පවතින දැඩි උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24ක කාලය සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක කරුණු කිහිපයක් ප්‍රකාශයට පත්කරමින්.
වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව නිවේදනයකර සිටින්නේ.
එමෙන් ම නිරතුරු සිරුර සිසිල් කර ගන්නා ලෙසත් සැහැල්ලු ළා පැහැති ඇඳුම් භාවිතා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
