ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක්, වෛද්‍ය උපදෙස්වලට පටහැනිව, Covid එන්නත 217 වතාවක් එන්නත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
එහෙත් ඔහුට අතුරු ආබාධ ඇතිවී නොමැති බව වාර්තා වෙන අතර Erlangen-Nuremberg විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ "අපි ඔහුගේ සිද්ධිය ගැන පුවත්පත් ලිපි හරහාදැන ගත්තා. පසුව අපි ඔහුව සම්බන්ධ කරගෙන පරීක්ෂණවලට භාජනය වන ලෙස ඔහුට ආරාධනා කළා. ඔහු එසේ කිරීමට ඉතා උනන්දු වුණා"
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින්පසුව පැවසුවේ එම පුද්ගලයාට එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් අතුරු ආබාධ ඇතිවී නොමැති බව වාර්තා වූ බවයි.