අංශභාගය හැදුනු දෙමාපියන් රැක බලාගෙන අනාගත විභාග කඩ ඉමක් ජයගන්න වෙර දරන පුතෙක් ගැන අකුරැස්ස මලිදුව වැලිකැටිය ගමෙන් අසන්නට ලැබෙනවා. වැලිකැටිය මෙදේරිවත්තේ තිසරු ඩිලාන් ගේ වයස අවු 15 යි.
ඔහු ගේ මව වන 60 හැවිරිදි ඩබ්ලිව්.එච්. කමලාවතී මහත්මිය මීට වසර පහක පමණ සිට අංශභාගය නම් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ඒ වගේම තිසරුගේ පියා වන පී.ඩී.සුමනසිරි මහත්මයා මීට වසරක පමණ පෙර සිට අංශභාග රෝගී තත්ත්වයෙන් පෙළෙනවා.
මව සහ පියාට ස්ථිර ආදායමක් නැහැ. දෛනික රැකියා කරලා උපයා ගත් දෙයින් තමයි රෝගී තත්ත්වයට පත්වන තෙක් ජීවත් උනේ. මව් පිය දෙදෙනාට ප්‍රතිකාර කරන්නේ කරාපිටිය රෝහලෙන්, ඒත් ඖෂධ සහ වාහන වලට මසකට රු 11000 කට අධික මුදලක් වැය කරන්න සිදුවෙලා.
මෙයාලගේ මේ ගැටළු සියල්ලට මැදිහත් වෙන්න ඉන්නේ එකම දරුවා තමයි තිසරු. ඔහු වැලිකැටිය කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඒ වගේම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභහගයටත් පෙනී ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
වැලිකැටිය පාසලේ විදුහල්පති කරනායක මහතා කියන්නෙත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම ඉගෙනීමට දක්‍ෂ දරුවෙක් හට තමනුත් උපකාරයක් කරන බවත්, ඒ වගේම මේ දරුවාට උපකාරයක් කිරීමට ඉදිරිපත් වෙන එක ලොකු පිනක් කියලයි.
තිසරුගේ මවගේ බාල සොයුරා සහ ඔහුගේ බිරිඳත් මේ අය ගැන පුලුවන් හැටියට සොයා බලනවා. ඒත් එයාලගේ දරුවන් ගැනත් බලන ගමන් මේ වගේ දෙයක් කරන්නේ බොහොම අසිරුවෙන් කියලයි එයාලා කියන්නේ.