මේ අතරම මෙම බෝම්බ පිපිරීමෙන් අරුම පුදුම ලෙස ජීවිතය බේරාගත් තරුණයකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉංජිනේරුවෙකු වන කුමාර් අලන්ක්‍රිත් නම් තරුණයාද එම අවස්ථාවේ එම අවන්හලට ගොස් ඇත්තේ දිවා ආහාරය ගැනීමටයි.
දිවා ආහාර ඇනවුම ලබා දුන් පසු මවගෙන් ලැබුන දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සඳහා ඔහු පිටතට ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදියි එම බෝම්බය පිපිරී තිබෙන්නේ.
එම අවස්ථාව ගැන ඔහු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ මෙසේයි.
"මම ඔෆිස් එක ඉවර වෙලා කැෆේ එකට ගිහින් දවල්ට කන්න ඇවිත් ඉඩ්ලි සහ දෝසා ඕඩර් කළා.
මම මේසෙකට යනකොටම අම්මගෙ කෝල් එකක් ආවා.
ඒකට කතා කරන්න මම එළියට ආවා.
ඒ වෙලාවෙයි පිපුරුණේ...
ඒ ශබ්දයට මගෙ කන් දෙක ටික වෙලාවක් යනකන් ඇසෙන්නේ නැතුව තිබුණා.
පිපුරුන වෙලාවේ මම දැක්කා වයසක ගෑනු කෙනෙක්ගේ අත්වල ලේ.
මම මුලින් හිතුවේ ගෑස් එකක් පුපුරලා කියලා"
යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරු අලෙවි සැලට පැමිණ යන ආකාරයේ සීසීටීවී දර්ශනද මේ වන විට නිකුත් කර ඇති අතර ඔහු අඩක් මුහුණ ආවරනය කර සිට ඇති බවට සඳහන්.