හිරු මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් මැලේසියාවේදී පැවති ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවා තැබීමට සමත්ව තිබෙනවා.
ඒ, ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයින් දහසකට අධික සංඛ්‍යාවක් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගනිමින්.
වැලිවේරිය, කිතුලකන්දගම ග්‍රාමයේ දිළිඳු පවුලක සාමාජිකයෙකු වන ධනුෂ්කට මැලේසියානු මැරතන් තරගාවලියට සහභාගිවීම පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකයි.
එම තරගාවලියට එක්වීමේ දහසකුත් බලාපොරොත්තු පොඳි බැඳගෙන සිටි ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනිදා හිරු ප්‍රවෘත්ති තුළින් රටටම අනාවරණය කළා.
ඒ අනුවයි ගුවන් ප්‍රවේශ පත්‍රය, මැරතන් පාවහන් ඇතුළු ඊට අදාළ වියදම් සඳහා වන අනුග්‍රහකත්වය ලබාදීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා පියවර ගනු ලැබුවේ.