Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
25
"නිදියන් ඉන්න ඈ දිහා බලා ගෙන ඉදල තියෙනවා..... එක පාරටම මහා හුස්මක් පපුව අස්සට අරන්.. හීල්ලිලා ඈතට පාවෙන්න.." කලකට පස්සේ මධූ මේ කියන්නේ ඇය ගැනද..?

- "නිදියන් ඉන්න ඈ දිහා බලා ගෙන ඉදල තියෙනවා..... එක පාරටම මහා හුස්මක් පපුව අස්සට අරන්.. හීල්ලිලා ඈතට පාවෙන්න.." කලකට පස්සේ මධූ මේ කියන්නේ ඇය ගැනද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

සමහර ආදර කතා එදා වගේම අදටත් වලංගු වෙන්න පුළුවන්.. කාලයත් එක්ක සම්බන්ධතා වෙනස් වුණත් ඒවා අතරේ තියන බැඳීම්වලට සීමා නැහැ.. 


මදුමාධව අරවින්ද.. කවුරුත් අදරය කරන ඔහුගේ මුලම ආදර කතාව ලියැවෙන්නේ නිල්මිණී තෙන්නකෝන් නම් ප්‍රවීණ රංගන ශිල්පිනිය එක්ක බව අපි හැමෝම දන්නා කාරණයක් නේ.. කොහොමත් ටිකක් ආන්දෝලනාත්මක කතා කියන මදුමාධව මේ කියලා තියෙන්නෙත් ඇයත් එක්ක ගෙවුණු අතීත මතක ගැනද..?

සමහර බෝට්ටුවල
මුහුදේ යන්න බෑ..
ඒකට බෝට්ටුවවත් අපිවත් පලිනෑ..
මුහුද වගේම..
1997 ජූලි මාසෙ..
මුහුද ලස්සන මනමාලියක් වගේ..
හේතුවක් නැතිව හිනා උනා..
ඇය මනමාලි උනාට පස්සෙ...
හික්කඩුවට අපි ආවෙ මුල්ම සැරේට...
ගල්කිස්ස හෝටලයට හික්කඩුව පෙනෙන් නෑ
ඒත්....
මගුල් ගෙදර ගත්ත ගල්කිස්ස හෝටලය,
ඈතින් හික්කඩුවට පෙනෙයි..
අපි ගල්කිස්සෙ මුහුදෙන් අහමු..
හික්කඩුවෙ ඉන්න අපිව අදුනනවද කියල...
පේන හැම දේම අදුනන් නෑ කියල
එදා අපි දැනන් හිටියෙ නෑ....අද වගේම..
හැබැයි නොපෙනෙන බොහෝ දේ අපි අදුනනව කියල... දන්නව ඇති අපි දැන්....
ඔය වගේ තේරුමක් නැති ඕනම කතාවකට..
පන දෙන්න... මුහුදට පුලුවන්..
ගැහැනියකට වගේම...
එදා හික්කඩුව වෙරලට ,
හරි සනීප හුලගක් හමපු දවසක්....
මුහුදත් හෝ හෝ ගාලා..
අපිව අවුස්සනවා....
කිසිම හේතුවක් නැතිව..
මමත් හිනාඋනා..
ඇයත් හිනාඋනා...
ඇගෙ ගවුම අකීකරු විදිහට හුලග එක්ක පොර බදිනවා...
ඇගෙ කොන්ඩෙ ඒ හුලගෙම නැටුමක...
ගැහැනිය හරි ලස්සනයි..
මුහුද ගාවදි පිරිමින්ට වඩා...
මුහුද සහ ගැහැනිය අපි හිතනවට වඩා ගැබුරුයි.....
දම් පාටින් ලා බැස යන හවස..
හමන හුලගටවත් නොදැනෙන්න..
රල ගහමින්..
මද සුලගට පාවෙන්න හිමින් හිමින්
හිනාවෙවී...
ඉස්සි ඉස්සි පහත් උන මුහුදම....
සමහර මහා රෑ වල...
කිසිම හෙල්ලිල්ලක් නැතිව..
නිශ්චලව හිටියා...
