ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය සියයට 3.34 කින් විදුලි ගාස්තු අඩු කිරීමට පසුගිය ජනවාරි මස ඉදිරිපත් කළ යෝනාව හකුලා ගනිමින් මෙම නව යෝජනාව ඉදිරිපත් කර ඇත.