Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
12
ඉකිගහලා අඬලාවත් හිත හදාගන්න බෑ | හේමාල්

- ඉකිගහලා අඬලාවත් හිත හදාගන්න බෑ | හේමාල්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

315 Views

ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට ආවේ...?
මම 5 වසරට යනකල් ගියේ මිශ්‍ර පාසලකට. ඒ කාලේ මට මතකයි ඉස්කෝලේ ජාතික ගීය ගායනා කරද්දී මම මගේ කටහඬ ටිකක් ගොරෝසු කරනවා. හරිම පුංචි වයසෙදි තමයි මං ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට දැනුණේ.

ගෙදරින් කනෙන් රිංගුවේ...?
වැඩිපුරම කළේ ඒවා තමයි. මම ගියේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට. ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් පැනලා ෆිල්ම් බලන්න යනවා. ෆිල්ම් එක හොඳ ද නරකද කියන එක අපිට අදාළ නෑ. අපිට ඕන ස්කූල් කිට් එකෙන් ගිහින් ෆිල්ම් එක බලන්න විතරයි. ඒක ඒ දවස්වල ලොකුකමක්.

ගෙදරින් රිදෙන්න ගුටි කෑවේ...?
තාත්තා මට තරවටු කරලා තියෙන්නේ එකම එක ටොක්කක් ඇනලා විතරයි. අම්මාගෙන් නම් ගුටි කනවා. දවසක් ගෙදර පොල් ගහකට නැග්ගා කුරුම්බා කඩන්න. මල්ලි ගහ යට. මං ගහේ ඉඳන් බිම බලද්දී අපේ අම්මා මල්ලිගේ කන මිරිකගෙන. එදා ගහෙන් බැස්සම කෝටුවක් කැඩෙනකල් අම්මා මට ගැහුවා.

පාසලෙන් ලැබුණු අමතක නොවන දඬුවම...?
අපෝ ඕනතරම් ගුටි කනවා. පාසල් වත්තේ ගස් කොළන් සුද්ද කරනවා. කෘෂිකර්ම පැත්තේ තියෙන ගම්මිරිස් කඩලා විකුණලා තෝසේ කඩෙන් තෝසේ කනවා. ඕවට අනන්තවත් ගුටිකාලා ඇති.

පොලිසියට මාට්ටු වුණේ...?
අපේ ගෙදර වැට පැනපු ගමන් තියෙන්නේ ඉස්කෝලේ. ඒත් හැමදාම උදේට කොල්ලෝ ගැන්සියත් එක්ක ටවුන් විසිට් එකක් ගිහින් තමයි ඉස්කෝලෙට යන්නේ. ගෑනු ළමයින්ගේ ඉස්කෝල ළඟ හිටගෙන ඉන්නවා. අහල පහළ ඉස්කෝලවල ළමයින්ට පාට් දානවා. දවසක් අපේ කොල්ලෙක්ට සද්දයක් දැම්මා කියලා අපි ගැන්සියම අයියලාගේ පන්තියකට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කළා. කෙළින්ම මාර්ෂල් ආර්ට්වලින් ගැහුවේ. හැබැයි පොලිසියෙන් අපිව අල්ල ගත්තා. ස්කූල් කිට් පිටින්ම පොලිසියේ ඉන්න සිද්ධ වුණා.

විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවුණේ...?
එතකොට ඉගෙන ගත්තේ 2 වසරේ. එක ගෑනු ළමයෙක් ගැන අමුතු හැඟීමක් ආවා. තවම මට ඒ ළමයාගේ නම, ගම මතකයි. මම එයාගෙයි මගෙයි නම් දෙක ලියලා එකතු කිරීමේ ලකුණ මැදට දාලා අපේ ගේ ඉස්සරහ කානුවේ කොළ කෑලි පා කරනවා. මං හිතුවේ ඒක එයා ළඟට ගිහින් මාව හොයාගෙන දුවගෙන එයි කියලා. ඔන්න අපි දෙන්නම ශිෂ්‍යත්වෙන් පාස්වුණා. අපි දෙන්නගෙ වෙන්වීම. මං පස්සෙන් ගිහින් 'මුජෙ නීදන ආයේ...' කියන හින්දි සින්දුව කිව්වා. මගේ යාළුවා පිටිපස්සේ ඉඳන් බෙර ගැහුවා. ඒ ළමයා 'පිස්සුද අනේ ඔයාට. මේ මොන විකාරයක්ද' ඇහුවා.

සත්‍ය ප්‍රේමයකට මුලපිරුවේ...?
O/L ඉවර වෙලා A/L වලට ක්ලාස් යන්න පටන්ගත්ත ගමන්. ඒත් හිතට ආවට ආදරය ප්‍රකාශ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. මං නිසා යාළුවන්ටත් වදයක්. ඒ නිසා මං ඒ ළමයා ඉන්න බස් එකට නැඟලා 'මං ඔයාට ඇණයක්ද?' කියලා ඇහුවා. මං ආදරය ප්‍රකාශ කරන වෙලාවේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකට ගියේ 'ඔබ ඇපල් මලක් වාගේ...' සින්දුව. ඒක තමයි ඒ වෙලාවේ බස් එකේ දාලා තිබුණේ.