හද එලිය මුහුදෙන් පෙනෙන තරමට
මුහුද කන්නාඩියක් වගේ...
නිහඩව හිටිය රෑ වල..
ඇහිල තියෙනවද...
එක පාරටම...
ඒ නිහඩ මුහුදම...මුහුදු රල මහා ගැබුරට අරන් ගිහින් පිට කරනවා.. මහා අමුතු සද්දයක් එක පාර මතු කරල ...
පිට කරල ආයෙමත් නිහඩ වෙනවා...
සමහර පිරිමි මුහුදට හොරෙන්...
ඒ හඩ අහන්න..
මුහුදු දිහා බලන් ඉදල ඇති ..
මේ මන් වගේම....
ගැහැනු දිහා බලන් හිටියා වගේ..
ආදරනීය මුහුද වගේම
ආදරනීය ගැහැනියත් නින්දෙන් එහෙම කරනව.
මම සමහර දවස් වල...
ඒ සද්දෙ අහන්න...
නිදියන් ඉන්න ඈ දිහා බලා ගෙන ඉදල තියෙනවා.....
කිසිම හෙල්ලිල්ලක් නැති නින්දෙ මැද..
එක පාරටම මහා හුස්මක් පපුව අස්සට අරන්..
හීල්ලිලා ඈතට පාවෙන්න..
එලියට යන හුස්ම ටික..
හරි ගැබුරුයි....
ඒ සුසුම පිට වෙනව ගැහැනු දන් නෑ..
නින්දෙදි....
හැබැයි ඒල දිහා බලන් හිටිය පිරිමින්ට ඒ වෙලාවෙ....
පපුද පැලෙන්න දුකක් එනවා...
අනේ උබ දුකින්වත්ද කියලා....
නිශ්චල මුහුදෙන් මහ රෑ
එක පාර එන...මුහුදු පතුලෙන් නැගෙන..
මහා ගැබුරු හඩ..
ඔයා නින්දෙන් පිට කරන හූල්ලන හඩ වගේ..
මම ඇයට මුහුද දිහා බලා ගෙනම කිව්වා..
බොරු කියන්න එපා....
ඔයා මුහුද දිහා නම් රැට රෑට ඇවිල්ල
බලන් ඉන්නව...
ඒත් මන් නිදිය ගත්තම..
ඔයා ඊටා වඩා නිදි නෙ.... ඈ කිව්වා...
ඈ බක බක ගගා හිනා වෙනවා...
ගැහැනු මුහුද ගාවදි ඕලාරික වෙද්දි..
සරල වෙද්දි...
පිරිමි හරි බක පන්ඩිත වෙනවා..
දාර්ශනික වෙනව...
ඒ උන්ගෙ හැටි....
"ඔයා සතුටින්ද... ඔයාගෙ හිත බරයිද..
අම්මා..."
මගේ දාර්ශනික හිත
පයිතකරස් වගේ ඇගෙන්
නොගැලපෙන ප්‍රශ්නයක් ඇහුවා...
මේ මොකද අනේ මෙයා.. ඇය කිව්වා ආයෙත්..
පිරිමින්ගෙ බක පන්ඩිත කම් පෙම්වතිය හැටියට උහුලන ගැහැනිය...
බිරිද උනාම එහෙම නෑ..
මට නම් මගෙ කිසිම බරක් නෑ..
ඇය ඔහේ කිව්වා...
මම හිමින්..
හුම් කිව්වෙ...
ඈ දිහා නොබලා...
මම හින්දි නලුවෙක් වගේ..
ඈට කතා කරන්න දීලා මුහුද දිහා බලාගෙන හිටියා.. ඈ මගෙ දාර්ශනිකබවට තව වසග කරගන්න....
දෙයක් කියන්නද... ඈ මගෙන් ඇහුවා...
මම තවත් ඈතට ඇස් විහිදුවල..
ඈ දිහා නොබල ..
බොහොම ගැබුරින් කිව්ව..
කියන්න ....කියල.. කිව්වා..
ඈ කියපි.. මෙහෙම..
"මට කිසි බරක් නැති උනාට..
