Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
"සුදු ඇඳගත්ත පුද්ගලයෙක් එක පාරටම ඇවිත් මාව නඩේ ළඟට එක්කගෙන ගියා...ඒත් නඩේ හිටපු කවුරුවත් එයා දැකලා තිබුණේ නෑ..." - ශ්‍රිපාද වන්දනාවේ ගොස් අතුරුදන් වූ මවක් කියන ඇඟ කිළිපොලා යන කතාව...

- "සුදු ඇඳගත්ත පුද්ගලයෙක් එක පාරටම ඇවිත් මාව නඩේ ළඟට එක්කගෙන ගියා...ඒත් නඩේ හිටපු කවුරුවත් එයා දැකලා තිබුණේ නෑ..." - ශ්‍රිපාද වන්දනාවේ ගොස් අතුරුදන් වූ මවක් කියන ඇඟ කිළිපොලා යන කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ශ්රීපාද අඩවියේ සුරංගනාවන් ඉන්නවා කියලා ශ්රීපාද අඩවියේ යෝගී හිමිනමක් ආන්දෝලනාත්මක ප්රකාශයක් කරලා තිබුණා.


මේ හිමිනම තව බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන්වහන්සේ ස්පර්ශ කළ ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ සංකේතයක් විදියට තමයි මේ ශ්‍රීපාදය තුන්ලෝකෙටම උතුම් වෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපතුල තුළ අපට දකින්න ලැබෙනවා. පතුලේ උස් තැන් පහත් තැන් නැහැ. ඉතා සමතලා පතුලක්. දිගු විළුඹකින් යුතු දිගටි ඇඟිලිවලින් යුත් ශ්‍රීපාදය මැද දහසක් නිම්වළලු තියෙන චත්‍ර ලක්ෂණයක් දැකිය හැකි වෙනවා. සිදුහත් කුමාරයා මවු කුස පිළිසිඳගෙන ඉන්නේ පද්මාසනයක ආකාරයෙන්. සියලු දරුවන් මුලින්ම ලෝකයට ජනිත වෙන්නේ හිසෙන්. නමුත් බෝසතාණන්වහන්සේගේ දෙපතුල තමයි ලෝකය දකින්නේ.

ඒ කියන්නේ සිදුහත් කුමාරයා උත්පත්තිය ලබනකොට මුලින්ම දෙපතුලෙන් තමයි ලෝකයට එන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාලා චිතකයට මහා කස්සප රහතන්වහන්සේ වන්දනා කරනවා. ඒත් චිතකයේ ශ්‍රීපාදය තමා මහා කස්සප මහරහතන් වහන්සේ වන්දනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාලා ලෝකය අවසානය දකින්නෙත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාදය. ඒ කියන්නේ ශ්‍රීපාදයට කුමක් හෝ මහා බලසම්පන්න කතාවක් තියෙනවා.

ලක්ඛන සූත්‍රයේ බුදුරජාණන්වහන්සේගේ සිරිපා මේ විදියට තිබෙන හේතුව සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන්වහන්සේගේ පා සලකුණ තියෙන ශ්‍රී ලාංකික අපට දායාද වුණු ශ්‍රීපාදස්ථානය සමනල කන්ද මුදුනේ පිහිටා තියෙනවා. අපි මහත් භක්තියෙන් ගිරිදුර්ග තරණය කරලා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කරනවා. ශ්‍රීපාදස්ථානය සමනල කන්ද අවට මහා හාස්කම් තියෙනවා. මේ සමනල මහ වනාන්තරයේ භාවනානුයෝගී ස්වාමින්වහන්සේලා වගේම ඍද්ධිමත් රහතන්වහන්සේලා පවා වැඩඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. විද්‍යාව දියුණුයි කියන සමාජයේ ඇහැට පේන සියලු දේවල් සත්‍යය කියලා තමයි අපි පිළිගන්නේ.

