තිස්ස, ජී.එල්. පීරිස්, රෙජිනෝල්ඩ් ඒ අතර
පොඩි පක්ෂවල අයත් නෑ
ජාතික ලැයිස්තු නම් කිරිමේදී රටටම උතුම් ආදර්ශයක් ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කරන්නේ යහපාලන ක්‍රමවේදයට අනුකූලව මෙවර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කළ බවයි.
මැතිවරණයෙන් පරාජිතවූවන් ජාතික ලැයිස්තුවට නම් නොකර සියලූ දෙනාගේ එකඟත්වයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමට පක්ෂය කැප වූ බව ද අදාළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඊයේ නම් කළ අතර, ඊට මැතිවරණයට තරඟ කර පරාජයට පත්වූ 07 දෙනෙකුගේ නම් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.