දැන් ඔය ගෑණු ළමයි ආකර්ෂණය වෙන පිරිමි ළමයින්ගේ දේවල් තියෙනවනේ.
ගොඩක් වෙලාවට ඔය ගෑණු ළමයි ඇත්තටම ආකර්ෂණය වෙන්නේ පිරිමි ළමයින්ගේ මොන දේවල් වලටද කියලා සක්කර මුත්තටවත් හොයාගන්න බෑ.
1. පොඩ්ඩක් කළු වෙන්නත් ඕනලු
මේ ඉන්ඩියන් ටෑන් කියලා කියන එක ඉතින් අපිටත් අදාළයි, මොකද ලංකාවේ ගොඩක් කොල්ලන්ටත් ඔය ඩාක් ටෑන් එක, ඒ කියන්නේ අඳුරුවට හුරු තළඑළලු හම තියෙනවනේ. හැබැයි ඉතින් ලංකාවේ සමහර ගෑණු ළමයි නම් සුදට ඉන්න කොල්ලන්ටත් කැමති වෙන්න පුළුවන්. ඇත්තටම ඔය කළු, උස කොල්ලන්ට කැමතියි කියන එක ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන කාලේ එහෙම ගෑණු ළමයි කියනවා කියලා තතුදත්තෝ කියනවා. කොහොමත් විදෙස් රටවල අය ගොඩක් වෙලාවට සමකාසන්න රටවල අයගේ අඳුරු සමට කැමතියි කියලා කියනවනේ. අන්න ඒ නිසා, සුදු වෙන්න හිතාගෙන ෆෙයාර් ඇන්ඩ් ලව්ලි දවසට දෙපාර ගාන මල්ලිලාට කියන්න තියෙන්නේ, ඒ ගැන ලොකුවට හිතන්න එපා කියලා තමයි.
2. අයි කොන්ටැක්ට්!
මේක ඇත්තටම කොයි විදියේ කොල්ලෙක්ට වුනත් ප්ලස් පොයින්ට් එකක් නිසා, මේ කාරණාවට ගෑණු ළමයි ආකර්ෂණය වීම ගැන පුදුමයක් නෑ. ඒ කියන්නේ, ගෑණු ළමයෙක්දිහා බලනකොට වුනත්, ගෑණු ළමයෙක් එක්ක කතා කරනකොට වුනත් ගස් දිහා, ගල් දිහා, පාරේ යන මිනිස්සු දිහා, ගෑණු ළමයගේ යාලුවා දිහා, ගෑණු ළමයගේ බූබ්ස් දිහා බලන්නේ නැතුව කෙලින්ම ඇස් දිහා බලන්න පුළුවන් කම තිබීම. ඒකෙන් කොල්ලෙක්ට හොඳ පෞරුෂත්වයක් තියෙනවා කියන එකත් කියවෙනවා. එහෙම කෙලින් ඇස් දිහා බලලා කථා කරන්න පුළුවන් කොල්ලෙක් හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්නවා කියන එකත් කියැවෙනවා.
3. රැවුල!
රැවුල ගැන නං කියන්න දෙයක් නැති තරම්. ඇයි? අපි ඉන්නේ වවපු රැවුල ට්‍රෙන්ඩ් එකක් වුණු කාලෙක. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. රැවුලට කැමතියි කියලා ගෑණු ළමයි ගොඩක් වෙලාවට කියන්නේ ඔය කැලේ වගේ වවාගෙන ඉන්න, ඉලුක් බූසි වගේ තියෙන රැවුල් වලට නම් නෙවෙයි. ගොඩක් වෙලාවට ගෑණු ළමයි ආස වෙන්නේ බොහොම පිළිවෙලට පවත්වාගෙන යන නීට් රැවුලකට.
දැන් කාලේ රැවුලන්ට කැමති නැති ගෑණු ළමයිනුත් එහෙන් මෙහෙන් ඉන්නවා කියන එකත් කියන්න වෙනවා.
4. ඇබ්ස්, බට්ස්!
මේ කියන්නේ අර ශරීර සුවතාවය ගැන පොඩ්ඩක් හිතන, ජිම් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇඟ ලස්සන කරගෙන ඉන්න අයියලා ගැන තමයි. හැබැයි මේ කියන්නේ අර සම්පූර්ණයෙන්ම බයික් හැන්ඩ්ල් එකක් ගිල්ලා වගේ ඇවිදින ලෙවල් එකට ආපු කොල්ලෝ ගැනත් නෙවෙයි.සාමාන්‍යයෙන් පිරිමි ශරීරයක තියෙන ලස්සන මතු කරලා ගත්තු, ආම්ස් කට් වෙලා තියෙන, ඇබ්ස් ටිකක් පේන්න ඇවිත් තියෙන කොල්ලන්ට තමයි මේ නංගිලා ආකර්ෂණය වෙනවා කියලා කියන්නේ. දැන් එක නංගි කෙනෙක් කියනවනේ බට්ස් වලට, ඒ කියන්නේ කොල්ලෙක්ගේ පස්සටත් ආකර්ෂණය වෙනවා කියලා. ඒක ඇත්ත. කොල්ලෝ විතරක් නෙවෙයි ගෑණු ළමයින්ගේ පස්සවල් වලට ආස වෙන්නේ!
5. සෙක්සි වොයිස් එකෙන් කණට කොඳුරලා කියන්නම් රහසේ!
කොහොමත් ලස්සන, සෙක්සි වොයිස් එකක් කියන්නේම ඔය ගෑණු ළමයින්ගේ හදවතට ආමන්ත්‍රණය කරන්න ෂුවර් ඇන්ඩ් ෂොට් විදියක්නේ. අන්න ඒ නිසා එහෙම සෙක්සි වොයිස් තියෙන කොල්ලන්ට කාන්තා ආකර්ෂණය වැඩියි කියන එක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් අඳුනන්නේ නැති ගෑණු ළමයෙක් සෙක්සි වොයිස් එකට ආකර්ෂණය වුනත්, එක පාරම කණට කොඳුරන්න යන එක නං ගුටිකන්න වෙන වැඩක්. හැබැයි ඉතින් දෙන්නා පොඩ්ඩක් දැනහඳුනාගෙන, ලං වුනාට පස්සේ, එහෙම සෙක්සි වොයිස් එකකින් කණට කොඳුරන එකෙන් ගෑණු ළමයව බොහොම ලේසියෙන් ටර්න් ඔන් කරන්න පුලුවන් කියලා තමයි මේ කියන්නේ!
6. යුනිෆෝර්ම්
ඕක නං ඉතින් රටවල් භේදයක් නැතුව ගෑණු ළමයින්ට තියෙනවනේ. නේවි යුනිෆෝම් එකට, ආමි යුනිෆෝම් එකට, එයාර්ෆෝස් යුනිෆෝම් එකට, පොලිස් යුනිෆෝම් එකට විතරක් නෙවෙයි, සමහරු මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ යුනිෆෝම් එකටත් ආකර්ෂණය වෙනවා. හැබැයි ඉතින් යුනිෆෝම් එකට ආකර්ෂණය වුනාට කමක් නෑ, යුනිෆෝම් ඇඳලා ඉන්න කොළුවව කරකාරෙට ගන්න හිතනවා නම්, ඔය අනික් දේවලුත් ගැලපෙනවද කියලා හොඳට හොයලා බලන්න වෙනවා!
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්