ලංකාවේ ධීවරයින් පිරිසකට ලැබුණ අපූරූ වාසියක් ගැන තමයි මේ කියන්නේ.
මුහුදු රස්සාවට යන ගොඩාක් අයගේ සිහිනය විශාල මාළු අස්වැන්නක් ලබාගෙන ගොඩ බිමට ඇවිත් අතමිට සරු කරගන්නනේ.
මේ කියන්න යන්නේ එක මත්ස්‍යයෙක් නිසා ධීවරයකුට ලැබුන වාසියක් ගැන.
යාපනයේ වඩමාරච්චි, උඩුතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකුගේ දැලට විශාල මෝරෙකු හසු වී තිබෙනවා.
විශේෂත්වය වෙන්නේ ඒ මෝරගේ බර කිලෝ ග්‍රෑම් 3700ක් පමණ වීම.
දැල අදින්න සූදානම් වෙද්දි විශාල යමක් පැටලිලා වගේ දැනිලා ට්‍රැක්ටර් රථයක සහ අනෙකුත් ධීවර සගයන්ගේ සහයෙන් මේ දැල අදිද්දි තමයි මේ බව දැනගෙන තියෙන්නේ.
කොහොම හරි මේ මෝරා මත්ස්‍යයාව ලක්ෂ 16ක් වැනි මුදලකට මිලට ගන්න ව්‍යාපාරිකයෙකුත් ඉදිරි පත් වෙලා තිබුනලු.