ආදරය ප්‍රකාශ කරන්න යද්දි ලැබුණු අමතක නොවන ප්‍රතිචාරය...?
'මං ඔයාට ඇණයක්ද' ඇහුවම ඒ ළමයා කිව්වා 'ඔයාව මට ඇනෙන්නේ නෑ' කියලා. ඒ කියන්නේ මට කැමැතියි කියන එකනේ.

මුලින්ම කොළඹ ආවේ...?
මුලින්ම තනියම කොළඹ ආවේ නම් 'හිරිපොද වැස්ස' ෆිල්ම් එකට ඉන්ටර්විව් එන්න. තාත්තගෙන් ඇහුවම 'ඉගෙන ගනිං' කියලා බැන්නා. ඊට පස්සේ අම්මාගෙන් කනු කුනු ගාලා රුපියල් 1,000කුත් ඉල්ලගෙන මං කොහොමහරි ඉන්ටර්විව් ගියා. හැබැයි ෆිල්ම් එකට එන්න බැරිවුණා ප්‍රථම ප්‍රේමය හරස්වුණ නිසා.

තමන්ගෙම කියලා කීයක් හරි හොයාගත්තේ...?
මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. දවසේ පඩියට මම තාත්ත ළඟ වැඩකළා. දවසට රුපියල් 200ක් ලැබුණා.

මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ...?
මට තිබුණේ ලේසියෙන් හොඳ කරන්න බැරි පිස්සුවක්. ෆිල්ම් එකක රඟපාන්න පුදුම උණක් තිබුණා. ආධුනික නළු නිළියන් ගන්නවා කියලා දැන්වීමක් දැකලා මම ලුම්බිණි රඟහලට ආවා ඇඳුම් දෙක තුනක් අරගෙන. මං වගේම පිස්සු පොරවල් තව තිහ-හතළිහක් හිටියා. මං ඇඳුම් මාරු කර කර, එක එක අතට හැරිලා නම, ගම කියලා එද්දී ඇඩ්වාන්ස් එකට රුපියල් 1,000කුත් ගත්තා. අද වෙනකල් ඔය හාදයා මට කතා කළේ නෑ. මං ඉන්නේ කවදහරි මුණගැහෙයි කියලා බලාගෙන.

තමන්ගෙම රියැදුරු අසුනක වාඩි වුණේ...?
ජෝන් කීල්ස් එකේ වැඩ කරද්දී ආයතනයෙන් මටම වාහනයක් ලැබුණා. මාර ජොලියක් ආවේ. එදා මං සෙටප් එක වැඩි... කරලා හයියෙන් සින්දු කිය කියා තමයි ඩ්‍රයිව් කළේ.

මුණගැහුණු විශ්වාසවන්තම පුද්ගලයා
අම්මයි තාත්තයි.

පරාජිත හැඟීමක් හිතට ආවේ...?
2010දී කොරියාවේ තිබුණු 'Mr. World' තරගයෙන් පරාජය වුණු වෙලාවේ. ඒ වෙද්දී මම ඒ වගේ තරග කීපයකින්ම දිනලා තිබුණු නිසා දිනන මානසිකත්වයක් විතරයි තිබුණේ. හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා.

තනිකමක් හිතට දැනුණේ...?
ගොඩක් වෙලාවට දැනෙනවා. මම කොළඹ තනියම. අම්මා ඉන්නේ මාතලේ. තනිකම දැනුණු ගමන් අම්මාට කොළඹ එන්න කියලා කෝල් කරලා කරදර කරනවා.

ඉකිගහලා ඇඬුවේ...?
මගේ ජීවිතයේ දුක්බරම අවස්ථාව මගේ තාත්තා නැතිවුණු දවස. එදා මම ඉකිගහලා ඇඬුවා. තාත්තා අපි නොහිතපු වෙලාවක අපිව දාලා ගියා. ඉකිගහලා අඬලාවත් ඒ හිත හදාගන්න බෑ.

ජීවිතයට වඩාත්ම සමීප ගීතය...?
ටී. එම්. ජයරත්න මහත්තයගේ 'පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී...' ගීතය. අදටත් මට තනියම ඒ ගීතය අහන්න බෑ. ඒ ගීතය අහන හැම වෙලාවකම මම හදවතින් අඬනවා.

රංගනයේදී සැබෑ නොවුණු හීනයක්...?
මම හරිම කැමැති රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම. තවම ඇයත් එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබිලා නෑ. ඒ සිහිනය සැබෑ වෙනවා නම් මම හරිම සතුටුයි.













Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top