මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඊයේ හටගත් ගින්නෙන් එහි විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ යාබද ගොඩනැගිල්ලක වහලයකටද ගින්නෙන් හානි සිදුවී ඇති බවයි. ඊයේ රාත්‍රි 7.30 ට පමණ ඇතිවු මෙම ගින්න පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04 ක් යොදා ගත් බව එම ප්‍රකාශකයා කියා සිටියා. විද්‍යාගාරයේ පැවති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න පාලනය කිරීමට පැය දෙකකට පමණ කාලයක් ගතවු බවයි ඔහු සඳහන් කළේ.
ගින්නට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වනු ඇති බවට සැක පළ කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
කෙසේ වෙතත් ගින්නට හේතුව කුමක්ද යන්න නිවැරදි ලෙස තහවුරු කරගැනීම සඳහා අද දිනයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා තිබෙනවා. ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් ගනන් බලා නැහැ.