ඔයාට නම් කක්ක බරයි වගේ
මූනෙන් පෙනෙනවා.."
මගෙ පයිතගරස් පෙනුම සුනු විසුනු වෙලා
මුහුද මැද්දෙ කුඩු පට්ටම් වෙලා ගියා
අතට අහු උන වැලි අහුර එක්ක මන් , අරෙහෙම කියල මගෙන් බේරෙන්න දුවන ඈ වෙත දමා ගැහුවා..
ඈමට හූ කිව්වා..
අපි කෑ ගහල හිනා උනා..
එදා ඈ හරිම ලස්සනයි..
එදා ඇයට පෙනෙන්න
උස්සන් ආපු බෝට්ටුව..
මාව ලැජ්ජ කරා..
මුහුදට දාන්න දාන්න..
ඒක පෙරලුනා..
ඒ හැම පාරම..
ඈ හිනා උනා..
පෙලලිලා පෙරලිලා හෙම්බත් උන බෝට්ටුවට මන් දමල ගහල වෙරලට විසි කලා..
මම වැල්ලෙ ඉදගෙන..
ඈත මුහුද දිහා බලන් හිටියා..
ඈ මාව ලැජ්ජ කරන්න..
මුහුදෙ යන්න බැරි උන බෝට්ටුව..
බීප් බීප් ගාගා..
වාහන සද්දයක් දාදා..
වෙලලේ ඇදගෙන යනවා..
බස් එලවන වාහෙ වගේ..
එහෙම යනවා
මට හූ කියනවා..
බිම පෙරලි පෙරලි හිනා වෙනවා..
මටත් තනියම හිනා..
අනේ අපි.. කොච්චර හුරුවෙලාද.. අපිට..
ඈට ඕන කෙන්ගෙඩියක් කරගන්න කියල..
මම වෙන වැඩක් පටන් ගත්තා..
වෙරල එක්ක..
මම ඇගේ නම..
වෙරලේ ලිව්වා..
මගේ වාසගමත් එක්ක..
ඈ ආසාවෙන් බලා ගෙන හිටියා..
ඈ බොට්ටුව අත හැරල ඇස් වල කදුලු පුරවන් දුවගෙන ඇවිත්..
බලන් හිටියා..
ටික වෙලාවකට කලින්..
හිටිය..
එයා ගෙ බකපන්ඩිත පයිතකරස්..
පොඩි දරුවෙක් වගේ
මුහුදු රැලි වලට එන්න නොදී..
වැල්ලේ ඇගේ නම මගෙ වාසගමත් එක්ක ලියන්න දගලන දැගල්ල්ල..
ඈ උදව්වට ආවෙ නෑ..
ඈට ඕන උනා මම ඒක ලියල ඉවර උනාම
කෑ ගහල ඇඩන්න..
මම ඈව දන්නවා..
අපිට මුහුද වගේම බෝට්ටුවත් අමතක වෙලා තිබ්බා..
ඈ ඉහඩව අත් දෙකෙන් කට වහගෙන බලන් ඉන්නව නොඉවසිල්ලෙන්..
මම කොහොම හරි ඇගේ නම ලිව්වා.. මගේ වාසගමත් එක්ක..
මම ලොකු වැඩක් කලා වගේ මුහුන උස්සල ඈ දිහා බැලුවා..
ඈ හිටියෙ නෑ..
මට දැනුනා..
මගෙ පිටට හේත්තුවෙලා..
අර කෑ නොගහ අඩන මුහුද වගේ..
ඇගේ සුසුම් හඩ..
ඈ මගෙන් ඇහුවා..
මම මගේ වාසගම අත හැරලා..
මෙතන ඉදල ඔයාගෙ වාසගමෙන්
ඉන්නද..
ඔයාට දුකද ඒක මම පාවිච්චි නොකරනවට..
ඈ අඩනවා..
මට ඒක දැනිලවත් තිබ්බෙ නෑ..
මම ඈ පැත්තට හැරිලා..
ඈව බදාගෙන කිව්වා..
එපා..
ඒක මගෙ පපුවෙයි..
ඔයාගෙ පපුවෙයි
මැරෙනකම් තියෙයි..
