මිනිස්සු ඉවසන්න ඕනි ඉවසන්න ඕනිම තැන.
හැබැයි ඉවසීමේ සීමාව පැන්නාම ගන්නා තීරණ නිසා වෙන්නේ අවසානයේ දුක් වෙන්න.
මේ කියන්නේ ඉවසීම නැතිකම නිසාම සිදුවුණ අවාසනාවන්ත සිදු වීමක් ගැන.
බහින්බස් වීමක් දුරදිග යාමෙන් කරන්දෙණිය ගුරුබැබිල ප්රදේශයේ බිරිඳක් කැත්තකින් පහරදී සැමියා ඝාතනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා 42 හැවිරිදි එක්දරු පියෙක් බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ කරන්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.