ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ඕනිම කෙනෙක් ලෑස්තියිනේ
මොකද ආදරය රැකගන්න,බැඳීම තවත් ශක්තිමත් වෙන්න කැපකිරීම් කරන්නම වෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කැපකිරීමක් කරපු සැමියෙක් ගැන.හැබැයි මේ කැපකිරීම හරි අමුතුයි.
මේ සැමියා නම ටොම් පීටර්ස්.
ඉන්නේ ඇමරිකාවේ.
තම බිරිඳගේ සුරතල් සුනඛයා මිය ගියාට පසු ඇය ශෝකයෙන් ඉන්න නිසා ඇයගේ සතුට වෙනුවෙන් ටොම් හරි අපූරු වැඩක් කරල.
ඒ ඇයගේ සුරතල් සුනඛයා වගේ ඔහු සැරසිලා.
හැබැයි එයා එහෙම ජීවිත කාලෙම බල්ලෙක් විදිහට ඉන්න හිතාගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නෙ.
මේ සුන්ඛ ජීවිතය වෙනුවෙන් ඔහු සැත්කම් පවා කරලා තියෙනවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මොනවා උනත් ඔහු බිරිඳත් එක්ක හරි සතුටෙන් සුනඛයෙක් විදිහට ජීවත් වෙනවලු.
මේක හැබැයි අපිට පුදුම දෙයක් අමුතු දෙයක් උනත් එයාගෙ බිරිඳට නම් මේක සාමාන්‍ය දෙයක් කියලයි කියන්නේ.
මොකද මේ දෙන්නා 2008 වසරේ ඉඳලලු මෙහෙම ඉන්නේ.
කොහොම වුනත් බිරිඳ වෙනුවෙන් මෙහෙම කැපකිරිමක් කරපු ටොම් දැං ජීවත් වෙන්නේ "ඩැල්මේශන්" වරගයේ සුනඛයෙක් විදිහට.