Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"මල්ලි දඟලනවා... අපි දෙන්නාම කෑගහගෙන එකතු වෙලා මල්ලිගේ කකුලෙන් ඇද්දා..." - දිවි පරදුවට තබා මල්ලී බේරාගත් අයියා හා මිතුරා කියන කතාව...

- "මල්ලි දඟලනවා... අපි දෙන්නාම කෑගහගෙන එකතු වෙලා මල්ලිගේ කකුලෙන් ඇද්දා..." - දිවි පරදුවට තබා මල්ලී බේරාගත් අයියා හා මිතුරා කියන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

වන අලි කඩා වැදීම වැළැක්වීමට දමා තිබූ නීති විරෝධී විදුලි රැහැනක දැවටී ජීවිතයත් මරණයත් සමඟ සටන් කරමින් සිටි තම මල්ලීගේ ජීවිතය බේරා ගැනීමට මිතුරකු සමඟ ක්‍රියාත්මක වූ සොහොයුරෙකු පිළිබඳව පුත්තලම කල්අඩිය හයේ කණුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.


තම මිතුරා සමඟ එක්වී මෙලෙස බේරා ගෙන ඇත්තේ කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සුනෙත් හිමාෂ නමැති සිසුවෙකි.

කල්අඩිය හයෙ කණුව, මෙගොඩ කිරල් ඔය ආසන්නයේ පදිංචි සුනෙත් හිමාෂ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබූ අතර ඔහුගේ සොහොයුරා හා මිතුරා නොවන්නට මේ වනවිටත් ජීවිතයෙන් සමුගෙන අවසන් බව වෛද්‍යවරු පවසති.

නිවෙස ආසන්නයේ පිහිටි මෙගොඩ කිරල් ඔය ඇළ පාරට උඩින් වූ ස්ථානයේ දරුවන් නිතර යන එන ස්ථානයක ඇති කරපිංචා පදුරෙන් කිනිති කිහිපයක් කඩා ගෙන එන ලෙසට මව පැවසීමත් සමඟ එම පදුරින් කිනිති කිහිපයක් කඩාගෙන ඒමට ගිය හිමාෂ මෙසේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණි.

හිමාෂගෙ තනිවට ඔහුගේ වැඩිමල් අයියා හා අයියාගේ මිතුරෙකු ද එක්වී තිබුණද ඔවුන් දෙදෙනා මල්ලීට කරපිංචා කඩා එන ලෙස පවසා අසල තිබූ මාදං ගසක මාදං කැඩීම සිදුකර ඇති බව පවසයි.

විනාඩි කිහිපයකින් මල්ලීගේ ශබ්දයක් නොමැති වීම හේතුවෙන් ඔහු ගැන විපරම් කර ඇති බවත් එහිදී අධික විදුලි සැර සහිත කම්බියක් තම සොහොයුරාගේ අතේ ඇමිණී තිබූ බවත් මුඛයෙන් සෙම දමමින් දඟලමින් සිටි තම සොයුරා බේරා ගැනීමට දෙවරක් නොසිතා කකුලකින් ඇද ඇති බවත් පැවසේ.

එම සිද්ධිය ගැන විස්තර කළ හිමාෂගේ වැඩිමහල් සොහොයුරා වන සුදේශ් මිහිරංග මෙසේ කීය.

“මල්ලිට කරපිංචා කඩාගෙන එන්න කියලා අම්මා කියද්දි මම ළඟ හිටියේ. එතකොට මගේ යාළුවා තීක්ෂණ මධුෂාන් ගෙදර ඇවිත් හිටියේ. අපි දෙන්නත් මල්ලි එක්ක ගියා.එතැනට ගේ ළඟ ඉඳලා මීටර් 100ක් විතර දුරක් තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. මල්ලිට කරපිංචා කඩාගෙන එන්න කියලා මම තීක්ෂණත් එක්ක ඇළේ තිබුණ මාදං ගහට නැඟලා මාදං කැඩුවා. කරපිංචා පඳුර තිබුණේ ඇළෙන් උඩ.මල්ලි ගියාට සද්දයක් නැති නිසා අපි දෙන්නා ගහ උඩ ඉඳලා බැලුවා මල්ලි දඟලනවා. අපි දෙන්නාම කෑගහගෙන පැන්නා බිමට. මම එකපාරම දැක්කා කම්බියක් වගේ දෙයක් අතේ ඇමිණිලා තියෙනවා.ඒ වෙද්දි මල්ලිට සිහිය නැතිවෙලා කටින් සෙම දාන්න පටන් අරන්.

