Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අන්තවාදයන් පරාජය කිරීමට ඉතා ඉවසීමෙන් සහ දුරදර්ශිව කටයුතු කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් අනතුරුව පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මෙම අදහස් පළකළේ.

තමන් රට හමුවේ හෙළි කළ කරුණු සත්‍ය වී ඇතැයි ද ඥානසාර හිමියන් මෙහිදී සඳහන් කළා.
views455 Views
comment

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජුනි 18 සහ 19 යන දිනවල විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ දිනය තීරණය කිරීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
 
views260 Views
comment

නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව ගිය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට ටික වේලාවකට පෙර රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට වැඩම කළා.

ඒ, කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි.
views246 Views
comment
සිර දඩුවම් නියමවී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව හිමිවීමෙන් පසු බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

ආරක්ෂක අංශ උපදෙස් පිළිපදිමින් බන්ධනාගාරයේන් උන්වහන්සේ පිටත්ව ගොස් ඇති බවයි පුජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් කියාසිටියේ.

ඥානසාර හිමියන් ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණගැසීම සඳහා මේවන විට පිටත්ව ගොස් ඇතැයි ද ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රකාශ කළා.  

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ ඥාණසාර හිමියන්ට බරපතල වැඩසහිත වසර 19 ක සිර දඩුවමක් 2018 වසරේ අගෝස්තු 18 වනදා නියම වුණේ වසර හයකින් ගෙවී යන පරිදියි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කරන ලෙසට ඉල්ලනු ලැබුවේ එවක හෝමාගම මහේස්ත්‍රාත්ව කටයුතු කළ වත්මන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකයි.
views434 Views
comment
සිනමා ක්ෂේත්‍රයේ තරුවක් වීම ලෙහෙසි පහසු කට‍යුත්තක් නොවේ. එසේ වුවත් බොලිවුඩයේ තරුවක්, තාරකාවියක් වීම ඊටත් වඩා අපහසු කට‍යුත්තක්. ඒ වගේම ඒ තරු දායක වන රංගනයන්ට ඔවුන්ට ලැබෙන මුදලද ඉතා ඉහළ අගයක්. බොලිවුඩයේ පොහොසත්ම නිළියන් දස දෙනාගේ වත්කම් දැන ගන්නට බොලිවුඩය ගැන උනන්දුවක් දක්වන සියල්ලන්ම කැමති වෙනවාට සැක නැහැ.

හැමෝම බලාගෙන ඉන්නව ඇති කවුද මේ බොලිවුඩයේ පොහොසත්ම සුපිරිම නිළිය කියල දැන ගන්න.

ඒ තමයි "ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගෙන තියෙන, "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටිය තුළින් රසික හදවත් ඇඳ බැඳ ගත් සුපිරි නිළි දීපිකා පදුකෝන්. දීපිකා මේ තැනට අද ඇවිත් තියෙන්නෙ ඇගේ තියෙන දක්ෂකම, කැපවීම නිසා තමයි. අද වෙනකොට ලෝකයේම අවධානය දිනාගත් දීපිකා ඇමරිකානු ඩොලර් මිලියන හැට පහක එහෙමත් නැතිනම් රුපියල් බිලියන 11.49 ක වත්කමක හිමිකාරියක්.

ධනවත්ම බොලිවුඩ් නිළියන් අතරින් දෙවැනි තැන හිමි කරගෙන තියෙන්නේ බොලිවුඩයේ රූමත්ම නිළියක් වන කරීනා කපූර්. ඇගේ චිත්‍රපටි රංගනයෙන් ලද ආදායම සහ වෙලඳ දැන්වීම්වලින් ඉපයූ ආදයම නිසා තමයි ඇය මෙතරම් ධනස්කන්දයකට හිමිකම් කියන්නේ. ඇගේ හිමිකාරිත්වය ඇමරිකානු ඩොලර් මිලියන හැටක්. ඒ කියන්නෙ රුපියල් බිලියන 10.61 ක්.
views1,023 Views
comment
Dutee Chand කියන්නේ වයස අවුරුදු 23ක යුවතියක්. ඉන්දියාවේ Jajpur හි උපත ලැබූ ඇය ලෝකයට විවර වෙන්නේ යකඩ ගැහැනියක් හැටියටයි.

2020 ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් සදහා සුදානම් වෙන ඇය මුළු ආසියාවේම කතාබහට ලක් වූ යුවතියක් බවට පත් වෙන්නේ මීටර 100 ඉසව්වෙන් ඉදිරිපත් වෙන  හැම තරගයකින්ම ජය ගත්ත නිසාම නෙමෙයි.
views235 Views
comment
මම ඇත්තටම ටානියාට වශි වෙලා හිටියේ..
 
මට මගේ හිත පාලනය කරගන්න බැරිවුණා..
 
ජිවිතේ කියලා කියන්නේ මනුෂ්‍ය සම්බන්ධතා ජාලයක්. සමාජ සම්බන්ධතා ඇතුළෙදී අපට විවිධ චරිත, විවිධ මිනිස්සු නොයෙකුත් වේශයෙන් මුණ ගැහෙනවා. ඒ අතර අපි කැමති මිනිස්සු වගේම අකැමැති මිනිස්සුත් ඕනි තරම් ඉන්නවා. මොනා වුණත් කැමැත්ත, අකැමැත්ත, රුචිකත්වය අතර අපි දෝලනය වෙනවා.
 