ඇහැට පේන්නේ නැති හැම දෙයක්ම බැහැර කරනවා. නමුත් විද්‍යාව මුලින් බැහැර කරපු දේවල් පසුව හරි කියලා ඔප්පු කරනවා. විද්‍යාවේ අවසානයක් නැහැ. මෑතකදී අපට ඇසට පේන්නේ නැති දේවල් අනපේක්ෂිත කැමරා කාචවලින් ඔබත් දැකලා ඇති. ඒ විතරක් නෙවෙයි සිහිනයෙන් ඇවිල්ලා ඔබට යම් විපතක් වෙනවා නම් කවුරු හරි ඔබට කියලා ඇති සමහර තැන්වලින් ඔබව ආරක්ෂා කරලත් ඇති. ඒ කියන්නේ ඇසට නොපෙනෙන බැහැර කළ විද්‍යාවක් මේ ලෝකයේ තවත් තියෙනවා.

අපට පෙනෙන්නේ උස, දිග, පළල පමණයි. අපට ත්‍රිමානව පේනවා. නමුත් මාන 4ක් කවුරු හරි දකිනවා නම් කාලයත් දකිනවා නම් ඒ ජීවියාට අපේ අනාගතය දකින්න පුළුවන්. එහෙනම් මේ සිවුවැනි මානය පේන අයද අපව ආරක්ෂා කරන්නේ? මේකත් ගැටලුවක්.

ශ්‍රීපාද අඩවියේ වනවාසී භාවනානුයෝගී මාර්ගඵලලාභී භික්ෂුන්වහන්සේලා රැසක් පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. හැබැයි බොහෝ දෙනෙක් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දන්නේ නැහැ. මොකද ශ්‍රීපාදස්ථානයට බොහෝ අය ඇතුළු වෙන්න මැළිකමක් දක්වනවා. මේකේ තියෙන අද්භූත සිදුවීම් නිසා. මහින්ද අමුගොඩ සහ රංජිනී දේදුවකුමාර යන දෙදෙනා ශ්‍රීපාද අඩවියේදී පර්යේෂණයක් කරනවා. ඒගොල්ලෝ එහිදී මුණගැහෙනවා බවුන් වඩන භික්ෂුන්වහන්සේ නමක්.

ඔවුන් ඒ භික්ෂුන්වහන්සේ සමග කතාබහ කරනවා. ශ්‍රීපාද වනයේ යෝගී භික්ෂුන්වහන්සේ හිතාගන්න බැරි, විද්‍යාවට හසු නොවුණු අද්භූත සිදුවීම් පෙළක් ගෙනහැර දක්වනවා. ඒක හින්දා තමයි ශ්‍රීපාදය බොහෝ අබිරහස් සිදුවුණා කියලා ජනප්‍රවාදයේත් පවතින්නේ. අද්භූත පලතුරු උයන්, එළි දැල්වෙන ගුහා, යක්ෂයන්, දෙවිවරු, දිව්‍යාංගනාවන් වගේ බොහෝ ශ්‍රීපාද අඩවියේ ජීවත් වෙනවා. උන්වහන්සේගේ දෙනෙතින්ම දුටු ශ්‍රීපාදස්ථානයේ දිව්‍යාංගනාවන් තමයි මේ අපි සඳහන් කරන්න යන්නේ. උන්වහන්සේම ඒ ගැන පවසා තිබුණේ මේ විදියටයි.

''ඒක වස් අවසාන පොහොය දවසක මමත් තවත් ස්වාමින්වහන්සේ කෙනකුත් හිටියා. ශ්‍රීපාද මළුවට පැමිණි පුද්ගලයෙක් අපි හිටපු ස්ථානයට ආවා. ඔහු අපට දානය පූජා කළා. අවුරුදු 3ක්ම එක දිගට අපි ගස්වල කොළයි පොතුයි බිස්කටුයි තමයි වැලඳුවේ. මේ කාලය පුරාම බත් සහිත දාන වේල 3ක් තමයි අපි වලඳලා තිබුණේ. ඔහු අපට දානය පූජා කළාට පස්සේ අපි ඔහුට පින් අනුමෝදන් කරන්න වාඩිවෙලා හිටියා. අනෙක් ස්වාමින්වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළා.

