල්ලිවලට කවදාවත් ගන්න බැහැ... ඉතින් ඇත්තටම මං ප්‍රේක්ෂකයින්ට මාර විදියට හිස නමා ආචාර කරනවා.. ඒ ආදරේට.. මොකද ඒ අය TV බලන නිසා තමයි අපි හම්බ කරන්නේ.. ඒ හින්ද මම මාර ආදරේ ඒ ගොල්ලන්ට.. ඒ ලැබෙන ආදරේ මට හිතාගන්න බැහැ.. ඇත්තටම අපි තව ඉස්සරහට යන්න යන්න තව ආදරේ වැඩිවෙයිනේ.. එතකොට ඒක මාර සතුටක්..

එතකොට මේ තරගය වෙනුවෙන් ඔයාගේ පවුලෙන් ලැබෙන සපෝර්ට් එක කොයි වගේද..?

පවුලෙන් ලොකු සපෝට් එකක් තියෙනවා ඇත්තටම.... ඇත්තටම තාත්තයි, අම්මයි මේ දවස් ටිකේ අතහැරලා දාලා ඉන්නේ මාව.. වැඩ ටික කරගන්න කියලා.. වෙනදට අනිවාර්යයෙන් රෑ දහය වෙද්දි කෝල් එකක් එනවා.. කොහේද ඉන්නේ මොකද කරන්නේ කියලා.. එයාලා මාව මාර විදියට Motivate කරනවා.. මොනවද කරන්න ඕන කියලා... ඇත්තටම සමහර දවසට මම දන්නෙත් නැහැ මම නටන්නේ මොකක්ද කියලා.. ඇත්ත කියන්න එපැයි ගයාන් සර් තමයි හැමදේම ලෑස්ති කරන්නේ.. ඒත් එයාලා ඒ පැත්තෙන්, එවන්න මට පෝස්ට් එක අපි ශෙයා කරන්නම් කියලා එයාලා මාව Motivate කරනවා.. මොනවද කරන්නේ, ඊළඟ තරගයේදී මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ ඔයා කියලා අහනවා... ඒ අයට කරන්න පුළුවන් හැම සපෝට් එකක්ම දෙනවා.. පුංචි කාලේ ඉඳන්ම තාත්තා, අම්මා, අයියලා දෙන්නා ඒ සියලුදෙනා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා...

තරගකරුවෙක්ට අවසන් තරග රාත්‍රියේදී නර්තනයේ යෙදෙනවා කියන එකත් හීනයක්නේ.. දැන් ඒ හීනය සැබෑවක් වෙලා තියෙනවා... නිකමට හිතන්න එදා රාත්‍රියේ ජයග්‍රහණය ඔබට අත්වුණොත් ඒ දැනෙන සතුට ගැන දැන් මතක් කරද්දී, මොන වගේ හැඟීමක්ද හිතට දැනෙන්නේ..?

මට හිතෙන්නේ මට කිසිදෙයක් කියන්න බැරිවෙයි.. මම Silent වෙයි.. මොකද Mega Stars පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් ඒ කාල පරිච්ඡේදය තුළ මගේ ජීවිතේ මම මාර දේවල්වලට මම මුහුණ දුන්නා... ඉතිං ඒ දේවල් එක්ක මට ඒක දරාගන්න බැරිවෙයි ඇත්තටම, එහෙම දෙයක් හම්බවුණොත්, සතුටුයි මට, මම මේ දේ කරානේ කියලා..

අවසානයේ අපි හැමෝගෙම ගෝල් එක ඒකනේ.. මම ඇතුළු අපි ඉන්න සියලුම දෙනාටත් මම සුභ පතනවා එයාලා හිතාගෙන ඉන්නවනම් එයාලා මේක දිනන්න ඕනි කියලා, මම සුදුසුද ? අරයා සුදුසුද? මෙයා සුදුසුද ? නෙවෙයි.. දුස්සාට සුදුසු තැන හම්බවෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා..

අනිවාර්යයෙන්ම ඔබ හතර දෙනාම සුදුසුයි..? ඇත්තටම මම හිතුවේ නෑ මම finals ඉඳී කියලා ජීවිතේට , මම හැමදාම විනිශ්චය ලබා දෙන දවසට එන්නේ අද මම යයි කියල හිතාගෙනන තමයි.. ඇවිල්ල ,උඩදී මම පළවෙනි එකේ දෙවැනි එකේදි ගියේ නැත්නම් මම චතූට කියනවා චතු හරි අද හරි ස්තුති කතාව ලෑස්ති කර ගනිං , උඹට ස්තූති කරන්න කට්ටිය ඉන්නවනම් මතක් කර ගනින්, කියලා.

අන්තිම දවසේ finals call කරන දවසෙත් , ඇත්තටම ඒ වෙලාවෙ මට ජජ්මන්ට් එක දුන්නහම මගේ කකුල් දෙක පණ නැති වුණා. ඉතින් ජජ් බෝඩ් එක වගේම ඒ ප්‍රේක්ෂකයින්ගේ තිබ්බ ආදරේ හින්ද තමයි මම ෆයිනල්ස් ආවේ..

හිරු කියන්නේ ඔබට සුපුරුදු තැනක් . අවසාන අධිරයට ඇවිල්ලා තිබෙනවා.. මොකද හිතෙන්නේ මේ ගමන ගැන.. ස්තූති කරන්න ඕන කාටද මේ වෙලාවේ..

ඇත්තටම මුලින්ම ස්තූතිවන්ත වෙනවා රේනෝ ද සිල්වා මැතිතුමාට, මොකද මේ වගේ සංකල්පයක් බිහි කරලා අපේ මේ තරුණ කලාකරුවන්ගේ මේ අවස්ථාව ලබාදුන්නාට.. ඒ වගේම විනිශ්චමණ්ඩලයටත් ස්තූතිවන්ත වෙන්න ඕන.. අපේ වැරදි හදලා දෙනවාට.. හිරු කාර්‍යමණ්ඩලයට, ඒ වගේම ගයාන් ශ්‍රීමාල් සර් අද වෙනකං මට ලබාදුන්න සපෝ‍ර්ට් එකට.. මම ෆයිනල් ආවම තමා මම සර් එක්ක කතා කළේ දැන් අපි මොනවාද කරන්න ඕන කියලා..

ඒත් එක්කම මගේ පාර්ට්නර්ට.. ඒ වගේම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙන්න ඕන.. මොකද අපේ ආගමට අනුව මේ වගේ දේවල් ලැබෙන්නේ ගොඩක් අඩු පිරිසකට.. ඒ වගේම මගේ ගුරුවරුන්ට.. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත්, ශාන්ත පීතර විද්‍යාලයත් මේ වෙලාවේ ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕන.. මෙතෙක් මට හමුවුණු සියලුම තරගකරුවන්ට.. ඉතින් දුකයි අන්තිම දවසේ මේ හැම කෙනෙක්ම දාලා යන්න වෙන එකට... ඒත් එක්කම අවසාන වශයෙන් මට වචනයකින් හරි උදව් කළ හැම කෙනෙක්ටම ස්තූතියි මේ වෙලාවේ.. 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top