ඕක නේ ඇත්ත තත්වේ.. පොඩ්ඩ්ක් හරි ගාණ අඩුවට කන්න ලැබුණොත් එහෙම තැන්වල ඇහෙන්නේ මෙහෙම කතා.. නැත්නම් සමහර වෙලාවට මේ කිසිම දේකින් අතට වාසියක් වත් අපට වාසියක්වත් ලැබෙන්නේ නැති වෙලාවල් තියනවා..
මේ කතාව අපට ඇහෙන්නේ කිලිනොච්චියේ කනගරායන්කුලම ප්‍රදේශයෙන්.. ආපන ශාලාවකින් පාරිභෝගිකයෙකුට ලබා දුන් කොත්තු රොටියක පණුවන් ගුළියක් සිටීමේ සිද්ධියක් ගැන අහන්න ලැබුණා..
මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පෙරේදා පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවටයි වාර්තා වෙන්නේ..
මෙම ආපන ශාලාව දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතින දුරගමන් සේවා බස් රථවල මගීන්ට ආහාර පාන සපයන ආපන ශාලාවක්..
බස් රථයක පැමිණි මගියෙකු ඇණවුම් කළ කොත්තු රොටියේ පණුවන් විස්සකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි පණු ගුලියක් කොත්තු රොටියේ තිබී හමු වී ඇති අතර, ඔහු මේ පිළිබඳව කිලිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කීරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා...
එම කාර්යාලයේ නිලධාරියෙකු පවසා සිටියේ පණුවන් සිට ඇත්තේ කොත්තු රොටියේ නොව ඊට යොදන ලද කුකුළු මස්වල බවයි.. නිලධාරීන් පිරිසක් අදාළ ආපන ශාලාව වෙත ගොස් එහි ශීතකරණවල හා අල්මාරිවල අසුරා තිබූ සියලුම ආහාර දැඩි ලෙස පරීක්ෂාවට ලක් කොට තිබෙනවා..