මමත් ඒ ළඟම ආසනයේ හිටියේ. මට පේනවා ළා කොළපාට, කහ පාට, සුදු, තැඹිලි වර්ණයෙන් යුත් චීත්ත හැට්ට ඇඳගෙන දිගු පබළු පොටවල් දාගෙන එකම වයසේ වගේ එකම ආකාරයේ විසි දෙනෙකුගේ විතර පිරිසක් අපි ඉදිරියේ වාඩිවෙලා ඉන්නවා. මම ඇසේ මායාවක්ද කියලා හිතලා ඇස් පියාගෙන විනාඩි 3ක් විතර ඉඳලා යළිත් ඇස් විවර කරලා බැලුවා. බලන විටත් ඔවුන් එතැනම ඉන්නවා. මම බලනකොට ඔවුන් වැඳගෙන බණ අසමින් තමයි සිටින්නේ. අනෙක් ස්වාමින්වහන්සේ පින් අනුමෝදන් කරනකොට ඔවුන් සියලු දෙනාම අතුරුදන් වුණා….''තමන් ඉදිරියේ සිටි සියලු අංගනාවන් එකම ඇඳුමක් ඇඳ සිටි බවත්, සියලු දෙනාම එකම පෙනුමකින් දිස්වූ බවත් යෝගාවචර හිමියන් එම ග්‍රන්ථයට සඳහන් කර තිබුණා.

ශ්‍රීපාද කන්දේ පාමුල පර්වතවාසී භූමාටු දෙවිවරු රැඳී සිටිනවා. ධම්මචක්ක පවත්තන සූත්‍රය කොතැනකදී හෝ දේශනා කරනකොට ඔවුන් දිස්වෙනවා කියලා තමයි යෝගී හිමියන් අනාවරණ කරන්නේ. මේ වගේ අද්භූත සිදුවීම් ශ්‍රීපාද කඳුවැටියේ අසාමාන්‍ය දර්ශන නම් නෙවෙයි. භාවනානුයෝගී හිමියන් ඒ විදියට තමයි පවසන්නේ.

උන්වහන්සේ තවත් අනාවැකි රාශියක් සඳහන් කරලා තියෙනවා. වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කරන්නේ ධම්මචක්ක සූත්‍රය අවබෝධයෙන් යුතුව දිනපතා සජ්ඣායනා කරන අයට මාර්ගඵල ලැබුණේ නැතත් නියත වශයෙන් දිව්‍ය ලෝක උත්පත්තියක් ලබනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට අපේක්ෂිත සියලු පින්වතුන් අවබෝධයෙන් යුතුව ධම්මචක්ක පවත්තන සූත්‍රය දිනපතා සජ්ඣායනා කළ යුතු බව උන්වහන්සේ තවදුරටත් සඳහන් කරනවා.

ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව පවතින අද්භූත සිදුවීම් පිළිබඳ අත්දැකීම් ඇති කිහිප දෙනකු අප වෙත ඔවුන්ගේ අත්දැකීම් එවා තිබුණා. ඉන් එක් අයකු සඳහන් කර තිබුණේ, තමන් ශ්‍රීපාද අඩවියේදී පය ලිස්සා වැටෙන්න ගිය අවස්ථාවක එක්වරම ‘සුමන සමන් දෙවි පිහිටයි’ යනුවෙන් කියවුණු බවත්, ඒ සමගම කවුදෝ පුද්ගලයෙක් තමන්ව අල්ලාගන්නා අයුරු දැනුණු බවත්, ඒ නිසාම තමන් ඉතා ආරක්ෂිතව එම අනතුරෙන් බේරුණු බවයි.

