Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
22
ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගයත් සමඟින් අලි - දුම්රිය ගැටුම් වලකන ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි.

- ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගයත් සමඟින් අලි - දුම්රිය ගැටුම් වලකන ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

මේ කියන්න යන කතාව ගොඩ කාලයක ඉඳන් හැමෝම ආසාවෙන් බලන් ඉඳපු වැඩක්.


මේ ඒ ගැන තබා තිබූ සටහනක්.

ශ්‍රී ලංකාවේ දුම්රිය වල හැපී මියැදෙන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව රැසක් දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත් දුම්රිය වල අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් අප අපොහොසත් වී තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, සුරකිමු දුම්රිය ජාතික වයාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කළ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය අලි - දුම්රිය ගැටුම් වැළැක්වීම උදෙසා යෝජනා රැසක් මීට සති කිහිපයකට පෙර රජයට ඉදිරිපත් කරන ලදි. ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ පසුගිය වසර කිහිපය තුල දුම්රිය වල ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය, අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර වන අලි 150 - 200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන, කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවය.
මේ පිළිබඳව මූලික සාකච්ජා කිහිපයක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සමඟ අප පැවැත් වූ අතර, එහා ශක්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමෙන්තු නිලධාරීන් සමඟ නිරීක්ෂණ චාරිකා කිහිපයකටද අප කණ්ඩායම සහභාගී විය. එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් අවශ්‍ය දිග පළලින් යුතුව සංවර්ධනය කිරීමට අප යෝජනා කළද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවී උමගක් සෑදීමට අප යෝජනා කළෙමු.
එම වනජීවී උමං මාර්ගය සෑදීමේ ව්‍යාපෘතිය සහ අලි - දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ සාකච්ඡාවක් අද දින (පෙබ. 21) ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවිත්විනි. ඒ සඳහා පුවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමෙන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන වල ප්‍රධානීන්, ඕස්ට්‍රේලියාන් රජයේ නියෝජිතයින්, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
එහිදී අලි - දුම්රිය ගැටුම් වලකන ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන් යෝජිත වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහව - අනුරාධපුර දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට ප්‍රතිපත්තිමය තීරණය ගත් අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු නිල වශයෙන් ආරම්භ විය.
වන අලි 200 කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගැනෙන දැවැන්ත පියවරක් වන අතර පරිසර සංවිධාන වශයෙන් අපි අත්කරගත් විශාල ජයග්‍රහණයකි. ඊට අමතරව දුම්රිය අනතුරු වළක්වා දුම්රිය දේපළ ආරක්ෂා කරගැනීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම ව්‍යාපෘතිය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.
ඊට අමතරව අලි - දුම්රිය ගැටුම් අවම කිරීම උදෙසා ඕස්ට්‍රේලියානු සහ ඇමරිකා එක්සත් ජනපද රජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික වැඩසටහන පිළිබඳව වැදගත් තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී ගත් අතර සියළුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකඟතාවයකට එළැඹිණි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීමට ජූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලියු. බණ්ඩාර මහතා, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අසෝක මුණසිංහ මහතා, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ. එල්. තවුෆීක් මහතා ප්‍රමුඛ නිලධාරීන්ද, ඕස්ට්‍රේලියානු රජයේ පරිසර දෙපාර්තමේන්තුවේ ආචාර්ය පරණගම මහත්මියද, ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ද සහභාගී විය.
Palitha Wickramarathne

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top