Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
23
මකර රාශිය බලවත් වී වෙන්න යන්නේ මොකද්ද..? ලග්න 5කට සුබ ඵල කැන්දන ග්‍රහ මාරුව ගැන හරියටම දැනගන්න...

- මකර රාශිය බලවත් වී වෙන්න යන්නේ මොකද්ද..? ලග්න 5කට සුබ ඵල කැන්දන ග්‍රහ මාරුව ගැන හරියටම දැනගන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

මේ කියන්න යන්නේ ග්‍රහඵල ගැන ඇහෙන අලුත්ම කතාවක්..

මකර රාශිය බලවත්වීම ඔබේ ලග්නයට මොන වගේ ප්‍රතිඵල ගෙනදෙයිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. 


කාලයකට පසුව මකර රාශිය බලවත් වී තිබේ.ඊට හේතුව වන්නේ අඟහරු සිකුරු බුධ සහ ප්ලුටෝ යන ග්‍රහයන් සිව් දෙනා එහි එක පොදියට ගමන් කරමින් සිටීම යි. මෙහිදී සිකුරු මකර රාශියට ඉතා බලවත් තත්ත්වයන් ආරෝපණය කරයි.ඒ 05 වැන්න සහ 10 වැන්නාධිපති වශයෙනි.අඟහරු ග්‍රහයා මකර රාශියට උච්ච වන මහ බලවතෙකි.ඊට අමතරව ඔහු මකරයේ 4 සහ 11 අධිපති ද වේ. බුධ මකරයෙන් 06 සහ 09 අධිපති වෙයි. එය එතරම් හිතකර පිහිටීමක් වන්නේ නැත. එමෙන් ම ප්ලුටෝගේ ගමන ද යහපත් වන්නේ නැත.

එය එසේ වන මුත් මකර වේගවත්ය. එහෙත් ඝන ස්වභාවයෙන් යුතු රාශියක් තුළ සිකුරු සහ අගහරු සංයෝග වීම බෙහෙවින් ලස්සන විසිතුරු අවස්ථාවකි. ටොලමියානු ලෝකායන නක්ෂත්‍රවේදය අනුව සිකුරු යනු මනහර ශෘංගාරාත්මක ස්ත්‍රීමය නිමිත්ත වේ. සිසිල් සෞම්‍ය ජල ස්වභාවය නියෝජනය කරන්නීය.අඟහරු යනු හැඩි දැඩි ගිනි ස්වභාවය නියෝජනය කරන පුරුෂමය නිමිත්ත වේ.නූතන ලෝකයේ ස්ත්‍රිය සහ පුරුෂයා සංකේතවත් කිරීමට යොදා ගනු ලබන්නේ ද අඟහරු සහ සිකුරු යන ග්‍රහයන් සඳහා යොදා ගනු ලබන Astrology සංකේත රූප දෙකම ය.
ලංකාවේ ලග්නය කුම්භ වන හෙයින් මේ සියලු ග්‍රහයන් බලවත් වන්නේ රටේ ලග්නයෙන් 12 වැන්නේ ය.එයින් පෙන්නුම් කරනු ලබන්නේ තවදුරටත් ඍණාත්මක චිත්‍රයකි.රටත් රටවැසියාත් ආණ්ඩුවත් විපක්ෂයත් යන සියලු පාර්ශ්වයන් විදෙස් අත පෙවීම් සහ බලහත්කාරී පීඩනයන්ට නතු වන කාලයකි.එහෙයින් මේ කාලවකවනුවේ කුමන හෝ විදෙස් රටක් සමඟ ඇති කර ගනු ලබන ගිවිසුම් සම්මුති යනාදිය ලංකාවට හිතකර වන්නේ නැත.


මෙරට ආණ්ඩුව හෙවත් පාලකයා නියෝජනය කරනු ලබන වෘශ්චික රාශියේ අධිපති අඟහරු සහ විපක්ෂය නියෝජනය කරනු ලබන වෘෂභ රාශියේ අධිපති සිකුරු යන ග්‍රහයන් දෙදෙනා ම එකිනෙකාට එරෙහිව ඉස්මතු වීමට උත්සාහ කරන මුත් 2024 මාර්තු 06 දා වනතුරු විපක්ෂ දේශපාලන බලවේගවලට අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. එහෙත් මාර්තු 14 දා සිට අප්‍රේල් 25 දක්වා වූ කාලය තුළ ආණ්ඩු පක්ෂයට තම බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීමට හැකි විවෘත පරිසරයක් නිර්මාණය කෙරෙන අතර මේ කාලයේ කොයි කවුරුත් පරෙස්සම් වීම අත්‍යවශ්‍ය වේ.

