14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොළොන්නරුවේ වන්දනා ගමනක් ගිහින්...
" සැමියා දියේ නොපෙනී ගියා. ඒ සමගම මගේ දුවත් නොපෙනී ගියා"
මින්නේරිය ගිරිතලේ වැවේ දියනෑමට ගිය පියෙකු සහ දියණියක පසුගිය (21) දහවල් දියේ ගිලී මියගොස් තිබුණා.
මෙලෙස මියගියේ මිනුවන්ගොඩ දූනගහ මිනුවන්ගොඩ පාර, අංක 50/ඒ ලිපිනයේ පදිංචි වික්‍රමපතිරන්නැහැලාගේ නිරංජන් වික්‍රමරත්න සහ ඔහුගේ දියණිය වන වික්‍රම පතිරන්නැහැලාගේ සෞමිණි තිහංසා වික්‍රමරත්න යන දෙදෙනායි.
මියගිය 45 හැවිරිදි පියා ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, මිය ගිය දියණියගේ වයස අවුරුදු 14 ක්.
මොවුන් මිනුවන්ගොඩ දූනගහ ප්‍රදේශයේ සිට පොළොන්නරුවට වන්දනා ගමනක් පැමිණි අතරතුර ගිරිතලේ වැවේ දිය නෑමට ගොස් මෙලෙස දියේ අතුරුදන් වී තිබුණා.
පසුව ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු 22 වනදා පෙරවරුවේ සොයා ගනු ලැබුවා.
කවුඩුල්ල කොට්‌ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු, එස්.ඒ. ගුණසේන මහතා විසින් සිද්ධිය වූ ස්‌ථානයේදී මියගිය දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ පවත්වනු ලැබුවා.