අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන
https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසෙන ලෙස හෝ ස්වයංක්‍රිය දුරකතන සේවාව වන 011-2117116 ඔස්සේ සම්බන්ධ වන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.
කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතුවන අතර, 011-2117116 යන ස්වයංක්‍රිය දුරකථනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන බව ඔහු සඳහන් කළා.