කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි, කිරි තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
අද පවති මාධ්‍ය හමුවකදී එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ මෙම ඉහළ යාම අද මධ්‍යම රාත්‍රියේ සිට සිදු වන බවයි.
ඒ අනුව, ප්ලේන්ටි මිල රුපියල් 5කින්, කිරි තේ රුපියල් 10කින්, රයිස් ඇන්ඩ් කරී කෑම එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් ආදී වශයෙන් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.