මෙ කාලය පොදුවේ රටට අහිතකර උද්වේගකර සිදුවීම් බහුල කාලයක් වනු ඇත. සමස්තයක් වශයෙන් ගතහොත් 2024 පෙබරවාරි, මාර්තු, අප්‍රේල් යන මාස තුනක කාලය මෙරට අශීලාචාර විනාශකාරී කරැණු රැසකට පසුබිම සකස් වන ආකාරයක් පෙන්නුම් කරයි. එයින් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් ජනතාවත් යන තුන් පාර්ශ්වය ම පීඩාවට ලක්වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් 2024 අප්‍රේල් 25 සිට ලංකාවේ දේශපාලන ගමන් මාර්ගය බෙහෙවින් උණුසුම් පෙරළිකාර අන්තයක් කරා යොමු වනු ඇත. එය මැයි මාසයේ 02 දා සිට ඉතා පැහැදිලිව විද්‍යාමාන වන්නට පටන් ගනී. කෙසේ නමුත් මකර රාශියේ එක්ව ගමන් කරන සිකුරු සහ කුජ විසින් එක් එක් ලග්නවලට ඇති කරන බලපෑම කෙටියෙන් විමසා බලමු.




ලග්න පහකට සුභඵල



මේෂ ලග්නය

මේෂ ලග්න හිමියන්ට තම වෘත්තීය හෝ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඉතා වාසිදායක බලවත් අවස්ථාවක් නිර්මාණය වෙයි.අලුත් රැකියා අපේක්ෂා කරන අයටත් දැනට රැකියාවෙහි නියුතු උසස්වීම් අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න හිමියන් සඳහා ප්‍රමුඛත්වයක් ලැබේ.සමාජ දේශපාලන ක්‍රීඩා සංගීත කලා කටයුතු ආදියෙහි නියුතු මේෂ ලග්න හිමියන් අන් අය අභිබවා කැපී පෙනෙන ජයග්‍රහණ හිමිකර ගනී. තම ආත්ම විශ්වාසය ඉහළ නැංවෙන අතර සහජ නායකත්ව ලක්ෂණ ඉස්මතු වෙයි. අන් අය අතර ආකර්ෂණය දිනා ගනී.එහෙත් මාර්තු මාසයේ 17 දක්වා අතර කාලයෙහි අනවශ්‍ය නීතිමය අවහිරතාවලට ලක්විය හැකි හෙයින් අතිධාවනකාරී තීරණ නොගැනීම අත්‍යවශ්‍ය වේ.


වෘෂභ ලග්නය

විදෙස් අධ්‍යාපනය හෝ විදෙස් රැකියා අපේක්ෂා කරන වෘෂභ ලග්න හිමියන්ට ඒ සඳහා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි.එහෙත් රැකියා ස්ථානයේ හදිසි තීරණ ගැනීමට හෝ ස්ථාන මාරුවීම් ඉල්ලා සිටීම ආදි කටයුතු අතින් අවාසිදායක තත්ත්වයන් ඉස්මතු විය හැකිය.හෘද හෝ පෙණහලු රෝග සහිත අය වෙත් නම් තම සෞඛ්‍ය කෙරෙහි මේ කාලයෙහි සැළකිලිමත් විය යුතුය.වැරදි වැටහීම් හෝ අතිධාවනකාරී තීරණ ගැනීම හෝ හේතු කොටගෙන යුග ජීවිතයට හෝ ප්‍රේම සබඳතා යනාදියට හානි ඇති විය හැකි හෙයින් ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍ය වේ.


