Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
01
ඔබේ ශරීරය යකඩ ඌණතාවයෙන් පෙළෙන බවට ඉඟිකරන ලක්ෂණ ගැන දන්නවද ? මෙන්න විස්තරේ...

- ඔබේ ශරීරය යකඩ ඌණතාවයෙන් පෙළෙන බවට ඉඟිකරන ලක්ෂණ ගැන දන්නවද ? මෙන්න විස්තරේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මතක ශක්තිය සහ අවධානය හීන කරන යකඩ ඌනතාවය ගැන දන්නවද?  යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවන්නේ සිරුරේ යකඩ ප්‍රමාණය අඩු වීම නිසා කියලා අපි හැමෝම වගේ දන්න කතාවක්..දැනුවත් වෙන්න යකඩ ඌනතාවය සහ රක්තහීනතාවයෙන් වලකින්න නම් එදිනෙදා ජිවිතයේදී ආහාරයට ගත යුතු වටිනා ආහාර ගැන. 


ඔබට ලෙඩ රෝග රැසකින් බේරිලා යහපත් සෞඛ්‍යකින් දිවි ගෙවන්න මේ කාරුණු වැදගත් වේවී... වැදගත් වෙයි කියලා හිතනවා. මේ කියන්න හදන්නේ යකඩ ඌනතා රක්තහීනතාවය ගැන සවිස්තරාතම විස්තරයක් ....

මෙය බොහෝවිට රුධිර හානියක් නිසා හෝ ගර්භනී තත්ත්වය නිසා ඇතිවිය හැකිය.

එයට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන යකඩ පෙති ලබා ගැනීම හෝ යකඩ බහුලව අඩංගු ආහාර ලබා ගැනීම සිදුකරයි.

ඔබට යකඩ ඌනතා රක්තහීනතාවය ඇත්දැයි පරීක්ෂා කිරීම

රෝගලක්ෂණ ලෙස:

වෙහෙසකාරී ස්වභාවය සහ ශක්තිහීන ස්වභාවය

හුස්ම ගැනීමේ අපහසුතාවය

හර්ද ස්පන්දනය ඔබට දැනීම (පැල්පිටේෂන්)

සම සුදුමැලි වීම

යකඩ ඌනතා රක්තහීනතාවයේ සුලබව දක්නට නොලැබෙන රෝගලක්ෂණ - ඔබගේ රෝග තත්ත්වය එතරම් බරපතල නොවේ නම්: ඔබට යකඩ ඌනතා රක්තහීනතාවයේ රෝගලක්ෂණ පවතී නම් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න. කුඩා රුධිර පරීක්ෂාවක් කිරීම මගින් ඔබට රක්තහීනතාවය ඇත්දැයි තහවුරු කර ගත හැකිය.

යකඩ ඌනතා රක්තහීනතාවය සඳහා රුධිර පරීක්ෂා- ඔබගේ වෛද්‍යවරයා විසින් සාමාන්‍යයෙන් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (full blood count test/FBC) නිර්දේශ කරනු ඇත. මෙමගින් ඔබගේ රතු රුධිර සෛල සංඛ්‍යාව (red blood cell count) සාමාන්‍ය මට්ටමේ පවතී දැයි පරීක්ෂා කර බලනු ඇත.

මෙම පරීක්ෂාව සඳහා පෙරසූදානම් වීමක් අවශ්‍ය නැත.

යකඩ ඌනතා රක්තහීනතාවය, රක්තහීනතා ආකාර වල සුලබම ආකාරය වේ.

රුධිර පරීක්ෂාව මගින්, විටමින් B12 සහ ෆෝලේට් ඌනතා රක්තහීනතාවය වැනි අනෙකුත් ආකාර ද පරීක්ෂා කරනු ඇත.

යකඩ ඌනතා රක්තහීනතාවය සඳහා ප්‍රතිකාර

ඔබගේ රක්තහීනතා තත්ත්වය ඇතිවූ හේතුව සොයාගත් පසුව,(උදාහරණයක් ලෙස, තුවාලයක් නිසා හෝ අදික ඔසප් වීම නිසා) ඔබගේ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර නිර්දේශ කරනු ඇත.

ඔබගේ රතු රුධිර සෛල ප්‍රමාණය අඩු බව රුධිර පරීක්ෂාව මගින් සොයාගතහොත්, ඔබගේ සිරුරේ අඩුවූ යකඩ ප්‍රමාණය නැවත ස්ථාපනය කිරීම සඳහා ඔබට යකඩ පෙති නිර්දේශ කරනු ඇත.

එම නිර්දේශිත පෙති, ඔබට ඔසුසැල් වලින් සහ සුපිරි වෙලදසැල් වලින් මිලදී ගත හැකි අතිරේක වලට වඩා ප්‍රබල වේ.

ඔබට ඒවා මාස හයක් වැනි කාලයක් පුරාවට ලබා ගැනීමට සිදු වනු ඇත.

එම ඖෂධ ලබා ගැනීමෙන් පසුව දොඩම් යුෂ පානය කිරීම මගින්, ඔබේ සිරුරට එම යකඩ අවශෝෂණය කර ගැනීමට පහසු කරවනු ඇත.

සමහර පුද්ගලයන්ට පහත සඳහන් අතුරු ප්‍රතිඵල ඇති විය හැකිය:

මල බද්ධය හෝ පාචනය

උදරයේ වේදනාව

පපුවේ දැවිල්ල

අසනීප ගතියක් දැනීම (ඔක්කාරය ඇතිවීම)

මලපහ කලු පැහැති වීම

ආහාර ගන්නා අතර හෝ ආහාර ගත් වහාම එම පෙති ලබා ගැනීමෙන් අතුරු ප්‍රතිඵල ඇති වීමේ අවදානම අවම කරගත හැකිය.