තවත් පුද්ගලයෙක් සඳහන් කර තිබුණේ මෙවැනි අදහසක්.
''ඔය කතා ඔක්කොම ඇත්තද කියන්න දන්නේ නෑ. හැබැයි සුදු ඇඳගත්ත කෙනෙක් එනවා කියන එක නම් ඇත්ත. මගේ අම්මා මාව ලැබෙනකොට ශ්‍රීපාද වන්දනා කරන්න ගිහින් තියෙනවා. ඒ කාලේ දැන් වගේ ලයිට් නෑ. ඈතින් ඈතට තමයි ලයිට් තියෙන්නේ. අද වගේ පඩිපෙළවළ් තිබිලත් නෑ. ගල්වලින් නැගලා යන්න තියෙන්නේ. කොහොම හරි අම්මා මාවත් බඩේ තියාගෙන සිරිපා කරුණා කරනවා. ඊට පස්සේ අම්මා ආයෙමත් පහළට කරුණා කරද්දී රෑ වුණාලු.

ලයිට් එහෙම නැති නිසා අමාරුවෙන් කරුණා කරලා ටික දුරක් යද්දී හොඳටම කරුවල ප්‍රදේශයකට ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ අම්මා තනිවෙලා තියෙනවා. ඉතින් අම්මා ඒ වෙලාවේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් මට පහළට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාලු. ඒ වගේම සුදු ඇඳගත්ත පුද්ගලයෙක් එක පාරටම ඇවිත් අම්මාව නඩේ කරා එක්කගෙන ගිහින් තියෙනවා. ඔහුත් සමග අම්මා පහළ නඩේ ළඟට ආවට පස්සේ නඩේ පිරිසගෙන් අහලා තියෙනවා ඒ සුදු ඇඳගත්ත මනුස්සයා කෝ කියලා. ඒත් නඩේ හිටපු කවුරුවත් එහෙම මනුස්සයෙක්ව දැකලා තිබුණේ නෑ. ඉතින් මේ කියන දේවල් ඇත්තක් නැතුව නෙවෙයි. අදටත් ඒ අත්දැකීම් විඳපු මිනිස්සු ඉන්නවා….''එවැනි අද්භූත සිදුවීමකට මුහුණ දුන්නු තවත් කෙනෙක් මේ විදියට සටහන් කරලා තිබුණා.

‘මම මීට අවුරුදු ගණනාවකට කලින් ශ්‍රීපාදය වන්දනා කළා. 1977 වසරේදී. මගේ වයස දැන් අවුරුදු 70ක්. අපි ශ්‍රීපාදය හරිම ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. අපි සතියක් විතර මස් මාංශ අනුභව කළේ නෑ. අපට එහිදී ටිකක් වෙනස් කෙනෙක් මුණගැහුණා. තාපසයෙක් වගේ කෙනෙක්. ඔහු අපෙන් ඇහුවා ශ්‍රීපාදයේ මැණික් එළිය බලන්න කැමැතිද කියලා. මගේ තාත්තා උගත් සිල්වත් කෙනෙක්. එයා කැමැති වුණා. ඊට පස්සේ අර පුද්ගලයා බැම්මක් වගේ තැනකින් යකඩ කූරක් ඇදලා ගත්තා. එතැනට ඇහැ තියලා අපි හැමෝම බැලුවා. ලස්සන නිල් පාට එළියක් දැක්කා. ඉතින් සෙනඟ වැඩි නිසා ඒ පුද්ගලයා ඉක්මනින්ම ගියා….’ 

තවත් පුද්ගලයෙක්ගේ අත්දැකීමක් සටහන් කරලා තිබුණේ මේ ආකාරයටයි.

‘2023.08.25 වැනිදා අපි ශ්‍රීපාදය වන්දනා කරන්න ගියා. මේ අවාර කාලය නිසා කිසිම නඩයක් හිටියේ නැහැ. ගිය නඩේ අයට අමාරු නිසා අපි දවල් 11ට විතර නැවත ශ්‍රීපාදස්ථානයෙන් පහළට බහින්න පටන් ගත්තා. ලයිට් නැති නිසා ටෝර්ච් එළියෙන් වර්ණගලට බහිනකොට සුදු වස්ත්‍රයකින් සැරසුණු සුදු උස මහත අයෙක් මා ඉදිරියේ එක්වරම පෙනී සිටියා….’
උපුටා ගැනීම - මව්රට 
 

 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top