ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකට යාබද නිවාස දෙකක් අතර සිදුවුණු ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි ගෝනාපිනුවල, දෙල්ගහදුව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.
මරණකරු රැකියාව නිමවා නිවසට පැමිණෙන අවස්ථාවේ දී බල්ලන් පිරිසක් බුරා පැමිණිමේ දී එම බල්ලන් අයිති හිමිකරුට පොරවකින් පහර දී තිබෙනවා.
ඉන් අනතුරුව, තුවාල ලැබු පුද්ගලයාගේ පුතුන් දෙදෙනා මරණකරුගේ හිසට පොල්ලකින් පහර දීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.
පොලිසිය පැවසුවේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.