මිථුන ලග්නය

මිථුන රාශියෙන් උපන් අය තම තමාගේ සෞඛ්‍ය තත්වයට කෙරෙහි වැඩ අවධානය යොමු කළ යුතු කාලයක් බව පෙන්නුම් කරයි.ඊට ප්‍රධානම හේතුව වන්නේ කුජ සහ සිකුරු යන ග්‍රහයන් දෙදෙනාම ඔබලේ ලග්නයෙන් 8 වැන්නේ ගමන් කිරීමය. විශේෂයෙන්ම රැධිරගත මේදය රැධිරගත සීනි අක්මා සහ වකුගඩු අශ්‍රිත රෝගාබාධයන්ගෙන් පෙලෙන අය හෝ එවැනි පවුල් පසුබිමක් සහිත අය වේ නම් තම තමාගේ ආහාර පාන ගැනීමෙදී මෙන්ම අනෙත් ඇවතුම් පැවතුම් වලදී වගේම විශේෂයෙන් ප්‍රවේසම් විම වැදැගත්වේ. හේතුව වන්නේ ආහාර විෂ වීම සඳහා වැඩි ඉඩක් නිර්මාණය වෙන නිසාය. ඊට අමතරව අධ්‍යාපනය හදාරන ,විවිධ අත්හදා බැලීම් කරන , නිර්මාණශිලි ක්‍රියාකාරකම් කරන මිථුන ලග්න හිමියෝ වේ නම් ඒ අයට මේ කාල සීමාව තුළ හොඳ අවස්ථාවන් සහ තමාගේ හැකියාවෙන් පෙන්විමෙන් ජයග්‍රහණ ලබා ගැනිමේ පරිසරයක්ද නිර්මාණය වේ. එමෙන්ම කල් පසු වූ නඩු , කල් පසු වූ ණය ,ලැබීමට තිබූ උසස් වීම් හිඟ වැටුප් වරප්‍රසාද ආදිය අපේක්ෂාවෙන් සිටින මිථුන ලග්න හිමියෝ වෙත්නම් ඒ අයට මේ කාලයේදී අරමුණු ඉටු කරගැනිමට අවස්තාව සැලසේ.



කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ හත් වැන්නෙහි කුජ සිකුරැ සංයෝගය හට ගනී. මෙය සියයට පනහට පනහක තත්වයකින් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර හවුල් ගිවිසුම් යනාදිය සම්බන්ධව වෘත්තින් වල නියැලී සිටින අය හෝ නිතර සමාජ සම්බන්ධතා සහිත වෘත්තින් වල යෙදෙන කටක ලග්න හිමියන් වෙත්නම් මේ කාලයේදි තම හැඟීම් පාලනය කර ගැනීමට වගබලාගත යුතුවේ. එහෙත් ඉතාම සාර්ථක මංගල යෝජනා මෙන්ම යුග ජිවිතයකට යාමට බලාපොරොත්තු වන කටක ලග්න ලාභීන්ට මෙම කාලය ඉතා යහපත් වනු ඇත. නීති ප්‍රශ්න උද්ගත විය හැකි හෙයින් අන් අයගේ බැංකු ගිණුමට හෝ ණයමුදල් වලට ඇප වීමේදී ප්‍රවේසමෙන් කටයුතු කිරීම යහපත් වේ.



සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ හය වැන්නේ කුජ සහ සිකුරැ සංයෝගය හට ගනී. තමාට එරෙහිව පැවති චෝදනා අපවාද ආදිය ට මුහුණ දෙමින් හෝ එවැනි සතුරැ සිතින් ක්‍රියාත්මක වූ අයට එරෙහිව සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට මේ කාලය සුදුසුය. එමෙන්ම කාලයක් තිස්සේ විසඳා ගැනීමට නොහැකිව තිබූ හවුල් ව්‍යාපාර ආදී ගිවිසුම් වලින්ද යම් ව්‍යාපාර වලට අත්සන් කිරීම සඳහා තිබූ ප්‍රමාදයන්ද මේ කාලයේදි මග හැරී යන බව පෙන්නුම් කරයි. ඒ වගේම විරැද්ධ ලිංගිකයන්ගෙන් ඔබවෙත එල්ලවෙන ආකරශණය ඉහල යනු ඇත. ඒ සම්බන්ධයෙන් වැඩි පරිස්සමක් දැක්වීම අත්‍යවශ වන්නේ චරිතය පලුදු විය හැකි නින්දා අපහස චෝදනා ආදියට ලක් වීමට ඉඩකඩක් නිර්මාරණය විය හැකි බැවිනි.



කන්‍යා ලග්නය

කන්‍යා ලග්න හිමියන්ගේ කෝන්දරයේ ත්‍රිකෝනස්ථානය වූ පස්වැන්නේ කුජ සිකුරැ සංයෝගය හට ගනී. එය ඉතා බලවත් තත්වයකි. වෙනදාට වඩා සමාජයේ ආකර්ශනයට ,පිළිගැනීමට ලක්වන අවස්ථා නිර්මාණය වේ. දෙවැන්න සහ නවවැන්න අධිපති සිකුරැ ග්‍රහයා පස්වැන්නේ බලවත් වීම හේතු කොට ගෙන බොහෝ විට විදේශ මුදල් උපයන ක්ෂේත්‍රයක සම්බන්ධ අයෙක් නම් හෝ විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් වනු ඇත. විවාහා ජීවිතයට ඇතුළත් වීම සඳහා සහකුරැවකු හෝ සහකාරියක් සොයමින් සිටින අයට මෙන්ම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන අයට එම සම්බන්ධතා තහවුරැ කර ගැනීමටත් එම සම්බන්ධතා තහවුරැ කර ගැනීමටද මේ කාලය සුදුසු වනු ඇත.



තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ හතර වැන්නේ කුජ සිකුරැ සංයෝගය හට ගන්නා අතර මෙය ඉතා බලවත් තත්වයක් ලෙස පෙන්නම කරයි. කෘෂිකර්මය, ගේදොර , වාහන ,ඉඩකම් අලෙවිය ආදි ක්ෂේත්‍රයන්ට අදාලව ව්‍යාපාර හෝ රැකියා වලට සම්බන්ධ තුලා ලග්න හිමියන්ට විශේෂ වාසි ලබාගත හැකි කාලයකි. නව නිවාස ඉදිකිරීමට හෝ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර ගැනීමට මේ කාලය වඩාත් වාසි දායක කාලයකි. විවහාය හා ප්‍රේමය සම්බන්ධයෙන් ගත හොත් දෙපාර්ශවය අතර අනවශ්‍ය මතභේද උත්සන්න විය හැකි තත්වයක් තත්වයන් නිර්මාණය විය හැකි හෙයින් ඉවසිලිවන්තට කටයුතු කල යුතුය.



වෘෂ්චික ලග්නය

වෘෂ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ කුජ සිකුරැ සංයෝගය හටගන්නේ තුන්වැන්නේ . එය ඉතාම බලවත් වන අතර තම සහජ හැකියාවන් මත පදනම්ව රැකියා වෘත්තිය කටයුතු කරන වෘශ්චික ලග්න හිමියන්ට මේ කෙටි කාලයේදී විපුලපල ලැබිය හැකිය. සංගීත කලා හෝ ජනමාධ්‍ය ක්ෂේත්‍රය හෝ ප්‍රාසාංගික මට්ටමේ නිර්මාණ කරන වෘෂ්චික ලග්න හිමියන්ට මේ කාලයේදි තම නිර්මාණ කල එළි දක්වන්නත් එසේ නැති නම් නව නිර්මාණ පටන් ගැනීමටත් මෙය ඉතාම උචිත කාලයකි. රැකියා අවස්ථා හෝ තම සහජ රැකියාවන් සඳහා අවස්තා සොයමින් සිටි වෘෂ්චික ලග්න හිමියන්ට ඒවාට ඉල්ලුම් කිරිමට ද හැකියාව පවතී. විරැද්ධ ලිංගිකයන් සමග ගණුදෙනු කිරිමේදි ඔබගේ ආත්ම සංයමය පවත්වා ගැනීම වගබලාගත යුතුය. නොඑසේනම් අනවශ්‍ය ආකාරයේ අපවාදයන් ට හෝ නීතිමය වශයෙන් යම් අර්බුදයන්ට මුහුණ දිමේ අවධානමක් පවතී.



ධනු ලග්නය

ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ දෙවැන්නේ කුජ සිකුරැ සංයෝගය හටගන්නා අතර පහ සහ දොළහ අධිපති කුජ ද හය සහ එකොළහ අධිපති සිකුරැද වශයෙන් යෙදේ. ධනු ලග්න හිමියන්ට මෙය එතරම් හිතරක තත්වයක් ලෙස පෙන්නුම් නොකරයි. ඊට හේතුව වන්නේ අනවශ්‍ය වියදම් ප්‍රමාණයක් එකතු වීමයි. එහෙත් මේ කාලය තුළ විශාල පිරිවැයක් දරමින් මුදල් වැය කිරිමට සිදුවන නමුත් එය මුදල් පෙරලා ලැබෙන මාර්ගද මේ කාලයේදි ස්මතු වනු ඇත. අන් අය සමග කතාබහ කිරිමේදි ඔබගේ වචන හේතු කොට ගෙන සිත් රිදිම් පළුදු වීමට ඉඩ ඇති හෙයින් පරිස්සම් විය යුතුය. පදිංචි ස්ථාන මාරැ කිරිමට හෝ රැකියා ස්ථාන වලින් ස්ථාන මාරැ ලබා ගැනීමට කාලයක සිට සැලසුම් කරන ධනු ලග්න හිමියන්ට එය ඉල්ලුම් කිරිමට මෙය සුදුසු කාලයකි.