මෙන්න මේ වගේ..
මම ලස්සනට.. හාට් දෙකකුත් දාල
ලිව්ව ඇගේ නම සහ මගේ වාසගම..
ඉර එලියට හෝ හද එලියට දිලුසුනා..
අපි අත් අල්ලන් හෝටලය දිහාට
හිනා වෙවී ගියා..
අපි දෙන්නටම..
බෝට්ටුව අමතක උනා...
අපි කාමරේට ඇතුල් වෙලා..
ලයිට් නිමුවෙ නෑ..
අපිට ඒකටවත් සිහියක්
වෙලාවක් තිබ්බෙ නෑ..
එදා රෑ හීනෙන්..
මම දැක්ක මම වෙරලේ ලියපු ඇගේ නම..
මගෙ පපුවෙ දිලිසුනා..
උදේ ඈ නිදි..
මම බැල්කනියට ඇවිත්..
සිගරෙට්ටු වක් පත්තු කරල..
ඈත මුහුදට පිම්බේ..
පුදුම සැහැල්ලුවකින්..
මුහුදත් මා දිහා බලන් හිටියා..
හරි ලොක්කෙක් නෙ උබ දැන්..
කියන්නා වගේ..
මට මතක් උනා.. මම ලස්සනට ලිව්ව ඇගෙ නම මූ.. මකලද රෑ කියල..
මුහුද ගැන සැකෙන්..
මම බැල්කනියෙන් නැවිලා..
වෙරල කියවන්න ගත්තා..
මගෙ අතින් සිගරෙට්ටු ගිලිහුනා..
මගෙ ඇස් වෙරලේ ලියපු මගෙ අකුරු ලග තනිඋනා..
ඈ නැගිටල..
මාව හොයනවා..
"එන්නකෝ.."
ඇය අඩගහනව..
මම මුහුදු වෙරලේ ලිය උන ඇගේ සහ මගෙ නම් එකතුව දිහා බලාගෙනම..
කාමරේට ඇතුල් උනා..
එන්නකො ලගට..
මම ඇය ලගට පනින්න කලින්..
ආයෙමත් එකම එක සැරයක්..
වෙරල දිහා..
මම ලියපු ඇගේ සහ මගේ නම දිහා බැලුවා..
මහ රෑ මුහුදු කොච්චර නිහඩව..
වෙරල සිප ගත්තත්..
මුහුද ඇගේ නම මකල තිබ්බෙ නෑ..
හැබැයි මම ලිව්ව මගේ වාසගම..
මකල තිබ්බ...
මම අන්තිම සැරේට බලද්දිත්..
වෙරලේ තිබ්බ..
ඇගෙ නම විතරක්..
නිල්මිනි..... කියල..
ඔව් නිල්මිනී කියන නම නොමකා..
වාසගම මුහුද මකලා තිබ්බා... ආදරෙන්..
අපි දෙන්නටම අමතක උනා..
එදා රෑ..
මගෙ වාසගම විතරක් නෙවෙයි..
මැකුනේ..
නැති උනේ..
අපි අරගෙන ආපු ප්ලාස්ටික් බෝට්ටුව..
හොරු අරන් ගිහින් තිබ්බ..
අපි ඒක හෙව්වෙ නෑ..
අදත් ඇගෙ නම ඇගේ වාසගම එක්ක..
මගෙ නම මගේ වාසගමත් එක්ක..
අද අපි අපිව හොයන් නෑ වගේම..
අපි අපිව හොයන් නෑ වගේම.. උනාට..
ඒ මතක අතීතයෙ ඇති..
අතීතය සමරන මිනිස්සු..
අනාගතයට ආදරෙයි..
මතක තියාගමු..
හෙට දවස අනින්දා දවසෙදි අතීතයක්..
ඒ අතීතයෙ..
අපිට හෙවන දුන්න කිසිම මලක්..
පරවෙන් නෑ..
පරවෙන්න දෙන්නෙත් නෑ...
පිරිමි හිත්..
අරවින්ද යායේ..
මල් පරවෙන් නෑ...
මදු මාදව මතකබින්ද..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top