හඳුනානොගත් එක් දේහයක් ගම්පොළ රෝහලේ තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, අනතුරින් තුවාල තවත් 46 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ.
ඊයේ අළුයම 4 ට පමණ මෙලෙස අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණේ කතරගම සිට මහනුවර හරහා කුරුණෑගල බලා පිටත්ව ගිය කතරගම ඩිපෝවට අයත් ලංගම බස් රථයක්.
එම අවස්ථාව වන විට බස් රථයේ පුද්ගලයින් 80 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් පුද්ගලයින් 30කට අධික පිරිසක් තුවාල ලැබූවා.
අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු මියගිය අතර ඔවුන්ගේ දේහයන්, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තැන්පත් කර තිබුණේ නාවලපිටිය, පේරාදෙණිය, නුවරඑළිය සහ ගම්පොළ යන රෝහල්වලටයි.
ඒ අනුව, බොහෝ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර, අද දිනයේත් මෘතශරීර භාර දීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයින් පැවසුවා.