තම බිරිඳ ඔහුගේම මාමා කෙනෙකුන් සමඟින් අනියම් සම්බන්ධයක් පැවැත්වනවා යැයි සැකයකට ස්වාමි පුරුෂයෙක් විසින් ඔහුගේ බිරිඳට කෲර ලෙස සිදුකල වදහිංසාවක් පිළිබඳව වාර්තා වනවා.
තමන් නිවසේ නොමැති අවස්ථාවකදී විටින් විට බිරිඳ හමුවීමට ඉහත කී මාමා විසින් පැමිණ ඇති බවට සැක සිතී ඒ පිළිබඳව බිරිඳගෙන් මොහු ප්‍රශ්න කර තිබෙනවා. ඒ සමඟින් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බිරිඳට පිහියක් පෙන්වා ඇයව බිය කොට මොහු පවසා ඇත්තේ ඔහු විසින් පවසන සියළු දේ සිදුකරන ලෙසයි.
ස්වාමියාගේ පහරකෑම් වලට බියෙන් ඇය ඔහු පවසන සියළු දේ කරන්න වී තිබෙනවා. අනතුරුව ඇයව නිරුවත් කොට මෙම කෲර සැමියා විසින් ඇයගේ රහස් ප්‍රදේශවලට දැඩිව ඇලවෙන ගම් විශේෂයක් දමා තිබෙන්නේ ඇයගෙන් පලිගැනීමේ අරමුණිනුයි.
එසේ සිදුනොකරන ලෙස ඇය ඔහුගෙන් දණින් වැටී හඬාවැටෙමින් අයැද ඇතිමුත් සිතේ තරහටම මොහු මෙම කෲර ක්‍රියාව සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් බිරිඳ රෝහල්ගත කර ඇති අතර මේ වන විට ඇය දැඩි වේදනාවකින් පෙලෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. එමෙන්ම අදාල සැමියා නිවසින් පලාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.