ඇය මේ තරම් ලොකු දෙයක් සියල්ලන්ගෙන්ම වසන් කළේ කොහොමද...? ඒක ඇත්තටම ප්‍රශ්නයක්.. මේ පුවත වාර්තා වෙන්නේ වෙලගෙදර ප්‍රදේශයෙන්..
පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස උපන් බිලිඳිය, උපන් හැටියේම සිය ගෙවත්තේ පිහිටි ළිඳට දමා ඝාතනය කළ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවියක් මේ වන විට පොලිස් අත් අඩංගුවේ පසු වෙනවා..
මෙම සිසුවිය ඇය පදිංචි ප්‍රදේශයේ පදිංචි ගරාජ් සේවකයකු වන 25 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව පොලිසිය පවසනවා... එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිනියක් බවට පත්ව තිබෙන අතර, මේ ගැන ඇය පෙම්වතාට පවසා පසුව එය ගබ්සා වී ඇති බව කියා තිබෙනවා..
ඇය අධ්‍ය්‍යාපනය ලබන පාසලේ ඇති පාසල් නිල ඇඳුම සිරුරට තද ඇඳුමක් නොවන බැවින් සහ නිවසේ දී පවා ඇය සැහැල්ලු ඇඳුමකින් සිටීම හේතුවෙන් පසුගිය මාස 10ක කාලය පුරාම ඇය ගැබිනියක් බව කිසිවෙකුටත් දැනගන්නට ලැබී නැහැ... ඇය සිය කුස තුළ වැඩුණු බිලිඳිය බිහිකර ඇත්තේ පසුගිය 12 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීයි... නිදන කාමරයේදී බිලිඳා ප්‍රසූත කළ ඇය එම බිලිදිය ගෙවත්තේ ඇති ළිඳට දමා ඇති බව පොලීසිය පවසනවා..
මෙම සිරුර ළිදේ පාවෙමින් තිබී ඇති බව පසුගිය 14 වෙනිදා දුටු සිසුවියගේ පියා ඒ බව පොලිසියට පැමිණිලිකර ඇත්තේ කිසියම් අයකු තමන්ගේ ගෙවත්තේ ඇති ළිඳට බිලිඳු සිරුරක් දමා ඇති බව කියමින්..
එම සිරුර පොලිසිය පැමිණ ගොඩගැනීමේදී පෙනී ගොස් ඇත්තේ අලුත උපන් බිලිඳියක මෙසේ ළිඳට දමා ඇති බවයි... පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ උපන් හැටියේම බිලිඳිය ළිඳට විසිකර ඇති බවත් මියගොස් ඇත්තේ දියේ ගිලීමකින් බවයි... විමර්ශනවලින් පොලිසියට පෙනී ගොස් ඇත්තේ මේ පවුලේ තරුණියන් තිදෙනකු සිටින බවයි...
ඒ දියණිවරුන් දෙදෙනකු සහ පුතෙකුගේ විවාහක බිරියයි... ඒ අනුව පොලිසිය සිසුවියගේ පියාට දැනුම් දෙන්නේ පවුලේ දියණිවරුන් තිදනො මුලින්ම වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීම වැදගත් බවත්, ඊට තිදෙනාම එකඟවූ බැවින් රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණයකට සූදානම්කර තිබුණා.. රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේපකර තිබෙනවා..
එහිදී ඇතිවූ සැකය මත මුලින්ම වෛද්‍ය පරීක්ෂණයට යොමුකර ඇත්තේ එම සිසුවිය බව පොලිසිය කියයි.. බිලිඳා බිහිකර ඇත්තේ ඇය විසින් බව එහිදී හෙළිවී තිබෙනවා.. ඇගෙන් ඒ ගැන වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ද ප්‍රශ්න කිරීමේදී සියල්ල පවසා ඇති අතර, දරුගැබ ගබ්සා වූ බව සිය පෙම්වතාට පැවසූ බවද සිසුවිය පොලිසියට පවසා තිබෙනවා..
පෙම්වතාගෙන් ද පොලිසිය මේ ගැන ප්‍රශ්න කර තිබුණා... ඔහු ද පවසා ඇත්තේ දරුගැබ ගබ්සා වූ බව ඇය තමන්ට පැවසූ බවයි... ඇයව විවාහකර ගැනීමට පවා ඔහු කැමැත්තෙන් සිටින බව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.. අඹකොටේ හැවැන්පොල පදිංචිකාරියක වන ඇය පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිසිය සඳහන් කළා..