සේයා සදෙව්මි ඝාතන නඩුව මේ වන විට අධිකරණයේ අඛණ්ඩව විභාගයට ගනිමින් සිටිනවා. ඒ අතර පසුගියදා සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට පැමිණි ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඡේ. ඉලේපෙරුම මහතාගේ සාක්ෂියක් අනුව ඔවුන් වසර ගණනක් හෙළිනොවූ රහසක් සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වූ සමන් ජයලත් සහ ඔහුගේ සොහොයුරු දිනේෂ් ප්‍රියශාන්ත එකම පිය පරම්පරාවක නොවන බවයි. කෙසේ නමුත් මෙය සිදුවූ ආකාරය මෙන්ම එහි විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දැනගැනීමට හිරු ගොසිප් අප ජින්ටෙක් ආයතනයේ රුවන් ඡේ. ඉලේපෙරුම මහතා සම්බන්ධ කරගැනීමට හැකිවුණා.
එහිදි ඔහු පවසා සිටියේ මෙවන් කාරණයක්...
“DNA තාක්‌ෂණය එළිදැක්‌වූයේ 1987 මහා බ්‍රිතාන්‍යයේදීයි. DNA කියන්නෙ ඩිඔක්‌සි රයිබෝ න්‍යෂ්ඨික අම්ලයයි. එක් එක් පුද්ගලයන් අනුව DNA රටා වෙනස් වෙනවා. නිවුන්නුන්ගේ DNA රටාව එක හා ගැලපෙනවා. මෙම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් විත්තිකාර සමන් ජයලත් සහ ඔහුගේ සොහොයුරු දිනේෂ් ප්‍රියශාන්ත නමැත්තාගේ DNA වාර්තාව අනුව එකම පිය පරම්පරාවක නොවන බව ජාන පරීක්‌ෂණයේදී හෙළිවුණා.“
මෙහිදී පිරිමි පුද්ගලයින් වෙනුවෙන්ම විශේෂ වූ DNA පාදක කරගත් පර්යේෂණ මාළාවක් සිදුකිරීමට ජින්ටෙක් ආයතනයේ පිරිස් සමත් වී තිබෙනවා. මනුෂ්‍යයෙක් පුරුෂයෙක් වීමට අවශ්‍ය තොරතුරු ගබඩා වී තිබෙන්නේ Y වර්ණ දේහය තුළ ඇති DNA තුළයි. ඉහත DNA පරීක්ෂණයේදී ඉලක්ක කරගෙන ඇත්තේ මෙවන් DNA කොටසක්. පිරිමි අයෙකුට තමන්ගේ Y වර්ණ දේහය හිමිවන්නේ තමන්ගේ පියාගෙන්. ඒ නිසා යම් පුද්ගලයෙකුගේ සිරුරේ ඇති Y වර්ණ දේහයේ DNA ඔවුන්ගේ පිය පරම්පරාවේ උරුමය කියාපානවා.
සේයගේ නඩුවේ සහෝදරයින් යැයි කියන දෙදෙනාගේ Y වර්ණ දේහ DNA හා දැරියගේ සිරුර තුළ තිබී සොයාගන්නා ලද ජෛව කොටස්වල අන්තර්ගත පිරිමි DNA එකිනෙක සංසන්දනයන් කිරීමට ජින්ටෙක් ආයතනයේ පිරිස් මෙහිදී කටයුතු කර තිබෙනවා. එහිදි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ DNA, ජෛව නිදර්ශකයන් තුළ තිබූ පිරිමි DNA සමඟ ගැලපෙන බව ජින්ටෙක් ආයතනයේ වෛද්‍යවරු නිගමනය කර තිබෙනවා.
එසේම සහෝදරයින් ලෙස ඉදිරිපත් වූ සැකකරුවන් දෙදෙනාගේ Y වර්ණ දේහ DNA නොගැලපෙන බව නිගමනය කර තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ඔවුන් දෙදෙනා නිසැකවම පිය පරම්පරා දෙකකින් පැවත එන්නන් බවයි වෛද්‍යවරයා අප හමුවේ පවසා සිටියේ...
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්....