HIRU GOLDEN FILM AWARDS 2018 - ඔක්තෝබර් 27 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී....
දශක හතකට වැඩි කාලයක් ඉක්මවූ ලාංකේය සිනමාවංශයේ ප්‍රේක්ෂකයාගේ මනදොල පිනවා සිනමා රසිකත්වයක් තබාගත් සිනමාවේ නුතන කාල පරාසය හුදකලා බවක් ගෙන තිබේ.
එවන් මොහොතකින් සිංහල සිනමාව මුදවා යලිත් සිනමාවෙි ස්වර්ණමය යුගය දක්වා සිංහල සිනමාව ඔසවා තැබීමේ මහඟු අරමුණ කරගත් ලාංකීය ටෙලිවිෂන් නාලිකාවක් සිංහල සිනමාව වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ එකම ජාත්‍යන්තර තලයේ සිනමා උළෙලයි හිරු Golden Film Awards.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව 2014 වසරේ පළමුවරට හිරු Golden Film Awards 2014 අති උත්කර්ෂවත් ලෙසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේද 2016 වසරේදී දෙවන වරට කොළඹ නෙලූම්පොකුණ ජාතික රඟහලේද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක අසිරිය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක හද මත අමරණීයව මතකයේ තබන්නට හැකිවූ බව මේ මොහොතේ සාඩම්බරව ඔබට මතක් කරමු.
මේ උදාවී තිබෙන්නේ 2018 වසරයි. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු Golden Film Awards 2018 සම්මාන සම්ප්‍රදායේ රන් සම්මාන මංගල්‍යය 2018 ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව යළිත් පැවැත්විමට සුදානම් වන බව සතුටින් දන්වා සිටිමු.