ඔබට අතුරු ප්‍රතිඵල ඇතිවූවද, එම පෙති දිගටම ලබාගැනීම වැදගත්ය.

වැදගත්-යකඩ පෙති කුඩා දරුවන් ගෙන් ඈත් කර තබන්න.

යකඩ අධිමාත්‍රාවෙන් ශරීරගත වීම කුඩා දරුවෙකුට මාරාන්තික විය හැකිය.

ඔබගේ වෛද්‍යවරයා විසින්, ඊලඟ මාස කිහිපය පුරාවට නැවත නැවතත් රුධිර පරීක්ෂා සිදු කර, ඔබගේ සිරුරේ යකඩ ප්‍රමාණය සාමාන්‍ය අගයට පැමිණඇතිදැයි පරීක්ෂා කරනු ඇත.

ඔබ විසින්ම කල හැකි දේ

ඔබගේ යකඩ ඌනතා රක්තහීනතා තත්ත්වය ඇතිවීම කෙරෙහි ඔබගේ ආහාර රටාවේද යම් දායකත්වයක් ඇත්නම්, ඔබගේ වෛද්‍යවරයා විසින් යකඩ බහුලව අඩංගු ආහාර ඔබට පැවසූ පසු, ඔබට එම ආහාර වැඩිපුර ලබාගත හැකිය.

පහත ආහාර පාන වැඩිපුර ලබාගන්න:

දියබෙරලිය( watercress) සහ කර්ලි කේල් වැනි තද කොල පැහැති පලා වර්ග

අමතර යකඩ අඩංගු කරන ලද ධාන්‍යආහාර සහ පාන් වර්ග

මස් වර්ග

පියලි ධාන්‍ය (බෝංචි, කජු, පරිප්පු)

පහත ආහාර අවම කරන්න:

තේ

කෝපි

කිරි සහ කිරි නිශ්පාදන

ආහාර සහ යකඩ පෙති මගින් ඔබගේ ශරීරයට යකඩ අවශෝෂනය වීම වලක්වන, සම්පූර්ණ ධාන්‍ ය(wholegrain) වැනි ෆයිටික් අම්ලය (phytic acid) අධිකව අඩංගු වන ආහාර

මෙවැනි ආහාර පාන අධිකව ගැනීම මගින් ඔබගේ ශරීරයට යකඩ අවශෝෂනය වීම අපහසු කරනු ඇත.

යකඩ ඌනතා රක්තහීනතාවයට හේතූන්- ඔබ ගර්භනී තත්වයේ නම්, බොහෝවිට ආහාර වේලේ ප්‍රමාණවත් ලෙස යකඩ අඩංගු නොවීම නිසා ඔබට යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවිය හැකිය.

අධික ඔසප් වීම සහ ගර්භනීභාවය යකඩ ඌනතා රක්තහීනතාවයේ සුලබ හේතු වේ. අධික ඔසප් වීමට ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකිය.

පිරිමි අයට සහ ආර්තවහරණයට පත්වූ කාන්තාවන් ට යකඩ ඌනතා රක්තහීනතාවය ඇතිවීම, ආමාශයේ හෝ අතුනුබහන් වලින් රුධිර හානියක් සිදුවන බවට ලක්ෂණයක් විය හැකිය.

එය පහත හේතු නිසා සිදුවිය හැකිය:

අයිබියුප්රොෆෙන් සහ ඇස්පිරින් වැනි, ස්ටෙරොයිඩ නොවන ප්‍රතිප්‍රධාහ ඖෂධ (non steroidal anti-inflammatory drugs/NSAIDS) ගැනීම

ආමාශයේ තුවාල

මහාඅන්ත්‍රයේ (ආන්ත්‍රික ප්‍රදාහ/colitis) හෝ ගලනාලයේ (oesophagus) ඉදිමුම් තත්ව

අර්ශස් තත්ත්වය

ආමාශයේ හෝ අතුනුබහන් වල පිලිකා තත්ව-නමුත් මෙය සුලබ නොවේ

රුධිර හානි සිදුවිය හැකි අනෙක් තත්ව හෝ ක්‍රියා මගින් යකඩ ඌනතා රක්තහීනතාවය ඇති විය හැකිය.

ඔබ ඔබගේ යකඩ ඌනතා රක්තහීනතාවයට ප්‍රතිකාර ලබා නොගතහොත්

ප්‍රතිකාර නොකල යකඩ ඌනතා රක්තහීනතා තත්ත්වය:

ඔබට රෝග වැලදීමේ සහ ඔබ ආසාදන වලට ලක් වීමේ අවදානම වැඩි කල හැකිය- යකඩ ප්‍රමාණය අඩු වීම ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරයි

ඔබගේ හර්දයට සහ පෙනහලු වලට ආකූලතා ඇතිවීමේ අවධානම ඉහල නංවනු ඇත-හර්ද ස්පන්දන වේගය ඉහල යාම (ටැකිකාර්ඩියා) හෝ හර්දය අක්‍රිය වීම

ගර්භනී තත්ත්වයේදී, පූර්ව සහ පශ්චාත් ප්‍රසව ආකූලතා ඇතිවීමේ අවධානම ඉහල නැංවිය හැකිය...

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි....
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top