දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා.
මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික එකම පවුලේ මව පියා සහ පිරිමි දරුවෙකු,මෝටර් රථ රියදුරු මෙන්ම බස් රථයේ ගමන් කරමින් සිටි මෙහෙණින් වහන්සේ නමක් තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ දඹුල්ල සිට සීගිරිය බලා ගමන් කරමින් තිබූ විදේශිකයන් රැගත් මෝටර් රථයක්.