මේ හේතුවෙන් යොසෙමිටේ ජාතික වනෝද්‍යානය සහටාහෝ විල අවට ඇති හිම ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.
එම ප්‍රදේශවලට අඩි 10 දක්වා උසට හිමපතනයක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් I-80 අධිවේගී මාර්ගයේ විශාල කොටසක් ඇතුළු මාර්ග කිහිපයක් වසා දමා තිබෙනවා.
එමෙන්ම නෙවාඩා කඳුකරයේ සුළං වේගය පැයට කිලෝමීටර 225 දක්වා ඉහළ යා හැකි බවටයි බලධාරින් අනතුරු අඟවන්නේ.
දැඩි හිම සහ දරුණු සුළං ඇතුළුව වඩාත් ආන්තික කාලගුණ තත්ත්වයන් කඳුකරයේ වඩාත් ඉහල උන්නතාන්ශවල අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.