අපි දෙන්නාම එකතු වෙලා මල්ලිගේ කකුලෙන් ඇද්දා. අපි දෙන්නාටම අර කම්බියෙ දාල තිබුණ කරන්ට් වැදුණා අපි දෙන්නාව විසි වෙලා වැටුණා.ඒත් එක්කම දෙන්නා අයෙත් නැඟිටලා මල්ලි ළඟට ඇවිත් අයෙත් ඇද්දා ඒ අදිද්දි මල්ලිගේ අතේ කම්බිය ගැලවිලා අපි කලින් ඇදපු පාරට.මල්ලිට ඒ වෙද්දි සිහියක් නැහැ. අතක වළලු කර පිච්චිලා තිබුණා. අපි දෙන්නාම මල්ලිව කරට අරන් කෑගහගෙන පාරට ආවා ඒ කෑගැහිල්ලටම හුඟ දෙනෙක් පිරුණා. මම දුවලා ගිහින් ත්‍රීවීල් එකක් අරන් ආවා.එක්කම එතැන හිටිය අයියා කෙනෙක් මල්ලීගේ පපුවට ගහලා සිහිය ගන්න උත්සහ කරලා කටේ හිර වෙලා තිබූ සෙම ගුළිය එළියට අරන් විසිකළා.අරන් ආපු ත්‍රීවිලර් එකෙන් කොට්ටුකච්චි රෝහලට අරන් ගියා. ඒ වෙද්දි දොස්තර මහත්තයා එක්ක හිටිය කට්ටිය මල්ලිව ඉක්මනට වාට්ටුවට අරන් ප්‍රතිකාර පටන් අරන් ඉක්මනට පුත්තලටම රෝහලට එව්වා” යැයි ඔහු පවසන්නට විය.

කොට්ටුකච්චිය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරි ඩිලන්ත රසන්ජන් මහතා මෙසේ පැවැසීය.

“මේ දරුවා රෝහලට අරන් එන්න තව විනාඩි කිහිපයක් ගත වුණා නම් ජීවිතය ගැන විශ්වාසයක් තියන්න අමාරු වෙනවා. නමුත් එයාගේ අයියයි අනෙක් යාළුවයි ඉක්මන් වුණ නිසා මේ දරුවාගේ ජීවිතය බේරා ගන්න අපිට හැකි වුණා. අපි මූලික ප්‍රතිකාරවලින් පස්සේ පුත්තලම මූලික රෝහලට කඩිනමින් ගිලන් රථයෙන් පිටත් කළා.”

විදුලි සැර වැදුණු හිමාෂ පුත්තලම මූලික රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටියද හිමාෂට විදුලි සැර වැදීම සිදුවූ ස්ථානයේ නීති විරෝධි ලෙස විදුලිය ලබා ගෙන අලි වැටක් දැමූ පුද්ගලයාට නිසිලෙස නීතිය ක්‍රියාත්මක වී නැති බවද පැවසේ.

එසේම තම කුඹුරු බේරා ගැනීමට මාර්ගයෙ දිවෙන ප්‍රධාන විදුලි ධාරාවෙන් මාර්ගයේ විදිපහනකට අලෝකය ලබා දීමට දී තිබූ වයර් උපයෝගි කර ගනිමින් අනවසරයෙන් විදුලිය ලබා ගත් ඉඩම් හිමියාට තවමත් නිසි නීතිය ක්‍රියාත්මක වීමක් සිදුව නැති බව දරුවාගේ ඥාතීහු ද චෝදනා කරති.

එසේම අදාළ ස්ථානයට පුත්තලම විදුලිබල මණ්ඩල නිලධාරීන් පවා පැමිණ සිද්ධිය නීති විරෝධි ක්‍රියාවක් බව අනුමත කරමින් අදාළ විදුලි රැහැන පවා ඉවත් කර ගියද ඒ සඳහා අදාළ ඉඩම් හිමියාට මේ වන විටත් කිසිදු නීතියක් ක්‍රියාත්මක කර නැති බව ද දරුවාගේ ඥාතීහු පවසති.

එසේම මෙම දරුවාගේ ඥාතීන් පවසන්නේ මෙලෙස නීති විරෝධීව මාර්ගයෙන් විදුලිය ලබා ගෙන අනවසර විදුලි වැටක් දැමූ තැනැත්තාගේ ඥාතීන් දෙදෙනෙකු මෙයට පෙර මෙම ස්ථානයට යාබදව ස්ථානයක හා කල්අඩිය, සිංහපුර ප්‍රදේශයේ මෙලෙසම මාර්ගයේ විදුලි රැහැන් උපයෝගි කර ගනිමින් දමා තිබූ නීති විරෝධී අලි වැටකින් විදුලිසැර වැදී අලි දෙදෙනෙකු මරා දමා ඇති බවත් එක් අලියකු එලෙස මරා වළ දමා තිබියදී වනජීවී නිලධාරීන් සොයා ගෙන නඩු පවා දමා ඇති බවයි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top