ද්විපාර්ශ්වික ක්‍රීඩා වලදී ටයිබ්රේකර් එකක් තිබිය යුතු බවට අයිසීසී ක්‍රීඩා කොන්දේසි ලැයිස්තුගත කර තිබියදීත්, සම වූ ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින තරගයෙන් පසු සුපිරි ඕවරයක් නොමැතිවීම පිළිබඳව කතාබහට ලක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිට පිට දෙවැනි වරටත් තරගයක් දෙපිලම සම තත්ත්වයෙන් අවසන් වුණා. නමුත් මේ සතිය මුලදී සම වූ ඕවර 20 තරගය ඉන්දියාව සුපිරි ඕවරයෙන් ජය ගත් අතර, එක්දින තරගය පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැතිව අවසන් වුණා.එය ඕවර 50 තරගයක 44 වැනි සම වූ අවස්ථාව ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත්, ICC හි එක්දින ක්‍රීඩා කොන්දේසි පරීක්ෂා කිරීමෙන් පෙනී යන්නේ සුපිරි ඕවරයක් ක්‍රීඩා කළ යුතුව තිබූ අතර, එසේ නොකිරීමෙන් වරදක් සිදු ව ඇති බවටයි.
නීති පවසන්නේ කුමක්ද?
2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන නවතම ICC පිරිමි ODI ක්‍රීඩා කොන්දේසි වලට අනුව, සම තත්ත්වයකදී හෝ ප්‍රතිඵලයක් නොලැබුණහොත්: “සුපිරි ඕවරයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. සුපර් ඕවරය සම වුවහොත්, සුවිශේෂී තත්ත්වයන් ඇති නොවේ නම්, ජයග්‍රාහකයෙකු තීරණය කිරීමට අවශ්‍ය සුපිරි ඕවර ක්‍රීඩා කිරීම හෝ සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් තරගය සම වනු ඇති බවට සඳහන්.”
16.3.1.1 වගන්තියේ සඳහන් වන්නේ සම තත්ත්වයකින් අවසන් වන සියලුම පිරිමි එක්දින තරඟ ක්‍රීඩා කිරීමට නොහැකි නම් මිස සුපර් ඕවර් එකකින් අවසන් වන බවයි. ඉන්දීය ඉනිමේ අවසන් වන විටත් මිනිත්තු පහකට පසුව සුපිරි ඕවරය ආරම්භ කිරීමට වර්ෂාවක් හෝ වැස්සක බාධාවක් තිබුණේ නැහැ
මීට පෙර එක්දින තරගවල සුපිරි ඕවර ක්‍රීඩා කර තිබේද?
ඉතා ප්‍රසිද්ධ එක්දින තරගයක් සුපිරි ඕවරයකින් අවසන් වුණා. 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය, ප්‍රධාන තරගය සහ සුපිරි ඕවරය යන දෙකම සම වීමෙන් පසුව එංගලන්තය විසින් සීමා මායිම් මත ජයග්‍රහණය කළා. නමුත් එය එකම උදාහරණය එය නොවෙයි. පකිස්තානය සහ සිම්බාබ්වේ අතර 2020 එක්දින තරගයක් සුපිරි ඕවරයකින් අවසන් වි තිබෙනවා. එම තරගය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් ලෙසයි පවත්වා තිබුණේ. 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය අතර සුපිරි ඕවරයක් ද පැවත්වා තිබුණා.
( විස්ඩන් ක්‍රිකට් වෙබ් අඩවිය ඇසුරෙන් )
කාන්තා එක්දින තරඟවලදී, බටහිර ඉන්දීය කොදෙව්වන් 2021 දී සුපිරි ඕවරයකින් දකුණු අප්‍රිකාව පරාජය කළ අතර තරඟයෙන් පසුව දකුණු අප්‍රිකාවේ ලිසෙල් ලී මෙම සිදුවීමට එරෙහිව තිබුණා. “මම හිතන්නේ එක්දින තරගවලට සුපිරි ඕවරයක් තිබිය යුතු නැහැ,මම එයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි."