‘‘මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා, මම මගේ ජීවිතයට වඩා වොලිබෝල් වලට ආදරය කලා, ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා ප්‍රැක්ටිස් වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා මේ සියල්ලටම මුල මගේ අහිංසක කම ඒ අහිංසකකමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප්‍රයෝජන ගත්තා ඔයාලා මගේ ජීවිතේ වුන දේවල් වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11 වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.‘‘
තම අත් අකුරින් පිටු දෙකක් තමන් ගේ පාසැල් ජීවිතයේ තමාගේ ජීවිතය කාලකන්නියෙකු විසින් කෙලෙසු අයුරු අමිහිරි අත් දැකීම් ලියා තබා පාසැලේ වැසිකිලිය තුලදී ඇට වර්ගයක් සීනි සමඟ කෑමෙන් මියගිය නවෝදා එරන්දී ගේ ලිපියේ ඉහත වදන් කිපය හද කකියවයි.