මකර ලග්නය

මකර ලග්න හිමියන්ගේ ලග්න ශීර්ෂය මත කුජ සිකුරැ සංයෝගය හට ගනී. මෙය ඉතා කලාතුරකින් හට ගන්නා ඉතා බලවත් තත්වයකි. තම පෞර්ශය සහ හැකියාවන් පිළිබඳව මනා ආත්ම විශ්‍වාසයක් ගොඩ නැගේ. ඊට හේතු වන්නේ හතර සහ එකොලොස්වැන්නාධිපති කුජ ලග්නය මත උච්ච වීම නිසාය. එමෙන්ම පස්වැන්නාධිපතියා සහ දසවැන්නාධිපතියා වූ යෝග කාරක සිකුරැ ලග්නය මතට පිවිසීම ඉතා යහපත් ග්‍රහ බලයකි. ඒ අනුව ගත් කල කුජ සිකුරැ සංයෝගයේ උපරිම වාසිය අත්කරගන්නේ මකර ලග්න හිමියන් බව පෙන්නුම් කරයි. තරග විභාග ,උසස් වීම්, රැකියා අවස්ථාවන්, ජනප්‍රසාධය ලැබීම් සම්බන්ධයෙන් අන් සියල්ලන් අභිබවා කැපී පෙනේ. ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් බාධා කාරී තත්වයන්ට නතුව සිටි මකර ලග්න හිමියන් වෙත්නම් ඒ අයට සුදුසු විවාහ යෝජනා ඉදිරිපත් වේ.



කුම්භ ලග්නය

කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ කුජ සහ සිකරැ සංයෝගය හට ගන්නේ දොලොස්වැන්නේ ය එය එතරම් හිතකර තත්වයක් නොවේ. හතරවැන්නාධිපතියා සහ නවවැන්ධිපතියා ලෙස සිකුරැද, තුන්වැන්නධිපති සහ දසවැන්නාධිපති යා ලෙස කුජද කේන්දරයේ මරමස්ථානයකට පිවිස සංයෝග විම සැම අතින්ම අභියෝගාත්මකය. තැන්පත් ධනය රැකියාව නිවාස ඉඩකඩම් සම්බන්ධයෙන්ද සමාජ සම්බන්ධතා පැවැත්විමෙන්ද තම ජිවිතය ජීවිතය සම්බන්ධයෙන් දිගු කාලීන බලපෑම් ඇති කරන තිරණ ගැනීමේදිද කුම්භ ලග්න හිමියන් ඉතා සැලකිලිමත් විය යුතුය. මාරතු මස 17 පසු වනදා තුරැ ඉහත කී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හදසි තීරන ගැනීමට නොයා කිසියම් ඉවසිලිවන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුවේ. ඔබගේ හිතට සහ හිසට දැනෙන පීඩනය ක්‍රමයෙන් වැඩි වන හෙයින් සූරිය පිරත හෝ අභිසම්භිදාන පිරිත සඡ්චායනා කිරිමෙන් හෝ ශ්‍රවණය කිරිමෙන් සහනය ලැබිය හැකිය.



මීන ලග්නය

මීන ලග්න හිමියන්ගේ කේන්දරයේ කුජ සිකුරැ සංයෝගය හට ගන්නේ එකොලොස්වැන්න නම් බලවත් ස්ථානයේය. එහෙත් දෙවැන්න සහ නවවැන්නදිපති කුජ එකොලොස්වැන්නෙහි සුභපල ගෙනදෙන මුත් තුන්වැන්නාධිපති සහ අටවැන්නැධීපති සිකුරැ විසින් ඒ තත්වයට දැඩි බාධා කිරිම් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම විදේශ මුදල් ,විදේශ ව්‍යාපාර , විදේශ රැකියා සම්බන්ධයෙන් කටයුතු කරන මීන ලග්න හිමියන්ට සුවිශේෂි ජයග්‍රහන ලැබෙන කාලයකි. එහෙත් අවධනම් සහගත ආයෝජන හෝ අවධානම් සහගත හවුල් ව්‍යාපාර යෙදෙන මීන ලග්න හිමියන්ට අනපේකිෂිත පරාජයන් අත්විය හැකි හෙයින් හැම විටම ගැඹුරින් කරැණු සොයා බලා තීරණ ගැනීම වැදගත්වේ.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top