මේ අතර අපි අකැමැති මිනිස්සු කැමැත්තෙන් වගේ අකමැත්තෙන් උනත් ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. මේ කතාව තමන් කැමති ජිවිත වලට අනවසරයෙන් එබිකම් කරපු තරුණයෙක් ගැන. එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න.....
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 61 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
 
මේ කතාව සුරංග ගැනයි.
views281 Views
comment
මියගිය වෛද්‍යවරයාගේ අත් පා බැඳ තිබිලා...

අද පෙරවරුවේ කොටහේන ප්‍රදේශයෙන්  වාර්තා වූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ මරණය ඝාතනයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා..

අද උදෑසන 7 ට පමණ කොටහේන පොලීසියට ලද තොරතුරකට අනුව බ්ලූමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක තිබී මෙම සිරුර සොයාගෙන තිබුනේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 67 හැවිරිදි දෙමළ ජාතික විශ්‍රාමික වෛද්‍යවරයෙක්.
views226 Views
comment
තිරගත වීමට නියමිත PM Narendra Modi චිත්‍රපටයේ මෝදිගේ චරිතයට පන පොවන ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ ඇනුම් බැනුම් වලට ලක් වෙලා ඉන්නවා කියලා තමයි ආරංචිය. එකට හේතුව වෙලා තියෙන්නේ විවේක් පහුගිය දවස්වල කරලා තියන වැඩක් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
views665 Views
comment
"මගේ අයියගේ පවුලට ත්‍රිවිල්කාරයෙක් බැල්ම දානවා...."
 
"තෝ මගේ පවුල් ජිවිතය විනාශ කළා මදිවට මගේ ගෑනිවත් බඳින්න හදනවා.."
 
මෙම සිදුවීම වාර්තා වන්නේ වීරවිල ප්‍රදේශයෙනුයි. පසුගිය මැසි දෙවනදා රාත්‍රීයේ පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබුණා.
 
"සර් වීරවිල වැව් බන්ට් එක ළඟ කවුදෝ මිනිහෙක් වැටිලා ඉන්නවා. ඇගේ හැමතැනම ලේ. මම හිතන්නේ මිනිහා මැරිලා කියලා..."
 
පොලීසියට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා කී තොරතුරු ඒ මොහොතෙම වීරවිල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමුදු කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වහා මේ සිද්ධිය වී ඇතැයි කියන ස්ථානයට යන විටත් වෙලාව රාත්‍රී එකොළහට ළඟා වී තිබුණා.
views818 Views
comment
Tanja Ludwig (33)  හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක් සිය දෙහැවිරිදි දියණිය වන Tilly Ludwig සමග ඕස්ට්‍රේලියාවේ Wollongong ප්‍රදේශයේ දී  ප්‍රපාත‍යකින් පහළට පැන සියදිවි නසාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දියණිය ඝාතනය කර ඇය සමග ප්‍රපාතයෙන් පැන සිය දිවි හානි කරගැනීමට ටික කලකට පෙර Tanja සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති බවත් සදහන් වෙනවා. ඇය සදහන් කර ඇත්තේ "its okay not be okay we all need some times support " ලෙසයි.

views310 Views
comment
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ද එක්ව තිබෙනවා.
 
ඊයේ ලන්ඩන් නුවර පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මාලිංග ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් 160,000ක මුදලකට ශාන්ත ලුසියා කණ්ඩායම මිලදී ගත් අතර ඉසුරු උදාන එම මුදලටම ශාන්ත කිට්ස් කණ්ඩායම මිලදී ගත්තා.
views249 Views
comment
"අපි බැඳලත් අවුරුදු 10 වෙනවා..."

"ඇතමුන් යුද්දේ ඉවර වුණහම ඔවුන්ව අමතක කරල දැම්මා..."

අශිකා මතසිංහ කියන්නේ වෙළෙද දැන්වීමකින් අතිශය ජනප්‍රිය වෙලා රංගනයට අවතීර්ණ වුනු රංගන ශිල්පිණියක්. පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන අශිකා දැන් සිනමා තිරයෙනුත් දැකගන්න ලැබෙනවා. මේ අශිකා ගැනයි.
 
views564 Views
comment
ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් තහවුරු කරගෙන ඇති බවයි.
 
ඉන්දීය ලෝක් සභාවේ බහුතරය ලබාගැනීම සඳහා අසන 272 ලබා ගත යුතු අතර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක සන්ධානය ආසන 300 ඉක්මවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
views569 Views
comment
"එයා කෑගහද්දී ගෑනි බෙඞ් ෂීට් එකෙන් කට වැහුවා.."

"මිනිහා මැරුණේ නැති නිසා මම ලණු පොටක් ගෙනල්ලා බෙල්ල හිර කළා..."

සිය අනියම් බිරියගේ බලවත් පෙරැත්තය මත ඇයගේ විවාහක සැමියා තියුණු පිහියකින් කපා කොටා ලණුවකින් ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි අනියම් බිරිය හා ඇය සමග සම්බන්ධයක් ගොඩනගා ගෙන මෙම සිද්ධියට හවුල් වූ සැකකරු යන දෙදෙනාම ජුනි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තිසානි තේනබදු මහත්මිය 21 වැනිදා නියෝග කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ වෙන්ඩ‍්‍රාසන්පුර 01 ප්‍රදේශයේ පදිංචි එන්.බී.සුසන්ත නම් දෙදරු පියකු හා ඔහුගේ අනියම් බිරිය වූ ගල්කිරියාගම පදිංචි ඩබ්.එම්.බණ්ඩාර මැණිකේ නම් තිදරු මවයි.
views331 Views
comment
[1]      «      4417   |   4418   |   4419      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top