අධික උණුසුම් කාලගුණ තත්ත්වය තව මාසයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උණුසුම් කාලගුණ තත්ත්වය පසුගිය ජනවාරියෙන් ආරම්භ විය.
දිස්ත්‍රීක්ක අටක අවදානම් සහගත උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ ගම්පහ කුරුණෑගල පුත්තලම අනුරාධපුර පොළොන්නරුව ත්‍රිකුණාමලය සහ හම්බන්තොට එම දිස්ත්‍රික්ක වේ.